IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු අගමැති දි.මු දිවියට සමුදෙයි

(ඩයනා උදයංගනී)

මෙරට දේශපාලනයේ පෙරළිකාරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු  වූ දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත විය.

දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසකවරයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා මියයන විට 90 වැනි වියෙහි පසුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි 13 වන සාමාජිකයෙකු වන  දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේ දීය.

1993 වසරේ පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා වූ දි.මු ජයරත්න මහතා මියයන තුරුම එම තනතුරද හෙබවීය.

ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ 1994 වසරේදී පිහිටුවනු ලැබූ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්වෙමිනි.

ඉන් අනතුරුව දි.මු ජයරත්න මහතා කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර, තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන, තැපැල්, විදුලි සංදේශ, ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආදී අමාත්‍යධූර ගණනාවක් ද හෙබවීය.

ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 21 වැනිදාය.

ඔහු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙනි.

දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දි.මු.ජයරත්න මහතා එහි සාමාජිකත්වය ලබා ගත්තේය.

ඔහු දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් මෙන්ම දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වේ.

දි.මු ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.

දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාමණ්ඩිය ද වේ.

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ආගමික මධ්‍යස්ථානය ද දි.මු ජයරත්න මහතාගේ නිර්මාණයකි. එම ස්ථානයන්හි පරිපාලනය සිදුවූයේ ද දි.මු ජයරත්න මහතා යටතේ පාලනය වූ අම්බුළුවාව පරිසර, සංවර්ධන හා සංරක්‍ෂණ භාරය මගිනි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය  අවසන් ගෞරව සඳහා  ගම්පොළ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.



අදහස් (10)

හිටපු අගමැති දි.මු දිවියට සමුදෙයි

SUNIL MILANO Tuesday, 19 November 2019 02:33 PM

හිටපු ගරු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මැතිතුමනි ඔබට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා

:       27       21

Karunarathna Gampola Tuesday, 19 November 2019 02:49 PM

සසර ගමන නිමා කිරීම උදෙසා අජර අමර නිවනට පත් වේවා !!

:       13       7

Mf Tuesday, 19 November 2019 02:50 PM

නිවන් සුව පතමි.

:       12       5

Nimal ... Tuesday, 19 November 2019 03:02 PM

නිවන් සැප ලැබේවා!

:       14       5

ගම්පොලයා Tuesday, 19 November 2019 03:51 PM

නිවන් සුව පතමි

:       12       4

රොහාන් දයාදර පැරිස් Tuesday, 19 November 2019 03:54 PM

නිවන් සුව පතමු! එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ බලවත් ශෝකය!

:       24       7

Mahee Tuesday, 19 November 2019 03:56 PM

අපට සිටි නිහතමානී සැබැ දේශපානඥයෙක්. ඔබට නිවන් සුව!

:       112       5

සිරිබිරිස්Wednesday, 20 November 2019 12:21 AM

එතුමාට නිවන්සුව ලැබේවා

:       8       0

Raveendra Tuesday, 19 November 2019 08:07 PM

නිවන් සුව අත්වේවා !!

:       13       0

ධම්ම Wednesday, 20 November 2019 03:57 AM

මියගිය අයට සුගතිය ප්‍රාර්ථනා කිරීම යහපත් දෙයක් එහෙත් එම සුගතිය සඳහා සුදුසුකම් මාලාවක් සැපිරිය යුතු බව බුදු බණේ සඳහන්ව ඇත.

:       22       17

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 283 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1188 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 156 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site