( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ලංකා ජාතික වතු කම්කරු සංගමයට අයත් වාහන සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, විකිණීම හා එම සංගමයට අයත් බැංකු ගිණුම් ඇප කරයට තබා බැංකුණය ලබා ගැනීම වළක්වාලමින් එම සංගමයේ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් යන දෙදෙනාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝග දෙක ලබන ජූලි 08 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (24) තීන්දු කළාය.
එම වාරණ නියෝග ඉවත් කරන්නැයි වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ සුරේෂ් වඩිවේල් යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ පර්මාන් කාසිම් මහතා කළ ඉල්ලීමක් ඉවත දමමින් කොළඹ දිසා විනිසුරුවරිය මෙම වාරණය දීර්ඝ කළාය.
වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ සුරේෂ් වඩිවේල් යන මහත්වරුන් විසින් සිය සංගමයේ වත්කම් පෞද්ගලික පරිහරණය ලබා ගන්නා බවත් ඒවා වළක්වන වාරණයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සාමාජිකයින් දෙදෙනෙකු වන මැටියන ගෙදර ගුණතිලක සහ සිවාජි රාසා පාක්‍යනාදන් යන නැමැත්තන් විසින් ගොනු කළ පැමිණිල්ල ඊයේ කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරනු ලැබීය.
එම පැමිණිල්ල ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ පර්මාන් කාසිම් මහතා කියා සිටියේ මෙම වාරණ නියෝග නිසා 27,000කට අධික වූ එම සංගමයේ සාමාජිකයින්ට බලවත් අගතියක් සිදුවන බවත් , එහෙයින් එකී වාරණ නියෝග විසුරුවා හරින්නැයි දිසා විනිසුරුවරයා ගෙන් ඉල්ලා සිටියේය.
එම කරුණු දැක්වීම් සලකා බැලූ දිසා විනිසුරුවරිය ලංකා ජාතික වතු කම්කරු සංගමය සතු චෙක්පත් වලට අත්සන් කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය පමණක් ඉවත් කිරීමට තීන්දු කළ අතර , එම සංගමයට අයත් වාහන සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, විකිණීම හා එම සංගමයට අයත් බැංකු ගිණුම් ඇප කරයට තබා බැංකු ණය ලබා ගැනීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝග දෙක ලබන ජූලි 08 වැනිදා තෙක් දීර්ඝ කළේය.
සිය සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්තරා රාජ්‍ය බැංකුවක පවත්වා ගෙන යනු සිය සංගමයේ බැංකු ගිණුමේ තැන්පතු ඇපකරයට තබා රුපියල් මිලියන 3ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් , සභාපති ධූරයේ කටයුතු කළ වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් සංගමයට අයත් වාහන පෞද්ගලික පරිගණකයට ගැනීම ඇතුළු අක්‍රමිකතා සිදු කරන බව පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබිණි.
පෙත්සම්කාර සංගමය වෙනුවෙන් විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඞ් පෙරේරා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පර්මාන් කාසිම් මහතා පෙනී සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හරීන්ට- වඩිවේල් සුරේෂ්ට පැනවූ වාරණ නියෝග දෙක දිර්ඝ කරයි
Prabha Wednesday, 24 June 2020 12:06 PM
කතාව නම් සාන්තුවරයන්ගේ වගේ...