IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සහරාන් - හේමසිරි - පූජිත එකම නඩුවේ විත්තිකරුවන් ලෙස චෝදනා ගොනු කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් නමැත්තා සමඟ හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශයෙන් චෝදනා ගොනු කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (06) පැවසීය.

පොලිස්පතිවරයාගේ යට ඇඳුම් වලට හැර සෙසු සියළුම වියදම් දරන්නේ මේ රටේ ජනතාවගේ මුදලින් බවත් ඒ අනුව රටේ ජනතාව ආරක්‍ෂා කිරීමේ වගකීම ඔවුන් මත පැටවෙන බවත් පෙන්වා දුන් දිලීප පිරීස් මහතා අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහරාන්ගේ වැටුප් ලැයිස්තුවෙන් වැටුප් ලැබුවාද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පැවසීය.

මිනීමැරම් නඩු විභාගයක් පැවැත්වීමට මහෙස්ත‍්‍රාත්වරයාට බලයක් නොමැතිව තිබීයදී මෙම සිද්ධියට අදාළව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නඩු විභාගයක් පවත්වා මෙම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩුවක් ගෙන යෑමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් සැකකරුවන්ට එරෙහි මිනීමැරුම් චෝදනා යටපත් කර සෙසු කරුණු වලට ඔවුන්ට ඇප නියම කර ඇතැයි පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මහෙස්ත‍්‍රාත්වරිය නීතීය අවභාවිතා කර ඇතැයිද පැවසීය.

හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීතීවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අත්තනෝමතික බව සඳහන් කරමින්  මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා නීතීපතිවරයා විසින් මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත ඉදිරිපත් කර ඇත.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර එම මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප‍්‍රතිශෝධන ඇයැදුම්පත විභාග කිරීමට තීරණය කළේය.

ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් සිය දේශණ ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය අමතමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් පිටු 35 කින් යුත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කර ඇතැයිද තමන් මේ අවස්ථාවේදී අධිකරණය විවේචනය කිරීමක් නොකරන  බවත් විවේචනය කරන්නේ මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුව බවත් පැවසීය.

එම තීන්දු ප‍්‍රකාශයේ සැකකරුවන්ගේ ප‍්‍රකාශ සටහන් කරගැනීමකින් තොරව ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මහෙස්ත‍්‍රාත්වරිය ප‍්‍රශ්න කර ඇතත් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඉතා අසාධ්‍ය තත්වයේ රෝහල් ගතවු මෙම සැකකරුවන් ඇප දීමෙන් අනතුරුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විට ඔවුන්ට තිබු රෝගී තත්වය කුමක්ද? ගත්ත ප‍්‍රතිකාරය කුමක්ද? යන්න විමසීමට මහෙස්ත‍්‍රාත්වරියට හැකියාව තිබුණත් ඇය එසේ කළේ නැතැයි පැවසු දිලීප පිරීස් මහතා මෙම සැකකරුවන් ප‍්‍රහාරය එල්ල කිරීමට සෘජු හවුල් වීමක් නොමැති හෙයින් අපරාධ සිද්ධිය සිද්ධිය පිළිබඳ විමර්ශනය කොට සැකකරවන්ගේ ප‍්‍රකාශ සටහන් කොට ඔවුන් එයට සම්බන්ධ බව හෙළි වන්නේ නම් පමණක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බව මහෙස්ත‍්‍රාත්වරිය සඳහන් කරන නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතීපතිවරයා දුන් උපදෙස් පිළිබඳව ඇය තැකීමක් කොට නැතැයිද පැවසීය.

අපරාධයක් සම්බන්ධ විමර්ශනයකදී සැකකරු රජයේ සේවකයකුද, පෞද්ගලික අංශයේ අයෙකුද, යන්න විමසීමක් කරන්නේ නැතැයිද මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුව සැළකිල්ලට ගැනීමේදී රජයේ සේවකයින් වැරදි කරන්නේම නැද්ද? යන පැනය මතු වන බවත් ඒ තත්වය මත අල්ලස් කොමිසමට රාජකාරියක් කිරීමට අවශ්‍යතාවයක් ඇති වන්නනේ නැතැයිද පැවසු දිලීප පිරීස් මහතා මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුවේ බොහෝ තැන්වල ඇත්තේ ඇගේ උපකල්පන යැයිද පැවසීය.

ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ එහි නායක සහරාන් හෂිම් නමැත්තා සම්බන්ධයෙන් 2016 වර්ෂයේ සිට පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා දක්වා බුද්ධි වාර්තා 341 ක් ඉදිරිපත් කොට ඇති බවත් ඉන් බුද්ධි වාර්තා 131 ක් පොලිස්පතිවරයාගේ ඇස්වල අවධානයට යොමු කොට ඇති බවත් තවත් බුද්ධි වාර්තා 97 ක් ආරක්‍ෂ ලේකම්වරයාගේ  ඇස්වල අවධානයට යොමු කොට ඇති බවත් පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මේ එකඳු බුද්ධි වාර්තාවක්වත් පොලිස්පතිවරයා හෝ ආරක්‍ෂක ලේකම්වරයා සිය අවධානයට යොමු කොට නොමැති බව මෙම ප‍්‍රහාරයෙන්ම පැහැදිලි වන්නේ යැයි පැවසීය.

ප‍්‍රහාරයක් එල්ල වීම පිළිබඳව වාර්තා ඉදිරිපත් වී තිබියදීත් පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ, කොළඹ හා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම නිවාඩු අනුමත කොට ඇතැයිද පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මෙවැනි කරුණු තිබියදී අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ගත් තීන්දුව දෝෂ සහිත වැරදි මෙන්ම අත්තනෝමතික තීන්දුවක් වන හෙයින් එම තීන්දුව ඉවත දමා මෙම සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

හිටපු ආරක්‍ෂ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා සිය දේශණ ඉදිරිපත් කරමින් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂිම් නමැත්තා සමඟ හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශ්‍යයෙන් චෝදනා ගොනු කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පවසු බව සඳහන් කළේය.

එසේ වුවත් ජාතික තවුහිද් ජමාද් සංවිධාන විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීම පිළිදව පොලිස් අධිකාරී වරුණ අබේසේකර මහතා මුලින්ම 2017 ජුනි මස 07 වැනිදා නීතීපතිවරයාට දැනුම් දෙමින් ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් 2018 මැයි මස 31 වැනිදා ඒ පිළිබඳ යළි සිහි කැඳවීමක් කොට ඇතැත් මේ දක්වා ඒ පිළිබඳ උපදෙස් දී නැතැයිද මේ පිළිබඳව රහස් පොලිසිය දැනුවත්ව සිටියත් සැකකරුවන් අල්ලා ගැනීමට කටයුතු කොට නැතැයිද කීය.

ආරක්‍ෂක ලේකම් කියන්නේත් ඔහුට ඇත්තේත් වෙනත් අමාත්‍යංශයක ලේකම්වරයකුට ඇති බලතල පමණකැයිද ඇමතිවරයාගේ පාලනයට හා විධානයට අනුව කටයුතු මෙහෙයවීම පමණක් ඔහුට බලය ඇතැයිද ආරක්‍ෂක ඇමතිධුරය දරන්නේ ජනාධිපතිවරයා යැයිද පෙන්වා දුන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ජාතික ආරක්‍ෂාව පිළිබඳව හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට පමණක් වගකීමට හැකියාවක් නැතැයිද පැවසීය.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආරක්‍ෂක මණඩලයක් පත් කොට ඇති බවත් 2019 ආරක්‍ෂ මණ්ඩලය රැස්වී ඇත්තේ අවස්ථා හතරකදී පමණක් බවත් පෙන්වා දුන් අනුජ පේ‍්‍රමරත්න මහතා මෙම ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු ලබාදුන් ඉන්දියාව සඳහන් කොට ඇත්තේ මෙම ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු විමර්ශනය කොට ඔවුන්ටද ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස යැයිද පැවසීය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර නීතීඥ දේශණ පැවැත්වීම ලබන 19 වැනිදා දන්වා කල් තබන ලදී.

 

 



අදහස් (11)

සහරාන් - හේමසිරි - පූජිත එකම නඩුවේ විත්තිකරුවන් ලෙස චෝදනා ගොනු කරයි

Sunil Friday, 06 September 2019 03:06 PM

එක වල්ලෙ පොල්...

:       54       161

සමන්ත Friday, 06 September 2019 08:48 PM

අපිත් අධිකරණයට අපහාස කරන්නේ නෑ. එ්ත් දේශපාලන හෙන්චයියෙක් කියන දේ කියන්න ඕනේ. මේ කරන්නේ පූජිත්ගේ දිවුරුම් ප්‍රකාශය ඉල්ලා අස් නොකරගත්තට පලි ගන්න එක. ඔවුන්ට සහරාන් සමග විත්තිකරුවන් කොට නඩු දමනවා නම් නීතිපතිට සහ එකල සොලිසිටර් ජෙනරාල් විදියට හිටිය මිනිහටත් අනිවාර්යෙන්ම නඩු දැමිය යුතුවෙනවා.. ඒ මොකද එදා සහරාන් අත්අඩංගුවට ගන්න ඉල්ලද්දී පොලිසියට අවසරය නුදුන්නේ නීතිපති නිසා.. ඒ වගේම පොලිසිය බලහත්කාරයෙන් තමන් යටතට පවරාගත්ත මිනිහටත් නඩු දමන්න ඕනෑමයි.

:       1       145

senaSaturday, 07 September 2019 07:50 AM

නඩු දැමීමයි, නඩු ඔප්පු කිරීමයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. මටත් පෙනෙන හැටියට නීතිපතිට වුවමනාව තියෙන්නේ මේ මිනිස්සුන්ගෙන් පලිගැනීම සඳහා රිමාන්ඩ් එකේ ලග්ගවන්න මිසක් යුක්තිය ඉෂ්ට කිරීමක් නෙවෙයි අපිටත් මෝඩ ආතල් එකක් ගන්න පුලුවන් මේ ආණ්ඩුව තියෙනකල් හරියට හෙවි වේට් බොක්සිං මැච් එකක් බලනවා වගේ...

:       0       35

sam Friday, 06 September 2019 10:09 PM

මේ නගලා තියන චෝදනා ටික කියවා බැලුවාම, පුජිත ජයසුන්දර එයාගේ දිවුරුම් පෙත්සමෙන් කියලා තියන දේවල් හරි කියලා තේරුම් යනවා. මේ විදියට නඩු ගොනු කලානම්, ඉස්සර කොටි ගහන කාලේ කොළඹ පුපුරපු බෝම්බ වලට ආරක්ෂක ලේකම්, පොලිස්පති, හා ත්‍රිවිධ හමුදාපති වරුන්ට හැමදාම ඉන්න වෙන්නේ රිමාන්ඩ් එකෙයි.

:       1       106

abaran Saturday, 07 September 2019 12:47 AM

පහත තැනින් යයි ගලා ජලේ....සෝබනා ..පහාත් තැනින් යයි ගලා ජලේ....

:       0       85

මුණසිංහ Saturday, 07 September 2019 01:55 AM

කියවෙන කරුණු සත්‍ය නම් මොවුන් ජාතිද්‍රෝහින් හැටියට නම් කරන්න වෙනවා. දේශපාලකයින්ට ඕන විදියට වැඩ කරන්න යන රාජ්‍ය සේවකයින්ට හොද පාඩමක්.

:       9       144

abaranSaturday, 07 September 2019 10:23 AM

අප රටේ සිදුවූ සහ සිදුවෙන කරුණු සත්‍ය නම් මෙතෙක් කල් රට පාලනය කරපු දේශපාලකයින් සහ වැඩිදෙනෙක් නිලධාරීන් ජාති ද්‍රෝහීන්ය. අප එසේ නොසිතන්නේ මාධ්‍ය මගින් එළිදක්වන්නේ දුර්වලයා පමණක් නිසාය.

:       0       12

de silva Saturday, 07 September 2019 02:21 AM

එතකොට රටවටේ ආඩපාලි කියමින් ඇවිදින ජාතික ආරක්ෂාවට මුකුත්ම නොකරපු මේ ගොල්ලන්ගේ ලොකු මහත්මයට කිසිම වගකීමක් නැද්ද ? එතුමා නඩත්තු කරන්න වියදම් කරන්නේ පොල්ප්න්නරුවේ සහල් මුදලාලිගේ සල්ලිද ?

:       193       348

Kumar Saturday, 07 September 2019 02:33 PM

මුළු ලෝකෙටම සිනහ වෙන්න පුළුවන් නඩුවක් තමා මේ පවරන්න යන්නේ. සේවය පැහැර හැරීමත්, ත්‍රස්තවාදී ක්‍රියාවලත් ලොකු වෙනසක් තිබෙනවා. සහරාන් මිනීමරුවෙක්... අනෙක් දෙදෙනා තම රාජකාරිය පැහර හැරිය... රජයේ සේවයේ නියුක්ත අයට තිබෙන නීතිය අනුව කටයුතු කරන්න ඕනේ. ත්‍රස්ත ක්‍රියාවලට කිසිම අයුරකින් අනුබල නොදුන් අයට මෙවැනි චෝදනා කරන්නේ කොහොමද?

:       0       0

NihalSaturday, 07 September 2019 03:34 PM

අනතුරු ඇඟවීම් 90 ගණනක් කරත්දිත් බුම්මාගෙන සිටීම යන්නට ඔබ යෝජනා කරන නම කුමක්ද?

:       0       0

Saman Sunday, 08 September 2019 04:28 AM

බලාගෙන ගියාම දප්පුලත් ලොක්කට තප්පුලනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 5 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 56 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1210 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1197 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1356 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 506 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site