IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හේමසිරිට ජනපති පරීක්ෂණ කොමිසමට එන්නැයි නොතීසි

( තිළිණි ද සිල්වා )

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට වත්මන් රජයේ  ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ වංචා සෙවිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ලබන සිකුරාදා (18) පෙනි සිටින්නැයි දන්වමින් එම කොමිසම විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපතිවරයාව සිටි කාලයේදී එම බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට පරිගණක දෘඩාංග මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයි කියමින් මහජන බැංකු සේවක සංගමය කළ පැමිණිල්ලකට අදාළ විභාගයට සාක්කි ලබා ගැනීම සදහා මෙම නොතීසිය  නිකුත් කර ඇත.

මේ වන විට හේමසිරි ප්‍රනාන්දු මහතාට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින් ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින්  එම නොතීසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාර්ගයෙන් අද (15) දිනයේ ඒ මහතා වෙත බාර දෙන ලදී.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතාට ලබන සිකුරාදා (18) පෙරවරු 9.30ට හේමසිරි ප්‍රනාන්දු මහතාට කොමිෂන් සභාව හමුවේ පෙනී සිට සාක්කි ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කළ 2016- 2017 කාලය තුළ දී මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යපෘති සදහා ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව  පරිගණක දෘඩාංග ලබාගැනීම සිදුව ඇතැයි මහජන බැංකු සේවක සංගමය සිය පැමිණිල්ලෙන් කියා සිටී.

 



අදහස් (0)

හේමසිරිට ජනපති පරීක්ෂණ කොමිසමට එන්නැයි නොතීසි

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 14 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 77 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 66 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 124 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 122 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 329 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site