(චමිල් රූපසිංහ)
පාස්කු ප්‍රහාරයට අදාළව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් උත්සහ කරන බවත් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බවත් රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවී අද (22) පැවසීය.
ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට තීරණය කිරීමත් සමඟ සහරාන් සමඟ සම්බන්ධකම් ඇති බවට මතු කර පෙන්වන බව මල්වතු මහ විහාරයට පැමිණ රවුෆ් හකීම් මහතා අද (22) පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක පැවසීය.
තමන් කිසිඳු ලෙසකින් සහරාන් සමඟ ආශ්‍රයක් නොතිබුණු බවත් 2015 මැතිවරණයෙන් පසු කාත්තන්කුඩියේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා නිසා තුවාල ලැබූවන් හා හානිවූ දේපොළ පිළිබඳ සොයා බැලීමට තමන් එහි ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප වලට වැරදි අර්ථ කතනයක් ලබා දෙමින් පිරිසක් දේශපාලන වාසි ගැනීම පිණිස තමන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දැනුවත් කරනු ලැබීය.
රෝහලට ගිය අවස්ථාවේ තුවාලකරුවන් අතර මෙම පුද්ගලයාද සිට ඇති බවත් තමන් ඔහු කවුද කියා දැන නොසිටි බවත් වසර 25 ක දේශපාලන දිවිය තුළ තමන් සෑම විටම අන්තවාදය ප්‍රතික්ෂේප කළ බවත් අද මෙම කුමන්ත්‍රණය දියත් කරන අයගේ පහත් වුවමනාවන් කිසිසේත් ඉටු නොවන බවත් රාවුෆ් හකිම් මහතා කීය.
තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කිරීමෙන් ජනතාව ඇත්ත දැන ගන්නේ යැයි මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කිරීමට පිරිසක් උත්සහ කරනවා‘‘