IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සහරාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරු යළි රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)                                  

සහරාන් හෂීම් ඇතුළු ත‍්‍රස්තයින්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් දින 90ක රැඳවුම් බාරයෙන් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු අගෝස්තු 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.

ඊට අදාළ වෙඩිබෙහෙත් ආදී පුපුරණද්‍රව්‍ය සැපයූ බව කියන හා පිපිරවීම් සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් තිදෙනෙකුට අදාළ නඩුව යළි කැඳවූ අවසථාවේ එම නඩුවටම නාරම්මල කැකුණගොල්ල ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් මොහොමඞ් අජ්මීර් නැමැත්තෙකු ඉදිරිපත් කළ අවස්ථාවේදී සෙසු සැකකරුවන් තිදෙනෙකු  සමඟ අදාළ සැකකරු ද රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එසේ අද (29) නියම කෙරිණි.

එහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ සහරාන් හෂීම් සමඟ ඝාතන සැලසුම්වලට සහභාගී වූ බවට තිබූ තොරතුරු මත  ඉදිරිපත් කළ සැකකරු මැයි 6 දා අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය මත රඳවාගෙන ප‍්‍රශ්න කළ බවයි. එසේම සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු රැඳවාගෙන ප‍්‍රශ්න කරන බවත් මෙවැනි සිදුවීමක පරීක්‍ෂණ දැඩි සංකීර්ණ බවත් පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඉ හා උ වගන්ති ප‍්‍රකාරව සැකකරුවන් ඉදිරිපත් කරන බවද පැවසීය.

තවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයේ අවධානය යොමු කරමින් කියාසිටියේ සයින්දමර්දු, කල්මුණේ, වනාතවිල්ලූව හා නාරම්මල ආදී ප‍්‍රදේශවල තිබී හමුවූ නඩු භාණ්ඩ ද ඉදිරිපත් කරමින් බවයි.

එහිදි සැකකාර වෙඩිබෙහෙත් අලෙවි කළ දෙදෙනා වෙනුවෙන් කරුණු කී නීතිඥයින් පෙන්වාදුන්නේ දැනට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන වැන්සස් ලාසරස් හා විජිත ජයරත්න නමැති තම සේවාදායකයින් නීත්‍යනුකූල බලපත‍්‍ර සහිතව එම ව්‍යාපාරයේ නියැලෙන බවයි. 2019 වසර සඳහාද එම බලපත‍්‍ර වලංගු බවද නීතිඥවරු අධිකරණයට කියා සිටියහ.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යළිත් කරුණු දක්වමින් කියාසිටියේ බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පුපුරණ ද්‍රව්‍ය ත‍්‍රස්තයින් අතට පත්ව තිබූ බවට විමර්ශන අනුව හෙළිවූ බවයි.  දිවයිනේ ස්ථාන 8කදී පිපිරුම් වලට සෘජුව භාවිතා කර තිබී ඇත්තේද අදාළ සකකරුවන් නිකුත් කළ පුපුරණ ද්‍රව්‍ය බවද එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දැක්වීය.

ඉදිරිපත් වූ සියලූ කරුණු පිළිබඳව අවධානය යොමුකළ මහේස්ත‍්‍රාත්වරිය සියලූ සැකකරුවන් අගෝස්තු 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥවරුන් වූ චන්දන යාපා, කැලූම් හෙට්ටිගමගේ, චමිපික ලසිතකුමාර, ආසිරි ප‍්‍රනාන්දු, ජානක වත්තේගෙර යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (1)

සහරාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරු යළි රිමාන්ඩ්

thushara Monday, 29 July 2019 10:42 AM

ලබන වාරේදී අනිවාර්යයෙන්ම ඇප ලැබෙනවා. වැරදි කරුවන් වුනේ පල්ලියට ගිය, ජීවිත අහිමි වුණු, තුවාල වුණු අය. මෙහෙමත් නීතියක්ද ලංකාවේ? මේවට මොන නඩුද..?

:       6       18

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 5 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 164 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 193 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 499 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 345 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 845 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site