IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෝර්ටන්තැන්න තෙමසකට පසු විවෘත කරයි

(ප්‍රසාද් රුක්මල්)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිර යාමේ අවදානම නිසාවෙන් වසා දමා මාස තුනකට පසුව යළි විවෘත කිරිමත් සමඟ මේ දිනවල වනෝද්‍යානය නැරඹීම සදහා දේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමට පටන්ගෙන ඇතැයි උද්‍යාන භාර නිලධරයෝ පවසති .

මෙම වන උද්‍යානය යලි විවෘත කිරිමෙන් පසුව විදේශීය සංචාරකයන්ගේ පැමිණීම බෙහෙවින් අඩුවී ඇති අතර,දේශීය සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් තිබෙන බව ඔවුහු කීහ.

පසුගිය මාස තුනක පමණ කාලයක් පුරා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය වසා දමා මිනිස් ජනාවාසයෙන් තොරව තිබිමෙන් එහි තෘණ භූමි මනාලෙස සරුසාරව වැවී හරිත පැහැගැන්වී දියඇලි ජලය පිරි පවතී.

මෙම උද්‍යානයට ආවේනික ඉතා දුර්ලභ ගනයේ ශාක විශේෂයක් වන මහරත්මල් (අශෝක මල්) ගස්කොළන් වල රතු පැහැති මල් පිපිමේ දිනවල පරිසරය ඉතා අලංකාර වී තිබෙන අතර, උද්‍යානයේ ස්වභාවික දුර්ලභ ගනයේ ශාක විශේෂයන් මනා ලෙස වැඩී පරිසරය අලංකාර වී ඇත.

ගෝනුන් ,දිවියන් වැනි දුර්ලභ වනසතුන් මේ දිනවල දැක ගැනීමට හැකි බවද මෙම උද්‍යානයේ නිලධාරීන් කීහ .

විශේෂයෙන් මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානය පස්වරු 2.30 වන විට වසා දමා ඇතුළු වී සිටින සංචාරකයන්ට සවස 4.00 වන විට උද්‍යානය තුලින් පිටතට යන ලෙසට උපදෙස් දී ඇති බවත් ,පොලිතීන් ,ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය මෙන්ම ආහාර වර්ග උද්‍යානය තුළට ගෙන යාම තහනම් කර ඇතැයි වනජීවී නිළධාරීන් සදහන් කළේය .

කෝවිඩ් 19 වයිරසය පැතිර යාම වැළැක්වීම සදහා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණෙන  සංචාරකයන්ට උපදෙස් ලබා දී ඇති බවත්, දිනකට සංචාරක කණ්ඩායම් 50ක පමණ පිරිසකට වනෝද්‍යානය නැරඹීම සදහා අවස්ථාව සලසා ඇති බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියේය.

 

 



අදහස් (4)

හෝර්ටන්තැන්න තෙමසකට පසු විවෘත කරයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 10:17 AM

මේ සුන්දර දසුන් මොනතරම් අලංකාරද? මිනිසා නැමැති භයානක ආත්මාර්ථකාමී සත්වයා මිහිපිට නොසිටියේ නම් ලොව සෑම තැනම මෙසේ නොවේද? සතා සිව්පාවාටත් අයිති මහපොළවට ඔප්පු තිරප්පු හදා ඒවා අයිතිකරගෙන සිටිනවාට අමතරව මේ අසරණ සතුන් සිටිනුයේ තමාගේ ආහාරවේල රසවත් කිරීමටයි.. යන ආත්මාර්ථකාමී පව්කාර අදහසේ එල්බගෙන සිටින මිනිසා තිරිසන් සතාටත් වඩා පහළ මට්ටමට ඇද වැටී ඇත.

:       2       100

විජිත් Monday, 22 June 2020 10:35 AM

සුන්දර දසුන් ගොඩාක්... මේ ප්‍රදේශයටම අවේණික වුණු " මා රත්මල් " පිපිලා..!!!...කොරෝනා කියන මිනීමරුවා කළ හොඳ වැඩක් ගැනත් කියන්න එපැයි.. ඒ තමා "නොමිනිසා" කියන මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාව මාස 3ක් පමණ ලොක් ඩවුන් කිරීම... ඒ නිසාම... නොමිනිසාට බයේ සැඟවී සිටි වන සතුන් එළි පෙහෙලියට ඇවිත්... වායුගෝලයේ විෂ වායු අඩුවීමෙන් ගස් වැල් ප්‍රබෝධයෙන්.. මිතුරෙක් කීවා මේ දිනවල හෝර්ටන් ප්ලේස් වල වනජීවී කාර්යාලය අසලත්... හෝර්ටන් තැන්නේ සත්වයා ලෙස හඳුන්වන ගෝන්නුන් ගැවසෙනවාලු. වනෝද්‍යානයේ ඇතුලේ පාරවල්වල කොටි වැතිරිලා ගිමන් හරිනවාලු. කොටි චුට්ටන් අම්මලත් එක්ක සෙල්ලම් කරනවාලු.. වනජීවී වාහන ඒ ගොල්ලෝ දැන් ගණන් ගන්නේ නැහැයිලු.. කාලය ඇත්තටම නුඹ පුදුම මිතුරෙක්..!! වෙලාවකට නපුරුයි. එ්ත් වෙලාවකට සොඳුරුයි. මට වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම ගහලා දාලා ඇවිත් මේ වගේ වනයක් ඇතුලේ ජිවිතයේ ඉතිරි කාලය ගෙවන්න ඇතිනම් කියලා.. ගැහැනියක්.. දරුවෙක්.. නැති මට ..මේ සතුන් ඔක්කොම මගේම දරුවන් වේවි..!!! මගේ අවසාන මොහොතේත්..

:       1       301

විජිත් Monday, 22 June 2020 01:56 PM

සහතික ඇත්ත සමිත. මගේ මිත්‍රයෙක්ගේ මිත්‍රයෙක් ඉන්නවා, මිනිහා අමුතුම "සතෙක්" කිව්වොත් නිවැරදියි. වරක් අපි උඩවලවේ යද්දී එයත් අපිත් එක්ක ආවා. විශාල කබරයෙක් ප්‍රමාණයේ සතෙක් පාර හරහා ගිහින් වැට අයිනේ නතරවුණා. අපි හිමින් සැරේ ගිහින් බැලුවා. මම හිතුවෙම කබරයෙක් කියලා.. නමුත් අන්තිමට තේරුම් ගත්තා මේ විශාල තලගොයෙක් කියලා. මම සත්තුන්ගේ මස් ආහාරයට නොගන්නා බව මේ මිතුරා දන්නේ නැහැ. මම ඒ සතාදිහා තවත් බලාගෙන හිටියේ හරි සතුටින්... මෙන්න මේ මනුස්සයා කියනවා "මිරිස් ටිකක් වැඩිවෙන්න දාලා උයලා ගත්තා නම් නියමයි..." කියලා. මට දහදිය දැම්මා. මට පසුව දැනගන්න ලැබුණා... ඔය කිව්ව පුද්ගලයා ඕනෑම සතෙක්ව ආහාරයට ගන්නවාලු. ඕනෑම සතෙක්ව උයන ක්‍රමයත් සතාව දැක්ක ගමන් කියනවාලු... ඔය වගේ තව කීදෙනෙක් මේ ධර්මද්වීපයේ ඇතිද..? ඔවුන්ගෙන් බේරිලා මේ සතුන් ජීවත්වෙන එකත් පුදුමයක්...

:       0       101

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 05:00 PM

සහතික ඇත්ත විජිත්, ඒවාගේ මිනිසුන් සිටිනවා. මගේ මිතුරෙකු සිටියා. එයා ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරුවෙක්... එයාට දෙනියාය පැත්තේ තේ වත්තක් තියෙනවා. එයාට සතුන් මරණ අයව පේන්න බැහැ. ඒ තරම් සතුන්ට ආදරෙයි. එයා කරන්නේ, දඩයක්කාරයන් වල් ඌරන්ට වෙඩි තියනාවිට, සබ්බ පාපස්ස අකරනං.. ගාථාව හෙමිහිට කියනවා. ඔහු සිල්වතෙකු නිසා දඩයක්කරුගේ වෙඩිල්ල බොහෝදිනවල වැරදුණා. ඒ නිසා දඩයක්කරු වැඩේ අතහැර දැම්මේ ලැජ්ජාව නිසාලු. ඒ ගාථාව වෙඩි තියනාවිට සත්ව කරුණාව ඇති කෙනෙකු හෙමිහිට කීවොත්, වෙඩිල්ල වදින්නේ නැතිලූ. වැදුණත් සතාව හොයාගන්න බැරිවෙනවාලු. ඒක තමයි දඩයම්කරුවන් දඩයමේ යනවිට සිල්වත් හාමුදුරුවරුන්ව, හොඳ මිනිසුන්ව පෙරට තබා ගමන යන්නේ නැතිලු. එසේ වූවොත් දඩයම් වරදිනවාලු.

:       0       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 306 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 132 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 196 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 240 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 373 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 851 4

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site