IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති අතේ

ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපි ගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා අරලියගහ මන්දිරයේ නිල රාජකාරි ආරම්භ කරද්දී මෙම ලිපි ගොනු හමුවී තිබේ.

එම ලිපි ගොනුවල ඇති කරුණුවල  සත්‍යතාව සම්බන්ධයෙන් සැකයක් නැතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු හතර හමාරක් අරලියගහ මන්දිරයේ සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසුව පසුගිය අඟහරුවාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැති අතර බදාදා මහා සංඝරත්නයට දානයක් ද පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසුව පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත වූ සේවකයන්ට එම ලිපි ගොනු හමු වී තිබේ. එම ලිපි ගොනු පිළිවෙළකට ඇසුරුම් කර තිබූ බව ද වාර්තා වෙයි.

ඇතැම් අමාත්‍යවරුන් කරන ලද ගනුදෙනු, ඇතැම් අය මුල් වූ හෝ සම්බන්ධ වූ හෝ සහ ඇතැම් අය ප්‍රවර්ධනය කරන ලද හෝ ගනුදෙනු සම්බන්ධ තොරතුරු එම ලිපි ගොනුවල තිබී ඇත.

එහි සෑම අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ම ලිපි ගොනු තිබී ඇතැයි ද වාර්තා වේ.

උදාහරණයකට ටෙන්ඩර් ගිවිසුම් සම්බන්ධයෙන් නම් ඊට අදාළ දේශීය පාර්ශ්ව, ඔවුන්ගේ ලිපින, දුරකතන අංක ආදිය එම ලිපි ගොනුවල තිබී ඇතැයි ද කියැවෙයි. එමෙන්ම ටෙන්ඩර්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ද එහි තිබී ඇත.

මෙම ලිපි ගොනු සකස් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ කුමක්දැයි පිළිබඳව ද මේ වනවිට ප්‍රශ්නයක් ඇති වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ ලිපි ගොනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අදාළ පියවර ගැනීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි.

055



අදහස් (46)

හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති අතේ

Bamunuarachchi Sunday, 01 December 2019 11:36 AM

අප්පට සිරි, යහපාලනේ දෝරෙගලලා නොවැ.. දැන් මේ අය නටවන්න අපේ සර්ලාට පුළුවන්... ආයේ ආණ්ඩු පෙරලිලි බොරු..!

:       451       150

Janatha Sunday, 01 December 2019 12:07 PM

කරුණාකර කවුරු වුණත් ඒ බව පෙන්වා තප්පුලන්නේ නැතිව ඉන්න.

:       19       233

nimalSunday, 01 December 2019 02:32 PM

ඔය කියන්නේ, විමල් වීරවංස සහ උදය ගම්මන්පිල ගැන නේද ..?

:       80       361

Nandalal DE SILVA - FranceSunday, 01 December 2019 07:34 PM

අන්න බොලේ බමුණාගේ මරු කියමනක්...... වැරදිලාවත් එහෙම උනොත් අපේ රටත්, සිම්බාබ්වේ රොබට් මුගාවී උත්තමයා වගේ රාජපක්ෂ පවුලේ අයගේ බූදලයක් වේවි. අපේ රටට යාවජීව නායකයෙක් හදන්න බමුණා උදව් දෙනවා වගෙයි...... රටට අබ සරණයි ! ඔය ෆයිල් කියන්නේ මහින්ද කිවූ පරිදි, 2015දි බලයෙන් විසිවෙලා මැදමුලනට යනකොට අරන් ගියපු ඒවා වෙන්න ඇති. ඒවායේ දූලි පිහදාල හොඳට තැන්පත් කරලා වැඩ පටන් ගන්න අගමැති ලොක්කා අණ කරන්න ඇති. කොහොම උනත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බෙල්ලට තොන්ඩුව දමන්න හදන උප්පරවැට්ටියක් වගේ අපට පේනවා.

:       0       107

BamunuarachchiTuesday, 03 December 2019 01:19 PM

මගේ නමින් තවත් කව්ද ලියනවා. හැබැයි ඔය අදහස් මගේ අදහස්වලට බොහෝ එකඟයි. ඒත් මම කාටවත් සර් කියා අමතන්නේ නැත.

:       0       0

ශ්‍රීMonday, 02 December 2019 05:13 AM

නරකද බමුණන්ට අදාල රාජකාරි විතරක් කරගෙන හිටියොත්.............

:       0       31

RaveendraMonday, 02 December 2019 06:06 AM

අනේ මන්දා අපේ ෆයිල් ටිකත් හාදයා ගාවද කියලා බයත් හිතෙනවා. එත් කමක් නැහැ.

:       0       2

sena Sunday, 01 December 2019 11:38 AM

ඔබතුමා ගැන පහුගිය කාලේ බරපතල චෝදනාවක් තිබුණා ෆයිල් අතේ තියාගෙන බ්ලැක් මේල් දේශපාලනය කරනවා කියලා... ඒ ඔක්කොම හරියන්න මේ සැරේ ඔක්කෝමලා ඇතුළට දාන්න. එ්ක යුද්දේ දිනලා දුන්නාට වැඩිය ලොකු පිනක්...

:       57       412

sunil Sunday, 01 December 2019 11:42 AM

කවුරුත් කලබල වෙන්ට ඕනේ නැහැ. ඔය රාජපක්ෂවරු හොඳට කෙලෙහි ගුණ දන්නා අයයි.

:       18       344

විජිත් Sunday, 01 December 2019 07:52 PM

ඒක ඇත්ත...හොඳ මිනිස්සු....!!! සමහරවිට අර්ජුන් මහේන්ද්‍රන් කියන අහිංසක, මහත්මයාව සිංගප්පුරුවේ ඉඳලා ශ්‍රී ලංකාවට වැඩම්මවන්නත් පුළුවනි. ඔහුට විරුද්ධව සමහර මෝඩ මිනිස්සු ගොනු කල චෝදනා ඇතුලත් " ෆයිල්ස් " කැලණියට වැඩිය නාග ලෝකයේ නාග රාජයා අරගෙන ගියබවත් කියන්න පුළුවනි. ඊට පස්සේ චෝදනා ගොනු කරන්න ෆයිල්ස් නැතිනිසා. සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තමන් මහේන්ද්‍රන් මහත්මයාගෙන් සමාව ඉල්ලා ,එතුමාටවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක් ප්‍රදානය කරනවා... මම සවසක දුටුව සිහිනයක්ද මේ..?

:       1       215

samalMonday, 02 December 2019 10:14 PM

සිහිනයක් නොවෙයි විජිත්. ඔයා විහිළුවට කීවාට ඕක ඇත්තක් වෙන්නත් බැරි නැහැ.මේ ශ්‍රී ලංකාව.

:       0       12

lankasri Sunday, 01 December 2019 11:44 AM

ඔව් වැරැද්දක් කර ඇත්නම් ගනුදෙනු සකසා ඇත්තේ රනිල් මහත්මයා නම් අල්ලලා හිරේට දාන්න. මොකද විපක්ෂයේ හොරු පරිස්සම් කරකර අවුරුදු 5ක් කාලේ කෑවට අපිටත් ඕනේ රනිල් මහත්මයා යනවා දකින්න තමයි.

:       51       414

sandy Sunday, 01 December 2019 11:56 AM

පරණ ෆයිල් වගේ නොවේවා... අලුත් ෆයිල් නොඇරේවා...!!!

:       0       47

Nandalal DE SILVA - FranceFriday, 06 December 2019 07:43 AM

අලුත් ෆයිල් ඕපන් වෙන්න තව වසර 5ක් පමණ ගතවෙයි. එතකන් ඉවසන් ඉමු. එතකන් ඔතන ඉන්න අලිබබාගේ ක්ලික් එක නියමෙට වැඩ දේවි.

:       0       0

Kumara Sunday, 01 December 2019 12:08 PM

ගජමිතුරෝ නාටකය පෙන්වීමට සූදානම්...

:       0       177

sirimal Sunday, 01 December 2019 12:09 PM

අජිත් පී පෙරේරලාගේ නම් කොහොමටවත් වෙන්න බැහැ.

:       118       55

SamanSunday, 01 December 2019 12:55 PM

ඒ මොකද?

:       2       5

chandana disanayake Sunday, 01 December 2019 12:13 PM

දැන් ඉතින් දිගටම මේවාගේ සංදර්ශන බලන්න වෙනවා. හොඳයිනේ...

:       0       109

Shan Sunday, 01 December 2019 12:16 PM

ඕක 2/3 හදාගන්න කරන උප්පර වැට්ටියක්....

:       1       251

මුණසිංහ Sunday, 01 December 2019 12:32 PM

මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර සත්‍ය හෙළිකිරීම අත්‍යාවශ්‍යයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ෆයිල් එක අමතක වීමක් කියලා කියන්න නම් බැහැ. එක්කෝ වුවමනාවෙන්ම දාලා ගියා අහුවෙන්න කියලා. නැත්නම් මහින්ද අමාරුවේ දාන්න බොරු ෆයිල් එකක් හදලා තියලා ගියා. ඔය දෙකෙන් එකක් විය යුතුයි.

:       0       87

Chandana Sunday, 01 December 2019 12:35 PM

බොහොම හොඳයි. මහ පරිමාණ වංචා විමර්ෂණ කොමිසමේ වාර්තාවෙන්ම පටන්ගමුකෝ...!!!

:       0       25

sandy Sunday, 01 December 2019 12:37 PM

පරණ ෆයිල් වගේ නොවේවා. අලුත් ෆයිල් නොඇරේවා..!!!

:       0       30

lalithSunday, 01 December 2019 02:03 PM

පරණ ෆයිල් නොඇරෙවා. අලුත් ෆයිල් පමණක් ඇරේවා..!

:       3       8

Gune Sunday, 01 December 2019 12:49 PM

උඹේ ෆයිල් අපට එපා... අපේ ෆයිල් උඹට එපා.. බලන් ඉන්න වහල්ලුන්ට, චුන් එකක් ගන්න කියලා, මගඩි නැටුම නටමු ඉතින්, දොන් තක දොන් දොන් තක දොන්...!

:       0       111

Nimal Sunday, 01 December 2019 12:58 PM

එතුමා කලින් දවසක කිව්වනේ මා ළඟ ෆයිල් තියෙනවා කියලා ඇමතිවරුන්ගේ... ඒ ෆයිල් ගොඩ එක්කම මේ ෆයිල් එකත් තියා ගනීවි. ෂුවර් එකටම ඔය ෆයිල් එකේ බොන්ඩ් ඩීල් එක ගැන, සිංගප්පූරුවේ යාලුවා ගේන්න කලින් එක්කෙනා අපිට පෙනෙන්න අත්සන් කරපු ෆයිල් එහෙම, බොන්ඩ් ඩීල් අංකයෙන් සල්ලි ලැබුණු කට්ටිය ගැන ෆයිල් එහෙම නම් නැතිව ඇති...

:       0       5

Don Sunday, 01 December 2019 01:04 PM

එක්තරා දූපතක ඉන්නවා හොරුන් විසින් හොරුන්ට චෝදනා කරන, හොරුන්වම රජ කරවන, හොරුන්ගෙන්ම හොරා අල්ලන්නෙයි කියන, නැවතත් ඉන්න හොරු වෙනුවට අලුත් හොරු බලයට පත් කරන අපූරු කට්ටියක්...

:       4       121

upaliSunday, 01 December 2019 06:16 PM

සාගරයක් මැද රටක් ඇත. ඒ තුළ 225ක් ඇත..

:       1       14

කපුරු හාම් Sunday, 01 December 2019 01:06 PM

ඔබතුමා බලයේ හිටපු කාලෙත් ඔහොම ෆයිල් තමුන් ළඟ තියෙන බව කිව්වා වගේ මතක ඇතිනේ... සමහරවිට බහිරවයා ගිලින්න ඇති... පවුලේ අය කියලා නිකම් උන්නේ නැහැනේ...

:       0       6

සනත් වීරකෝන් Sunday, 01 December 2019 01:16 PM

ඕක අනිවාර්යයෙන්ම හිතාමතා කරලා තියෙන්නේ... සජිත්ගේ වැඩ ගැන තමයි ගොඩක්ම ෆයිල් තියෙනවා ඇත්තේ. පුතානෝට හතරගාතෙන් යන්න සැලසුම් කරන්නත් ඇති.

:       36       5

Chandana Sunday, 01 December 2019 01:43 PM

මේක ඩීල් එකක්. දැන් බ්ලැක් මේල් කරලා ගන්නවා ඒ පැත්තට. ඊට පස්සේ 2/3 හදාගන්නවා. ආයෙත් මහින්ද ජනපති 2025...

:       0       76

Arjuna Ranawana Sunday, 01 December 2019 02:24 PM

අපි මෝඩයන් නොවේ. මෙය කැබිනෙට්ටුවේ අවසන් සාමාජිකයින්ට බිය උපදවන කරුණකි.

:       0       29

Kumar Sunday, 01 December 2019 02:39 PM

අප්පේ, ඔය ෆයිල් වලට සම්බන්ධ අයගේ නම ප්‍රසිද්ධ කරන්න... එසේ කළොත් ඔබතුමාගේ කතාව විශ්වාස කරන්න පුළුවනි. නැතිනම් ඕක බොරුවක්... ඔය වගේ කතා මීට පෙරත් අහලා තිබෙනවා.

:       0       64

Nandalal DE SILVA - France Monday, 02 December 2019 12:13 AM

මේක දෙවරක් ජනපති වෙලා හිටපු පුද්ගලයෙක් කියන බොළඳ කතාවක් නොවේද ? හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවැනි තුට්ටු දෙකේ වැඩක් කරලා, ෆයිල් ටික මහින්දගේ අතට පත්වීම සඳහා මේසයක් උඩ හෝ අල්මාරියක තබා අරලිය ගහ මන්දිරයෙන් පිටවී ගියා කියන කතාවෙන් මහින්ද කියන්න හදන්නේ, රනිල් මැතිතුමාගේ "සිහිය හොඳ නැති" බව කියන්න වුනත්, ඔතැන වෙන මොකක් හෝ සෙප්පඩ විජ්ජාවක් දමා, හෙන්චයියෙක් ලවා රනිල්ට මඩ ගැස්සවීමේ කුමන්ත්‍රණයක මුල බව ඕනෑම කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. ඕයවගේ ඉල්ලන් කන කතා ප්‍රචාරය කරලා මහින්ද නිකම්ම හෑල්ලු වෙනවා....

:       5       34

Rathgama De Silva Monday, 02 December 2019 12:59 AM

2010-2015 ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දූෂණ පිලිබඳ තොරතුරුත් මෙතුමා ළඟ තියෙනවයි කියලා මෙතුමාගේම මුවෙන් මෙතුමා ප්‍රසිද්ධියේ පැවසුවා. මෙතුමා කරන්නේ ඔය දූෂණ ලිපිගොනු එකතු කරගෙන ඉන්න එක විතරක් වගෙයි අපට නම් පේන්නේ. එනිසා ඔය පසුගිය ආණ්ඩුවේ දූෂණ ලිපිගොනු වලිනුත් වැඩක් නැහැ, මෙව්වා නිකන් විගඩම් විතරයි ඩීල් දේශපාලනයේ.

:       0       4

උපාලි Monday, 02 December 2019 01:24 AM

හුරේ... මේ පාරත් යූඇන්පියේ පනහක් හැටක් ආණ්ඩුවේ!

:       4       4

maalaka Monday, 02 December 2019 01:49 AM

පරණ සෙල්ලම් පටන් අරගෙන. මහලොකුවට කියවන්නේ නැතුව මහජනතාවට වැඩක් කරන්න, නිදහසට කාරණා අවශ්‍ය නෑ. අනුන්ගේ කුණු පෙන්නලා තමුන්ගේ පව් වහගන්න ලැස්ති වෙන්න එපා. දැන් අපිට මේවා අහලා අහලා තිත්ත වෙලා තියෙන්නේ

:       0       114

Perera Monday, 02 December 2019 02:18 AM

අනිත් අය බලේ ඉන්නකොට මේ අයගේ දූෂණ හොයනවා, මේ අය බලේ ඉන්නකොට අනිත්අයගේ දූෂණ හොයනවා , හැබයි ඔය කාගේ ඒවා හෙව්වත් මේතාක්කල් කිසිම දූෂිතයෙක් හිරේ ගිය පාටක් නම් නැහැ. මේවා ඔක්කොම දෙගොල්ලම ජනතාව රවට්ටන බොරු නාට්‍ය ජවනිකා..

:       0       20

maime banda Monday, 02 December 2019 02:54 AM

මේ වගේ නළුවෙක් මම ලොවේම දැක නැහැ

:       0       38

Hemantha Monday, 02 December 2019 03:34 AM

මේකත් කැළණි පන්සලට නාගලෝකෙන් ධාතු ලැබුණු වගේ වැඩක්...

:       0       58

amila peiris Monday, 02 December 2019 05:03 AM

කලින් පාර කළා වගේ දෑත් ශක්තිමත් කරන්න ඔබතුමා ළඟට ගත්තා කියලා ගන්න. කලින් වතාවේ ඉන්න තැන නැති වුනේ ඔය ශක්තිමත් කරන්න කියලා ගත්ත අය කරපු දූෂණ නිසා කියලා අමතක කරන්න එපා. නව ජනාධිපතිතුමාට ශක්තියක්, මහජන ප්‍රසාදය වැඩිවන ආකාරයට කටයතු කරන්න වග බලාගන්න...

:       0       18

ajith Monday, 02 December 2019 11:48 AM

හරි පුදුමයිනේ.., රනිල් හිටපු මැති ඇමැතිලාගේ වංචා දුෂණ ෆයිල් ටිකම අමතක කරලා ගිහිල්ලනේ. මේවා රනිල්ගෙයි, මහින්දගෙයි කුමන්ත්‍රණයේ අතුරු ප්‍රතිඵලයක්ද කියලා හිතෙන්නේ නැද්ද?

:       0       0

amare Tuesday, 03 December 2019 07:17 AM

අන්න හරි.

:       0       0

සත්‍යපාල Tuesday, 03 December 2019 10:33 AM

අලි බබා සහ හොරු 40 ආණ්ඩුව කාලෙත් ෆයිල් වගයක් තමුන් ලග තියෙනවා කියලා රාවයක් තිබුනා. ඒවා බහිරවයා ගිලින්න ඇති නේද ? අපි නොදන්න දේශපාලුවෝ.....

:       0       1

Nandalal DE SILVA - FranceTuesday, 03 December 2019 05:39 PM

40 දැන් 15 ට බැහැල තියෙන නිසා බහිරවයාට උනත් නිතර බඩගිනි වෙයි නේද ?

:       0       0

Bamunuarachchi Tuesday, 03 December 2019 01:24 PM

ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් තිබෙනවානම් ඒ ගනුදෙනු නීති විරෝධි නම් නීතිමය ලෙස ක්‍රියා කරන්න. එයයි විය යුත්තේ. එවිට කිසියම් දවසක ඔවුන් බලයට ආවොත් ඔවුන් ඔබලාට විරුද්දව තිබෙන ගනුදෙනු ඇතුළත් ලිපිගොනු එලියට අදීවී. ජනතාව හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ එයයි.

:       0       0

janahitha Tuesday, 03 December 2019 01:34 PM

කලබල වෙන්න එපා, කවුරු කවුරුත් බෙදා හදාගෙන තමයි සියලු දේවල් කරන්නේ ඔය කාර්ඩ් බෝර්ඩ් කොළ කෑලි පමණි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1418 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 666 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 561 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 309 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 540 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 495 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site