IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සහරාන් කපටිකමින් මඟහැර ගියා

(●● සුජිත් හේවාජුලිගේ)

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය තව්හීත් ජමාත් ත‍්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් අල්ලා ගැනීමට උත්සාහ දැරුවත් ඔහු කපටිකමින් මඟහැර ගිය බව එම කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පාස්කු ඉරුදින ප‍්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ඊයේ (1) පැවැසීය.

සහරාන් සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාට යැවූ ලිපියේ අඩුපාඩු තිබිය හැකි බව කී පොලිස් අධිකාරිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වේ ඒ වන විට තිබූ තොරතුරු යැයිද ප‍්‍රකාශ කළේය.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එක්තරා අංශයකින් අයිඑස් ත‍්‍රස්තවාදීන් ගැන පැය 24 පුරා විමසිල්ලෙන් සිටි බවද ඔහු කීය.

පාස්කු ඉරුදින ප‍්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි නියෝජ්‍ය සභාපති ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පෙරවරුවේ රැස්වූහ.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

ආශු මාරසිංහ මහතා:-

ඔබ ත‍්‍රස්ත විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ලෙස පත් වුණේ කවදාද?

විශාන්ත මහතා:-

2016.5.12 දින

ආශු මාරසිංහ මහතා:-

ත‍්‍රස්තවාදී විමර්ශන අංශය අන්තවාදය ගැන හොයන්න ගත්තේ කවදාද?

විශාන්ත මහතා:-

2017 මුල්භාගයේදී. ඊට මුල් වුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා.

ආශු මාරසිංහ මහතා:-

අයිඑස්අයිඑස් ගැනත් සොයා බැලූවද?

විශාන්ත මහතා:-

ඔව්. පැය 24 පුරා විමසිල්ලෙන් සිටියා. පසුව පොලිස්පතිට වාර්තාවක් දෙනවා.

ආශු මාරසිංහ මහතා:-

සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තු දෙකක් තිබුණා. ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයි?

විශාන්ත මහතා:-

ඔහු අල්ලන්න කණ්ඩායම් කිහිපයක් යැව්වා. නමුත් අල්ල ගන්න බැරිවුණා.

නලින්ද ජයතිස්ස මහතා:-

ඔබලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලූවද?

විශාන්ත මහතා:-

ඔව්. සහරාන් අල්ලන්න හා එන්.ටී.ජේ. එක තහනම් කරන්න උපදෙස් ඉල්ලූවා.

නලින්ද ජයතිස්ස මහතා:-

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස නීතිපතිට යැවූ ලිපියේ අඩුපාඩු තිබුණද?

විශාන්ත මහතා:-

ඔව්. වෙන්න පුළුවන්. අපි යැව්වේ තිබුණු තොරතුරු.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

පැහැදිලි විමර්ශන සාක්‍ෂි තිබුණේ නැහැ කියලා අද මෙතැන සාක්‍ෂි දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රකාශ කළා.

විශාන්ත මහතා:-

ප‍්‍රකාශ ගන්න තරම් සුදුසු සාක්‍ෂිකරුවන් සොයන්න බැරිවුණා. අපට ලැබුණු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. සහරාන් අල්ල ගන්න තිබුණා. නමුත් ඔහු කපටිකමින් මඟහැරියා.

ආශු මාරසිංහ මහතා:-

ඔබලා හා යුද හමුදාව අතර ගැටුමක් තිබුණද? මොකද යුද හමුදාපති එහෙම දෙයක් පැවසුවා.

විශාන්ත මහතා:-

නැහැ එහෙම ගැටුමක් තිබුණේ නැහැ. අප හමුදා බුද්ධි අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.

මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේ 1997 දීයි. මෙහි වසර 22 ක් සේවය කරනවා. කොළඹ මහාධිකරණ හතක අධීක්‍ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කරනවා.

කාතන්කුඩියේ සහලාන් මවුලවි නීතිපති දෙපාර්තමේන්තුවට ඇවිත් මේ වාර්තාව  බාරදුන්නා. මම මේ වාර්තාව එවකට නීතිපති ජයන්ත ජයසූරිය මහතාට බාරදුන්නා. මේකෙ විස්තර දැකලා ජයසූරිය මහත්තයාත් සලිත වුණා. පසුව අප ලිපිය පොලිස්පතිවරයාට බාරදුන්නා. ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඊට පසුව සහලාන් මවුලවි තවත් ලිපියක් අපට එවා තිබුණා. දිනක් සහලාන් මවුලවි මට දුරකතනයෙන් කතා කර සාකච්ඡාක් දිය හැකි දැයි විමසුවා.

මා මේ පිළිබඳව පොලිස්පතිට දැනුම් දුන්නා. නමුත් කිසිම ප‍්‍රතිචාරයක් පොලිස්පතිගෙන් හෝ විමර්ශන අංශවලින් ලැබුණේ නැහැ. නීතිපති මේ ගැන සැළකිල්ලෙන් හිටියා. පොලිස්පති පිළිතුරක් එව්වේ නැහැ. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන පැවැත්වූවා නම් පොලිස්පතිට ඒක කියන්න තිබුණා. එහෙම කිව්වා නම් මම සහලාන් මවුලවි අනිවාර්යෙන්ම ඒ අංශයට යොමු කරනවා. මවුලවි අපට දුන් ලිපියට පියවර රැසක් ගත්තා. එතුමා ත‍්‍රස්තවාදය ගැන කියන්නේ නැහැ. එන්ටීජේ අන්තවාදය පෝෂණය කරනවා කිව්වා. නමුත් පොලිසිය ඔහුගෙන් කටඋත්තරයක්වත් ලිව්වේ නැහැ.

අප වැඩ කරන්නේ විශාල පීඩනයක් මැදයි. අසම්පූර්ණ ගොනුවක් එවලා අපට චෝදනා කිරීම අසාධාරණයි. එම්.පී. 103 ගොනුව ගැන මම පොලිස්පතිට පෞද්ගලිකව කිව්වා. මෙන්න එයාලා එවපු ලිපි ගොනුව. මේකෙන් තව්හීත් ජමාත් තහනම් කරන්න පුළුවන්ද? අවිධිමත් මළ ගොනුවක් එවලා පියවර ගන්නවාලූ. ත‍්‍රස්තවාදීන් නම් කාගෙන්වත් අහන්න  ඕනද? ටීඅයිඩී එකට එයාලා අත්අඩංගුවට ගන්න පුළුවන්.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

මේ තොරතුරු ප‍්‍රමාණවත් නැතිනම් තවදුරටත් තොරතුරු ගන්න තිබුණා.

දිලීප පීරිස් මහතා:-

මේ වගේ ලිපි ගොනුවක් මම දැකපු පළමු අවස්ථාව මේකයි. ත‍්‍රස්තවාදී අංශය භූමියට යන්න  ඕනෑ. එහෙම නැතිව මෙයාලා අපට මොකක්ද කියන්නෙ. මම මේ ෆයිල් එක පොලිස්පතිට යැව්වේ එහි බරපතලකම තේරුම් ගත්ත නිසයි.

කාතන්කුඩි පොලිස් ස්ථානාධිපති කැඳවලා මම මේ ගැන ප‍්‍රශ්න කළා. මේවාට පියවර ගන්නෙ නැත්තේ ඇයි කියල ඇහුවා. දේශපාලනය නිසා හිරවී සිටින බවක් ඔහු ඇඟෙව්වා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

අප කාටවත් චෝදනා කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ අඩු පාඩුවක්. පද්ධතිය ගැන ගැටලූවක්. ලිපි ගොනු අතර සම්බන්ධීකරණයේ අඩුවක් දැක්කද?

දිලීප පීරිස් මහතා:-

මේ සිද්ධියේදී එක කාලයකට පසු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය නිහඬයි. බෝම්බ ගිය දවසේ මට කල්පනා වුණා මීට වඩා දෙයක් කරන්න තිබුණ නම් හොඳයි කියලා.

නලින්ද ජයතිස්ස මහතා:-

නීතිපති දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි ඒකකය ආරම්භ කළේ කවදාද?

දිලීප් පීරිස් මහතා:-

වසර විස්සකට පමණ පෙර

නලින්ද ජයතිස්ස මහතා:-

ලිපි එහාට මෙහාට යොමු කරනවා හැරෙන්නට නීතිපති දෙපාර්තමේන්තුවට වෙන පියවරක් ගත නොහැකිද?

දිලීප පීරිස් මහතා:-

පුළුවන්. විවිධ පුද්ගලයන් කැඳවීමටත් කටයුතු කළා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

මොනදේ කිව්වත් ගොඩක් අය මෙතැනදී අසාර්ථක වී තිබෙනවා.

රවුෆ් හකීම් මහතා:-

එක එක්කෙනාට චෝදනා කරනවාට වඩා ක‍්‍රමවේදය නිවැරදි කර ගැනීම වැදගත්.

මහාචාර්ය ආශු මාසිංහ මහතා:-

සහලාන් මවුලවි  ෆයිල් එකක් අතින් ගෙනත් දුන්නු නිසා අවධානය යොමුවුණා කිව්වා. එතකොට අවධානය යොමු වන්නේ අතින් දුන්නොත් විතරද?

දිලීප පීරිස් මහතා:-

සහලාන් මවුලවි කාතන්කුඩියේ ඉඳලා තකහනියේ ඇවිල්ලා, දීපු නිසා මම ටිකක් ඒක සංවේදී වුණා.  ඕන නම් ඔහුට මේක තැපෑලෙන් එවන්නත් තිබුණා.

ෆේස් බුක් පිටු බලලා අපට නඩු දාන්න පුළුවන්ද?

මහාචාර්ය ආශු මාරසිංහ මහතා:-

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉල්ලූවේ උපදෙස්. ඔබලාට ඒ උපදෙස් දෙන්න තිබුණා.

දිලීප පීරිස් මහතා:-

ඒකට අපේ උපදෙස් අවශ්‍ය නැහැ. අයිසීසීටීආර් පනතට වඩා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රබලයි. මෙතැන තියෙන්නේ එස්.ටී.ජේ. වෙබ් අඩවියේ පත‍්‍රිකායි. එහෙමනම් විශේෂඥ සාක්‍ෂියක් ගේන්න  ඕන සාක්‍ෂිමය අනුපිළිවෙළක් තිබුණේ නැහැ.

සරත් ෆොන්සේකා මහතා:-

වැඩි විස්තර නැති නිසා ඔබ ගත්තේ නැහැ. නමුත් මවුලවි කාතන්කුඩියේ ඉඳලා ආපු නිසා ඔබගේ පපුවට වැදුණා. නමුත් ෆයිල් දෙකේම තිබුණේ එක විෂයයක්. ෆයිල් දෙකක් වුණාට විෂය එකයි.

දිලීප පීරිස් මහතා :-

අප මේක පොලිස්පතිට යැව්වා. නමුත් පොලිස්පති අපට මොකුත්ම කිව්වේ නැහැ. පොලිස්පති නිහඬයි.

සරත් ෆොන්සේකා මහතා:-

වැඬේ අවුල් වුණාම සම්බන්ධීකරණය ඇතිවෙලා වැඩක් නැහැ.

දිලීප පීරිස් මහතා:-

ඔව් ඒක හරි.

ආශු මාරසිංහ මහතා:-

අන්තවාදීන් ගැන තවත් ෆයිල් තිබුණාද?

දිලීප පීරිස් මහතා:

අන්තවාදී බෞද්ධ පිරිසකුත් ඉන්නවා. එහෙම පැමිණිලිත් තියෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි මහතා සාක්‍ෂි දෙමින් මෙසේ පැවැසීය.

මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේ 1998 දියි. අපරාධ අංශයට අනුයුක්තව රාජකාරි කරනවා. විශේෂ අධිකරණයේ නඩු මෙහෙයවන්නා ලෙස කටයුතු කරනවා.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

ඩබල් ඊ.ආර්. ෆයිල් එක ගැන විස්තරයක් කරන්න.

නවාවි මහතා:-

ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයෙන් අපට ආවේ ලිපි කිහිපයක්. ඒකට ගොනුවක් කියන්න බැහැ. මේ ගොනුව නවාවි විසින් මලික්ට දුන්නේ ඇයිද කියල ප‍්‍රශ්නයක් ඇති වී තියෙනවා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

මේ සභාවට එහෙම ප‍්‍රශ්නයක් නැහැ.

නවාවි මහතා

සහරාන් ඒ කතා පවත්වලා තිබුණේ දෙමළ භාෂාවෙන්. මම මේක මලික් අසිස් මහතාට යොමු කළේ වටහා ගැනීමේ පහසුව සැලකිල්ලට ගෙනයි. පොලිසියට සාක්ෂි තියෙනවා නම් නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ. අදාළ අය අත්අඩංගුවට ගන්න පුළුවන්.

ආශු මාරසිංහ මහතා:-

අඩුපාඩු තියෙනවා නම් ඒ අයට ඒක කියන්න තිබුණා.

නවාවි මහතා

එහෙම කියන්න අවශ්‍ය නැහැ.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

මේක ගමේ ගහගත්තු දෙයක් නොවෙයි. බරපතළ සිද්ධියක්. ඇයි මේක පස්සෙ ගියේ නැත්තෙ?

නවාවි මහතා:-

අපරාධ විමර්ශනයක මුල් අදියර විය යුත්තේ පැමිණිල්ලක් සටහන්කර ගැනීමයි. මෙතැන ඒක වෙලා නැහැ.

ආශු මාරසිංහ මහතා:-

මලික් අසිස් මේ ගැන ඔබ සමග සාකච්ඡා කළාද?

නවාවි මහතා:-

මගේ මතකය හැටියට නැහැ. පමාවක් ගැන මට කවුරුත් කිව්වේ නැහැ.

ආශු මාරසිංහ මහතා:-

මලික් ඔබ නැතිව දප්ලූල ද ලිවේරාගෙන් උපදෙස් ගත්තාද?

නවාවි මහතා:-

එහෙම වෙන්නේ නැහැ.

ආශු මාරසිංහ මහතා:-

ඔබලා ටීඅයිඞී එකට උපදෙස් දීමෙන් වැළකී සිටියාද?

නවාවි මහතා:-

මට තේරෙන්නෙ අනෙක් පැත්ත. ඇයි අපට විස්තර ඉදිරිපත් නොකළේ.

ජයම්පති වික‍්‍රමරත්න මහතා:-

ටීඅයිඞී එකට උපදෙස් දුන්නා නම් අපේ‍්‍රල් ප‍්‍රහාරය ඇති වන්නේත් නැහැ. සාක්‍ෂිකාරයා ටිකක් හොයාගන්න කියලා උපදෙස් දෙන්න තිබුණා. සාක්ෂි හොයාගෙන වරෙල්ලා කියන්න තිබුණා. එහෙම වෙලා නැහැ.

නවාවි මහතා:-

මුල් පැමිණිල්ලවත් ගොනුව සමග ඉදිරිපත් කළේ නැහැ. අප ටීඅයිඞී එකට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක විශේෂ ආයතනයක්.

නලින්ද ජයතිස්ස මහතා:-

පොලිසිය එවන සියලූ ලිපිගොනු අසම්පූර්ණද?

නවාවි මහතා:-

එහෙම නැහැ. මේක අසම්පූර්ණ ගොනුවක්.

එම්.ඒ. සුමන්තිරන් මහතා:-

ඔබලාගෙන් කිසිම අඩුපාඩුවක් වෙලා නැති බවද ඔබ මේ කියන්නේ.

නවාවි මහතා:-

මට ඒකට ඔව් හා නැහැ කියලා උත්තරයක් දෙන්න බැහැ.

සුමන්තිරන් මහතා:-

ඔබෙන් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන්.

(නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් අතර සාකච්ඡාවක්)

නවාවි මහතා:-

නැහැ. එහෙම අඩුපාඩුවක් වෙලා නැහැ.

සුමන්තිරන් මහතා:-

මෙතැනදි නීතිපති දෙපාර්තමේන්තුව හොඳින් කටයුතු කළාද?

නවාවි මහතා:-

ඔව්.

ආශු මාරසිංහ මහතා:-

නීතිපති උපදෙස් දුන්නා නම් අද සහරානුත් ඉන්නවා ඒ සිද්ධියෙන්  මැරුණු අයත් ඉන්නවා.

නවාවි මහතා:-

මම ඒක ප‍්‍රතික්‍ෂේප කරනවා. මීට කලින් සහරාන් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු දෙකක් තිබුණා. නමුත් ඇල්ලූවේ නැහැ. පළමු විවෘත වරෙන්තු නිකුත් කළේ මඩකළපු මහේස්ත‍්‍රාත්. දෙවැනි වරෙන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් නිකුත් කළා. නමුත් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සහරාන් ඇල්ලූවේ නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් නොදුන්නු නිසා බෝම්බ පිපිරුවා කියන එක ද්වේශ සහගත ප‍්‍රකාශයක්.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 6 වැනිදා යළි රැස්වීමට නියමිතය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (10)

සහරාන් කපටිකමින් මඟහැර ගියා

KANDEPOLA Friday, 02 August 2019 07:09 AM

සහරාන් යන එන තැන්, වෙලාවල් ඔක්කොම බුද්ධි අංශ මගින් ලබා දීලා තිබුණා. ඇත්ත කතාව නම් සහරාන්ගේ මුදල්වලට සියලු දෙනා යට වුණා...

:       0       31

Cisco Friday, 02 August 2019 08:07 AM

අන්තිමට නීතිපතිත්, පොලිසියත් යහතින් ඉන්නවා, තේරීම් කාරක සභාව කෝලම් මඩුවක් වෙලා, දෙසීයකට වැඩි අහිංසකයින් පිරිසක් පොළව යට.

:       40       352

Mahee Friday, 02 August 2019 08:40 AM

මං මේ කල්පනා කලේ මග හරින්නේ නැතුව කැමැත්තෙන් පොලිසියට අහුවෙන්න එන ත්‍රස්තවාදියෝත් මේ ලෝකේ ඉන්නවද කියලා...

:       0       184

නයනක්කාර Friday, 02 August 2019 09:50 AM

සහරාන් පොලිසියට වතුර ටැංකි දෙනකොට අල්ලන්න තිබුණා නේද? පේන විදියට නම් පොලිසිය කපටිකමින් මග හැරලා ගිහින් වගේ...

:       0       577

kolam boss Friday, 02 August 2019 10:31 AM

ෆේස්බුක් වලින් දාන පාටි අල්ලන්න යන්න පොලිසියට අවසර දෙන්න පුළුවන්...

:       0       102

sampath Friday, 02 August 2019 10:51 AM

මේ රටේ දකුණු අත කරන වැඩේ, වම් අත දන්නේ නැහැ. හැමෝම එකිනෙක කපාගෙන ඉස්සරහට යන්න, ලකුණු දාගන්න වැඩ කරන්නේ.. මේ දෙන උත්තර දිහා බැලුවම ඉතා පැහැදිලි වගකීම් විරහිතව ක්‍රියා කරපු ආකාරය ආයතනවල ලොක්කෝ හැමවෙලාවකම දේශපාලනය පිනවන්න ඔවුන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කොට තම තානාන්තර ඉහළ දමා ගැනීමට කටයුතු කිරීමේ පෙළිවත මොනවට පැහැදිලියි.. මුළු ව්‍යුහයම උඩුයටිකුරු කර වෙනස්කළ යුතුයි. නැතිනම් සදාකාලිකව අමාරුවේ. ආරක්ෂාව විතරක් නොවේ.. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය හැම ක්ෂේත්‍රයකම ඒ වගේමයි.

:       0       116

chandra Friday, 02 August 2019 05:39 PM

2017 සිට 2019-04-21 දක්වා කටයුතු කල නීතිපතිතුමා දක්ෂ නිසා තමයි ව්‍යවස්ථාදායක සභාව විසින් ගරු අගවිනිසුරු තනතුරට නිර්දේශ කලේ... ව්‍යවස්ථාදායක සභාවට දැන් හරි සතුටුයිද?

:       0       4

MD Saturday, 03 August 2019 03:39 AM

නිශාන්ත මහත්තයා, ඔයාගේ කතාව මොන්ටිසෝරි දරුවකුට නම් හොඳයි. අනේ පව් ඔයාලා. ඔයා ගන්න වැටුපත් ණයයි.

:       0       0

jayasekara Saturday, 03 August 2019 04:46 AM

මේ වරිගෙම කපටියෝ තමා... උඩින් හිනාවෙලා යටින් ගේම දෙනවා...

:       0       0

Bamunuarachchi Sunday, 04 August 2019 09:22 AM

සහරාන්ගේ කපටිකම්වලටයි, මහේන්ද්‍රන්ගේ කපටිකම්වලටයි අසුවූ ගොබ්බ පාලකයින්ගේ කපටිකම් වලට අපි අසුවී නැවත මොවුන්ට පාලන බලය දෙනවද? දෙසැරයක් හිතන්න අදහසක් අපෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 134 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 345 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 870 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1161 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 398 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 189 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site