හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන මහත්වරුන්ට අද (19) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කරන ලදී.
එහිදී අයි.එච්.කේ. මහානාම මහතාට වසර 20 ක් ද පී.දිසානායක මහතාට වසර 12 ක ද බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.
රුපියල් මිලියන 20 ක් අල්ලස් ලබාගත්තැයි මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ. මහාධිකරණය විසින් අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිට සිරදඬුවම්
Gune Thursday, 19 December 2019 08:51 AM
අයියෝ සිරිසේන!
sena Thursday, 19 December 2019 08:59 AM
චම්පිකගේ රිය අනතුරු නඩුව වගේ. මේ නඩුවත් ආයෙත් කැදවලා මේක පිටිපස්සේ ඉන්න අයත් නිතිය ඉදිරියට පැමිණවිය යුතුයි.
Mahesh Thursday, 19 December 2019 09:10 AM
සිරී නිසා පරිප්පු කාපු නිලධාරීන් දෙන්නෙක්. මේවා හොද පාඩම් නිලධාරීන්ට.
upali Thursday, 19 December 2019 09:14 AM
මහා මොළකරු ගෙදරද..?
k.sumanasiri Thursday, 19 December 2019 09:59 AM
පගා මරුවන්ට හොඳ පාඩම්.
kule Thursday, 19 December 2019 10:30 AM
හොරු අල්ලන්න ආපු පෙරමුණේ රාළගේම ප්‍රධාන සගයා අල්ලස් ගත්බව අධිකරණයෙන් සනාථ කරා නම් පෙරමුණේ ඊළඟ අයගේ හොරකම් ගැන කුමන කතාද?
rasika pallewattha Thursday, 19 December 2019 11:04 AM
ඇයි නිලධාරින් දෙදෙනා විතරක් පුතයි, බෑණයි බේරලා. යාළුකමට වෙන්න ඇති. මහා අසාධාරණ වැඩ මේවා...
මෝ Thursday, 19 December 2019 12:13 PM
මේ වංචනික නිලධාරීන්ට දැඩි දඬුවම් දීම ඉතා හොඳයි. දේශපාලකයින් කරන්නේ තම නෑදෑමිත්රයින් මෙවැනි තනතුරුවලට දමාගෙන ගසා කෑම, වංචාව සහ දූෂණයෙන් මුදල් ඉපැයීමයි. දැන් දැන් ඒ ක්‍රමය වෙනස් කිරීමට ජනාධිපතිතුමා දරන, ප්‍රබල උත්සාහය ප්‍රශංසනීයයි. මහ මොලකරුවන්ට උණ ගැනෙන්න මෙවැනි දූෂිතයින්ට බරපතල දඬුවම් දිය යුතුයි.
Warnakulasuriya Thursday, 19 December 2019 12:28 PM
මේ වගේ අල්ලසක් ගැනීමේදී දේශපාලන හස්තයක් සමඟ එය කළයුතුයි. අවුරුදු 5 ක් ඇද්දා නම් ඊළඟට නිකම්ම ඉවතට. අනික හිටපු විඝණකාධිපති රාජ්‍ය මුදල් අවභාවිතා ගැන කියන විදියට නම් මේක ඉතා සුළු වරදක්... ඉඳ හිටවත් මෙවැනි අධිකරණය තීන්දු ලබාදීම මඟින් ජනතාව රටේ නීතියක් තිබෙන බවට තේරුම් ගනිති.
Raveendra Thursday, 19 December 2019 09:45 PM
මහජන මුදල් හොරාකාපු මෙවන් හැතිකරයට කෙසේ "මහත්වරුන්ට හෝ මහතාට" ලෙස ආමන්ත්‍රණය කරන්නේද යන්න ගැටළුවක් ලෙස දකින්නේ අප පමණක්ද? සමහරවිට අද ලාංකීය සමාජයේ හොරුන්ට තක්කඩින්ට මහත්වරු, මහතා ලෙස වැඩි සැලකිල්ලක් දක්වනවා විය හැකිය. එක්කෝ මෙම පුවත්පතෙහි සිංහල භාෂාව පිළිබඳව අල්ප දැනුමක් තිබෙන අය මෙම පුවත් සංස්කරණය කරණු ඇත. නැතහොත් "හිතාමතාම " තමන්ගේ මව්බසට පරිභව කරනවා විය හැකිය. මෙසේ තම මව්බසට නිගාකිරිම සුදුසුද? නුසුදුසුද? යන්න පිලිබදව අවධානය යොමු වේවා !!!
Raveendra Friday, 20 December 2019 07:15 AM
අපගේ මෙම අදහස් වැඩි දෙනෙකු අනුමත නොකරනු ඇත. නමුත් ඒවා කිවයුතුයි. හොඳින් බලන්න මේ උගත්යැයි බුද්ධිමත් යයි කියන උදවියගේ හැසිරීම් රටාව... මේ පල්හොරුන්ගේ අඹුදරුවන්ට, ඥාතීන්ට මොනතරම් අවනම්බුවක්ද, කැතනමක්ද මේ තකතීරුවන් කර ඇත්තේ...? ඒ මිනිසුන්ට දැන් පාරේ බැහැලා යාමට හැකිද? මේ කිසිවක් නැහැනේ තමන් අවංකව තම රාජකාරිය ඉටුකරා නම් එවිට තමන්ගේ හිතට සතුටක්, සහනයක් මෙන්ම අහිංසක මිනිසුන්ගේ ප්‍රසාදයට පාත්රවෙනවා නොවේද? එමෙන්ම ඒවා මිලමුදල් වියදම් කර මිනිසෙකුට ගත නොහැකි වටිනා වස්තූන් නොවේද? මේවා අප සැමට හොඳ පාඩම් බැවින් නිලධාරින් දැන්වත් දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් සපුරාලීමට ගොස් නිකරුනේ තම ජීවිත විනාශ නොකර අවංකව තම සේවය ලක්මවට ලබා දීමට තම සිත් එකඟ කරගත්වා !!!