IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හොඳම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩදීමයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 
රට තුළ ඇති වී තිබෙන ව්‍යවස්ථාදායක අර්බුදයට විසඳුමක් ලබා  ගැනීමට අධිකරණයෙන් දිය හැකි හොඳම විසඳුම වන්නේ ජනතාවට සිය ජනතා පරමාධිපත්‍යය අනුව කටයුතු කරන්න අවස්ථාව  ලබාදීම යැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (6) තෙවැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ කළ අතර එහිදී මෙම පෙත්සම් වලට එරෙහි අතරමැදි පෙත්සම්කාර මහාචාර්ය ජගත් වැල්ලවත්තගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥවරයා මෙසේ ද කීය. 

මෙවැනි ව්‍යවස්ථාදායක අර්බුදයකදී කළ යුත්තේ ජනතාවටම සිය පරමාධිපත්‍යය බලය අනුව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමයි. ඒ නිසා ඇති වී තිබෙන මේ අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී වගඋත්තරකාර පාර්ශ්වය පවා ඡන්දය ලබා දී තිබෙනවා.
 
මෙවැනි ව්‍යවස්ථාදායක අර්බුද හා සමාන අර්බුද වරෙක ඉන්දියාවෙත් ඇති වූවා. එවිට එරට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවක්  සම්මත කරගෙන ජනාධිපතිවරයා හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මහ මැතිවරණයකට ගියා. ඒ අනුව මේ අර්බුදය නිම කරන්න  අධිකරණය විසින්. ජනතාවටම අවස්ථාව ලබා දිය යුතුයි. 
 
මැතිවරණයකට යන්න ඕනේ නැහැ කියන්නේ මැතිවරණයකට යන්න බය අයයි, ඒ වගේම ජනතාව අතරේ විශ්වාසය නැති අය යැයි ද ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කීය.
 
අතරමැදි පෙත්සම්කාර මහාචාර්ය ජී.එල්.පීරිස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාද , උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියහ.



අදහස් (19)

හොඳම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩදීමයි

ajith Thursday, 06 December 2018 01:47 PM

කරුණාකරලා දැන්වත් ඔය තුන් කට්ටුවේ කඹ ඇදිල්ල නවතලා මහජනතාව වන අපට ඉඩ දෙන්න අපේ ස්වාධීන මතය ඉදිරිපත්කර රටේ ස්වාධිපත්‍ය රැකගැනීමට

:       0       0

රොමේෂ් Thursday, 06 December 2018 03:33 PM

මේක ජනතාවගේ පරමාධිපත්‍යය අවභාවිතය කිරීම සම්බන්ධ නඩුවක්. නැවත ඡන්දෙකට ගිහින්, එතැනදී පත්වෙන පාර්ලිමේන්තුවත් පහුවෙනිදාම මේ විදිහටම විසුරවා හැරියොත් හෝ තමන් කැමති කෙනා ජයග්‍රහණය නොකළ නිසා අගමැතිකෙනෙක් පත් නොකර උන්නොත් එදාටත් ආයේ ඡන්දෙකට යන්නද කියන්නේ. ප්‍රශ්නය විසඳන ආකාරය අහගන්න නොවෙයිනේ අධිකරණයට ගිහින් තියෙන්නේ. ජනාධිපති විසින් ඇතිකර තිබෙන තත්වය නීතියට එකඟද නැතිද කියලා දැනගන්නනේ. මේ අර්බුධය මැතිවරණයකින් විසඳන්න බැහැ. දේශපාලන වාසිබලාගෙන සමහරු ජනාධිපතිවරණත් ඉල්ලනවා.

:       1156       1556

BamunuarachchiFriday, 07 December 2018 12:14 AM

මේ ඉල්ලීම ඉතාමත් කාලොචිත ඉල්ලීමක්. ජනතාව විසින් පත්කළ රජයේ ප්‍රශ්න අතිඋනානම් ජනතාවම නැවත ඡන්දය පාවිච්චි කර තම තීන්දුව දෙනවා මිස ප්‍රශ්නයට අදාළ මිනිසුන් විසදුම් සෙවීමට යාම ප්‍රතිඵල රහිතය.

:       58       24

ගල්කටස් Friday, 07 December 2018 02:38 AM

එක ව්‍යවස්ථා ගැටඵවක් .......දෝෂ සහිත ව්‍යවස්ථාව හැදුවට මක්කරන්නද ..? 225 ම එකට වගකියන්න දියවන්නාවෙ ඉන්න බොහො දෙනෙක් පොතක් පතක් කියවන්නෙ නැති එකෙ ඹය ව්‍යවස්ථාව කොහේ කියවල ඡන්දය දෙන්නද එතනයි ගැටඵව...... ලොක්කා කිවිවා නමි එච්චරයි හරිද දන්නෙත් නැහැ වැරදිද දන්නෙත් නැහැ

:       1       70

RohanaFriday, 07 December 2018 06:29 AM

පොඩ්ඩක් ඉවසන්න........... බත් හැලිය ඉදෙනකම්.

:       0       42

BamunuarachchiFriday, 07 December 2018 10:41 PM

බත් හැලිය දිහාම බලාගෙන ඉන්නවා.... ඉතින් රටකට හරියාවිද?

:       0       0

Rata Perata Thursday, 06 December 2018 04:24 PM

මැතිවරණ තියන්න ඕන කියන්න මෙයා කවුද? මැතිවරණ වලට සල්ලි දෙන්නේ මෙයාද?

:       1352       1597

BamunuarachchiFriday, 07 December 2018 12:23 AM

මෙයා මැතිවරණයක් තියාන්න ඕනේ කියන්නේ ඔබට කහින්න වත් අවසර නැති සත් පුද්ගල අධිකරණයක් ඉදිරියේ. ඔබේ ප්‍රශ්නයෙන් තේරෙනවා ඔබ කෙතරම් මෝඩද කියලා.

:       101       49

මංගලමුදුFriday, 07 December 2018 02:46 AM

මොහු ජනාධිපති නීතීඥයකු වන අතර, ඔබ මෙන් කඩේ යන හා කී බෝඩ් වීරයකුද නොවේ.

:       92       1119

Rata PerataFriday, 07 December 2018 07:12 AM

අපිත් ආචාර්ය උපාධි අරගෙන හිටියට රට ගැන විතරයි හිතන්නේ.

:       0       39

BamunuarachchiSunday, 09 December 2018 08:20 AM

ආචාර්ය උපාධිය තිබුණා කීවට අහපු ප්‍රශ්නයෙන් උපාධිය ගැන සැකයි. ඒ මොනවා වුනත් විනිශ්චයකාරවරුන් 7 දෙනෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ රටේ අවුලට හොඳම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩදීමයි කියන්න ඔබට මේ ආත්මයේ බැරිබව මම දනිමි. විනිශ්චයකාරවරු අසුවාද මෙයා කව්ද? මෙයාද මැතිවරණයට සල්ලි දෙන්නේ කියා? එතුමන්ලා කලේ ප්‍රකාශය සටහන් කරගැනීම පමණයි. ඔන්න ආචාරියාගේ උපාධියේ වෙනස...

:       36       1

Chanak Los Angeles Thursday, 06 December 2018 08:58 PM

මැතිවරණයකට යන්න බයද කියා අහනවා? සත්තකින්ම බය වෙන්න ඕනේ අධිකරණ තීන්දුවලටත් අභියෝග කරමින් බලහත්කාරකමින් කටයුතු කරනවා නම්... මොවුන් බලය අතේ තියාගෙන විනාඩියෙන් විනාඩිය කියන කියන දෙය වෙනස්කරන නායකයාගේ සහයෝගයත් ගෙන ඡන්දයක් තැබුවොත් කොහොම කරයිද?

:       0       0

jaya Friday, 07 December 2018 12:14 AM

පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන හරි ක්‍රමයට. ඔක්කොම පටලාගෙන පිළිතුරු දෙන්නේ.

:       2       51

චමින්ද Friday, 07 December 2018 01:38 AM

2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතාව බලය දුන්නේ අවුරුදු පහකට මහත්තයෝ.... එය අතරමගින් කඩාගෙන හොඳම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩදීමයි කියන්නේ මොකක්ද? ඔබ කියන විදියට වැඩ සිද්ධවුනොත් අනාගතයේ කිසිදා විසඳීමට නොහැකි ප්‍රශ්ණ ඇතිවෙිවි. ඔබේ රැකියාවට ඔහොම කිව්වත් ඔය කියන ලෙසට කටයුතු කිරීම රටට සුදුසුනැහැ

:       47       101

BamunuarachchiSunday, 09 December 2018 03:59 PM

ඔබ ඔය කියන හෑල්ලට වඩා දේවල් අලි සබ්රි මහතා සහ විනිශ්චයකාරවරුන් 7 දෙනා දන්නවා. ඒ බව සිතේ තබාගෙන උගතුන් කතාකරන විට තම මෝඩකම නොපෙන්වා අසාගෙන සිටින්න. යමක් ඉගෙනගන්න බලන්න.

:       0       0

Rohana fonseka Friday, 07 December 2018 03:07 AM

උගත් උනත් මෝඩ තර්ක ගේන්නේ..... ඡන්දේ තියලැ යූඇන් පී එක ජය ගත්තොත් එදාට මොකද? කරන්නේ............... මෙයා කතා කරන්නේ ජනතා පරමාධිපත්‍ය නොවෙයි.....

:       445       110

kamal Friday, 07 December 2018 03:24 AM

ගැටලුව කරපු වැඞේ හරිද වැරදි කියල බලන එක බව මේ පුද්ගලයට තේරෙන්නේ නැති නිසා අදාල නැති දේවල් දොඞෝනව.

:       379       446

gamaathi Friday, 07 December 2018 05:19 AM

ජනතාව පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලා සිටියේ කවදාද? ඡන්දයක් ලබාගන්න ව්‍යාජ පරමාධිපත්වයක් ගැන හැමෝම කතාකරනවා.

:       23       39

justin Tuesday, 11 December 2018 08:27 AM

මේක ජනතාවට විසදන්න බැහැ. ජනතාව කවද්ද හරි තීරණයක් ගත්තේ. හැමදාම රැවටුනා මිසක්. ජනතාව බිල්ලට අරගෙන් එයාල බලයට ආපු එක විතරයි වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4766 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4737 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8219 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3016 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 739 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12421 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site