(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 2.00 න් පසුව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, වනෝද්‍යානයට ඇතුළුවීමේ ප්‍රධාන දොරටු වන ඔහිය හා පට්ටියපොළින් ප්‍රවේශපත් නිකුත් කරන්නේ උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. එම්. පී. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ඇතුළු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹීම සඳහා දෙස් විදේස සංචාරකයන්ට කිලෝමීටර් 8යි මීටර් 8ක දුරක් පාගමනින් යායුතුව ඇති බවත්, ඒ සඳහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගතවෙන බැවින් එම කාලය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවත් ඒ මහතා කීය.
පා ගමනින් ගොස් නැරඹීම සඳහා මෙරට ඇති ප්‍රධානතම වනෝද්‍යානය හෝර්ටන්තැන්න වනෝද්‍යානය බවත්, එහි වෙසෙන වන සතුන්ට නිදැල්ලේ හැසිරීම පිණිස වනෝද්‍යානය සවස 6.00 ට වසා තැබෙන බවත්, පස්වරු 2.00 න් පසුව ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබුවහොත් වනෝද්‍යානයට එම වේලාවට ඇතුළුවන සංචාරකයන්හට පස්වරු 6.00 ට පිටතට පැමිණීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු කීය.
උදෑසන 6.00 වනවිට විදේශීය සංචාරකයන් වනෝද්‍යානය නැරඹීමට ඊට ඇතුළුවන බවත්, දේශීය සංචාරකයන්ටද හෝර්ටන්තැන්න වනෝද්‍යානය නැරඹීමට හැකි තරම් උදෑසන කාලයේ පැමිණෙන ලෙසත්, එවිට වනෝද්‍යානයේ නියම සුන්දරත්වය කලබලයකින් තොරව නිවී සැනසිල්ලේ නැරඹිය හැකි බවත් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජල උල්පත්වල ආරම්භය, පතන් බිම්වල නිදැල්ලේ සැරිසරන ගෝනුන්, විවිධ කුරුල්ලන්, උස් කඳු මුදුන්, මල්වර්ග ඇතුළු අතිශය සුන්දර පරිසර පද්ධතියකින් සමන්විත හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයෝ 500,000කට අධික ප්‍රමාණයක් වසරකට පැමිණෙති.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හෝර්ටන්තැන්න නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ප.ව. 2ට අවසන්