IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 16දෙනෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.
 
මේ හේතුවෙන් ජපානයේ ප්‍රධාන දිවයින වන හොන්ෂු දිවයින සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයිද, නිවාස 100කට වැඩියෙන් හානි වී ඇතැයිද, ගංගා පිටාර ගැලීමෙන් හා වේලි කැඩීයාමෙන් ගංවතුර ඇතිවීම සහ නායයාම හේතුවෙන් ජනජීවිතය අඩාල වී ඇතැයිද පැවසේ. 
 
චිකුමා ගංගාවේ වේලි කැඩී එහි ජලය ඒ අවට නිවාස වෙත ගලායාමෙන් නිවාසවල දෙවන මහල දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇත.
 
ලොව වේගවත්ම දුම්රිය ලෙස සැලකෙන ෂින්කාන්සෙන් දුම්රිය සහිත අංගනය ද අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුරෙන් පිරී යටවී තිබේ.
 
(නියමිත වේලාවට ධාවනය වීම, සුවපහසුව, කාර්යක්ෂමතාව, ආරක්ෂාව මෙන්ම වේගය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම කීර්තිනාමයක් හිමි දුම්රිය සේවය ෂින්කාන්සෙන් දුම්රිය ලෙස සැලකේ. පැයට කිලෝමීටර 320ක වේගයෙන් ජපානයේ අගනුවර වන ටෝකියෝ නුවර සිට ඔසාකා බලා ගමන්ගන්නා මෙම දුම්රිය ‘බුලට් ට්‍රේන්’ යනුවෙන්ද හැඳින්වේ.)
 
ගංවතුරට කොටුවූ පිරිස බේරාගැනීම සඳහා මේ වනවිට නිලධාරීහු කටයුතු කරමින් සිටිති. ආපදා තත්වයේදී බේරාගැනීමේ හමුදා භටයින් 27,000ක පමණ පිරිසක් විපතට පත් පිරිස බේරාගැනීම සඳහා යොදවා ඇති අතර, නගානෝ නගරයේ නිවාසවල වහල සහ සඳලුතලාවල රැඳී සිටින ඇතැම් පිරිස් මුදවාගැනීම සඳහා හෙලිකොප්ටර් යානාද, බෝට්ටු සේවාද යොදා ගෙන තිබේ.
 

මෙම ආපදා තත්වය හේතුවෙන් රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අවලංගු කිරීමටද සංවිධායකවරුන්ට සිදුවිය. එහෙත් අද(ඉරිදා) පැවැත්වීමට නියමිත ස්කොට්ලන්තය සහ ජපානය අතර තරගය පැවැත්වෙනු ඇත.
 
මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 216ක වේගයෙන් පැමිණ ඇතැයිද, මෙය මේ වසරේදී බලපෑ දරුණුතම කුණාටුව බවද, පැවසේ.

කෙසේ වෙතත් ඉරිදා පෙරවරුව වනවිට සුළිකුණාටුව ජපානයේ ගොඩබිම සීමාවෙන් ඉවත්ව ගොස් තිබිණි.

(16844)

 

(ඡායාරූප - ඩේලිමේල් ඇසුරිනි)

 

සේයා රූ  නැරඹීමට පිවිසෙන්න

හගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි



අදහස් (6)

හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

Chandana F Sunday, 13 October 2019 01:10 PM

ඔබට කරදර ඇති වූ අවස්ථාවේද අප ඔබගේ දුක බෙදා ගන්නෙමු.මෙවන් කරදරයක් මතුවට ඇති නොවේ. ශ්‍රී ලංකා පුරවැසියන් වශයෙන් සැමට තෙරුවන් සරණයි.

:       2       463

විජිත් Sunday, 13 October 2019 03:31 PM

ජපානය අපේ රටේ ඉතාමත්ම හිතවතෙක්. අවංක හිතවතෙක්. විපතේදී කිසිදිනෙක අපව අත්නොහැරිය මිතුරෙක්. ඔබට සිදුවූ මේ විපතේදී ශෝකය බෙදාගැනීමට අපත් ඔබ ලඟින්ම සිටිමු. ඉතාමත්ම ඉක්මනින් ඔබගේ රටේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙනයාමට සුදුසු වාතාවරණයක් උදාවේවා. ජපන් ජාතිකයින් තමන්ගේ රටට පුදුමාකාර ආදරයක් දක්වනබව අප හොඳින්ම දනිමු. ඔවුන්ගේ ශක්තියෙන්, කඩා වැටුන ඔබගේ දේශය ආශ්චර්යත්මක ලෙස ගොඩ නැගීමට ශක්තිය, ධෛර්යය,ඔබට ලැබේවා යන්න අපගේ අවංක ප්‍රර්ථනාවයි.

:       0       2

Raveendra Sunday, 13 October 2019 03:41 PM

ඔබලාගේ ජනජීවිතය ඉක්මනින් යතාතත්වයට පත්වේවා යන්න අපගේ පැතුමයි.!!!

:       0       1

Kumar Sunday, 13 October 2019 05:09 PM

මෙම සුළි සුළඟ උතුරට ගමන්කර පීඩන අවපාතයක් බවට පත්වී අමෙරිකාවේ බටහිර වෙරල දිගේ අපි වෙසෙන කැලිෆෝර්නියාව පැත්තට එනවා. එයින් අපට වැසි ලැබෙනවා. එම වැස්සෙන් තමයි අක්කර දහස් ගණනක් වගා කරන්නෙ

:       0       1

NASRUDIN Sunday, 13 October 2019 05:16 PM

ජපානයේ සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ගැන අපේ විදේශ කටයුතු අමාත්‍යංශයට තොරතුරු මුකුත් ලැබිලා නැතිද ?

:       0       0

Nuwan Sunday, 13 October 2019 07:01 PM

බුදු සරණයි සියලු දෙනාට

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 35 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 32 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 134 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 14 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 159 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 25 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site