(මනෝප්රිය ගුණසේකර)
තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කළ නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොමිසමට කැදවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපතිවරයා අද (1) දැනුම් දුන්නේය.
ජාතීන් හා ආගම් අතර වෛරී අදහස් පතුරුවා හරින තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධයෙන් 2018 වර්ෂයේ සිට විමර්ශන සිදුකළ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්කි දෙමින් සිටියදී මතු වු කරුණක් පිළිබද දැනුම් දෙමින් කොමිසමේ සභාපතිවරයා ඒ බව දැනුම් දුන්නේය.
සාක්කි විමසීමට කොමිසමට සහය වීම සදහා නීතීපතිවරයාගේ නියෝජිතයා වශයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ මෙන්ම කොමිසමේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා මහතා (සභාපති), අභියාචනාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ සහ බන්ධුල අතපත්තු යන මහත්වරුන් මෙන්ම විශ්‍රාමික අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. මංගලිකා අධිකාරී මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ කරුණු හෙළි කළේය.
සහාරාන්ගේ කටයුතු නැවැත්වීම සම්බන්ධයෙන් යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස 2018 අපේ‍්‍රල් 18 වැනිදා පොලිස්පතිවරයා නියෝගයක් කර තියෙනවා නේද? යනුවෙන් ජනාධිපති කොම්සමේ විනිසුරුවරුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසු විට ඔව් යනුවෙන් පිළිතුරු දුන් ඒ මහතා සහරාන්ගේ මුහුණු පොතේ ප්‍රචාරය කළ වීඞීයෝ පට වලින් හෙළි කරගත් තොරතුරු පදනම් කරගනිමින් නීතීපතිවරයාගේ උපදෙස් මත ඔහුට එරෙහිව සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ පියවර ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන් බව හෙළි කළේය.
ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ සභාපති විනිසුරුවරයා විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කළ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කොමිසමට කැදවීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’සහරාන්’ ගැන විමර්ශන කළ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කොමිසමට කැඳවයි