IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සහරාන්ගේ ළමා කඳවුරට සල්ලි දුන් පදනමේ බුද්ධි අංශ ලොක්කෙක්

(***නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා නියෝජනය කරන “සේව්ද පර්ල්” රාජ්‍ය නොවන සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහීල් ඩූල් මහතා කටයුතු කරන බව ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා  කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඊයේ (17) සඳහන් කළේය.

“සේව්ද පර්ල්” නමැති රාජ්‍ය නොවන සංවිධානය ලියාපදිංචි කළ එකක් නොවන අතර එය ලියාපදිංචි කිරීමට අවශ්‍ය නොමැති බවත්, එහි ආරම්භක සාමාජිකයින් 20 දෙනෙකු පමණ සිටින බවත් ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ යුනූස් ලෙබ්බේ මොහොමඩ් නවවි මහතා ද සිටින බවත්, එම සංවිධානය අන්තවාදී සංවිධානයක් නොවන අතර එයින් දහම් පාසල් මෙන්ම පන්සල්වල පුණ්‍ය කටයුතු ද සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (17) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් (37976) සුරංග නිලධාරියා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙහි සැකකරුවකු ලෙසට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා  ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන නීතිඥ හිජාස් ඕමාර් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා සමග නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව:  මෙම සිද්ධියට අදාළව හිජාස් ඕමාර් හිස්බුල්ලා යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා. ඔහු, සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණු ඉන්සාෆ් අහමඩ් නමැත්තා සමග සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වුණා. මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් පවත්වාගෙන යන සංවිධානයක් වන “සේව්ද පර්ල්” නමැති සංවිධානය මගින් මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ වෙනම ම ගොඩනැගිල්ලක ළමයින් පිරිසක් නේවාසිකව රඳවා ගෙන ඉගැන්වීම් කටයුතු කළ බවට අනාවරණය වුණා. ඒ බව එහි අධ්‍යාපනය හැදැරූ ළමයින් කිහිප දෙනකුගේ ප්‍රකාශ අනුව තහවුරු වුණා. එම පාසල මගින් අන්තවාදී අදහස් පැතිරවීමට ඉගැන්වීම් සිදුකරලා තිබෙන බවට අනාවරණය වුණා. එහි පරිපාලන නිලධාරි මොහොමඩ් සුල්තාන් යන අය අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනවා. මෙහි තිබී ඔවුන් ළමයින්ට ඉගැන්වීම් කළ ග්‍රන්ථ 19ක් අත්අඩංගුවට ගත්තා. මේ සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ නිලධාරීන්ගෙනුත් සහාය ගත්තා. ඒ අනුව අත්අඩංගුවට ගත් පොත් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළා. එහිදී ඒවා රචනා කළ මෙන්ම ඒවා ඉගැන්වීම් කළ ගුරුවරයා වන මොහොමඩ් ජසීම් මොහොමඩ් අහමඩ් නමැත්තා අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටිනවා. එසේම මොහු රචනා කළ ප්‍රශ්න ගත ග්‍රන්ථය වන්නේ “නව රසම්” නමැති ග්‍රන්ථයයි. එම ග්‍රන්ථය පිළිබඳව විමර්ශනයක් කළා. එහිදී සැකකටයුතු තොරතුරු රාශියක් අනාවරණය වුණා. මෙම ග්‍රන්ථයේ අන්තවාදී අදහස් සහිත වූ බවට සොයා ගත්තා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු වෙනවා. මේ පොත් ඉගෙන ගත් ළමයින්ගේ මනසට කුමන ආකාරයේ බලපෑමක් සිදුවෙලා ද කියලා සොයා බලන්න වෙනවා. ඒ අනුව මෙම ග්‍රන්ථය සහ එහි සිංහල මෙන්ම ඉංග්‍රීසි පරිවර්තනය සහිත පොත් තුනක් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් කැඳවීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ ග්‍රන්ථ හැදෑරීමෙන් දරුවන්ගේ මනසට සිදුවූයේ කුමක්ද? දරුවන් සිය දිවි නසාගැනීමට පෙළඹීම් සිදුවී ඇත් ද යන්න සම්බන්ධයෙන් ද ළමා හා යෞවන මානසික වෛද්‍ය විශ්ලේෂකවරයකු ලවා මෙම වාර්තාව සකසා ගත යුතු වෙනවා. එසේම, මෙම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බොම්බකරු වූ ඉබ්‍රහිම් මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් යන අයට අයත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ සී සී ටී වී පද්ධතියට අයත් ඩී වී ආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඉල්ලීමක් කරනවා. එසේම, මෙම සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් කර නොමැති බව ද සඳහන් කරමි.
අධිකරණය: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන එහි 9 වන වගන්තිය යටතේ රැඳවුම් නියෝග මත රඳවා තබා සිටින මෙම හිජාස් හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ඔහු සැකකරුවකු ලෙසයි. එහෙත් ඔහු සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර නැත. එබැවින් ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙමි.

මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා: මගේ සේවාදායකයා නීතිඥවරයකු වශයෙන් වසර 15ක් තිස්සේ කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ප්‍රකාරව නීතිය සර්ව සාධාරණ විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් කඩ කළ නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මේ රටේ පරම නීතියයි. මගේ සේවාදායකයාට අද වෙනකල් කිසිම චෝදනාවක් පැහැදිලිව ඉදිරිපත් කරලා නැහැ. වරින් වර මේ අධිකරණයට ඔහුට විරුද්ධව වාර්තා ගෙනෙනවා. ඒ වාර්තාවල තිබෙන කිසිම කරුණක අංශු මාත්‍රයක සාක්ෂියක් නැහැ.

ජනාධිපතිවරයා අත්සන් කරපු රැඳවුම් නියෝගයේ සඳහන් වන්නේ මගේ සේවාදායකයා මොහොමඩ් ඉබ්‍රහීම් අන්සාෆ් අහමඩ් නමැති ස්වයංඝාතකයාට ආධාර උපකාර කිරීම කියලා. බෝම්බය බැඳගෙන ගියානම්, බෝම්බකරු ඇරලුවා නම් කමක් නැහැ.

එහෙම මුකුත් නැහැ. ඒත් මේ අයත් එක්ක අපේ සම්බන්ධයක් තියෙනවා. ඉකුත් 2014 - 2015 කාලයේ දී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අපිට නඩු දෙකක් එවනවා. ඉඩම් දෙකක් සම්බන්ධ සිවිල් නඩු දෙකක්. ඒ නඩු දෙක මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහීම් නමැත්තා ගේ නඩු දෙකක්. අපි දන්නේ නෑ අවුරුදු පහකට පස්සේ මේ අය බෝම්බ පුපුරවයි කියලා. සී අයි ඩී එක මගේ සේවාදායකයා අත්අඩංගුවට ගන්න ආපු වෙලාවේ මේ නඩු ගොනු දෙකම අරගෙන ගිහිල්ලා. දැන් බෝම්බ පැත්තකට දාලා පුත්තලම මද්‍රසා පාසල ගැන කියනවා. හිජාස් ගිහිල්ලා ඒ පාසලේ දේශන පවත්වලා තිබෙනවා කියලා ළමයින් වගයක් කියනවා. මේක අසත්‍යයක්. බෝම්බකරුවන් වෙච්චි පුතාලා දෙන්නටයි තාත්තටයි මගේ සේවාදායකයා කතා කරලා තිබෙනවා. ඒ ඉඩම් නඩු කටයුත්තට. ඔවුන් විශිෂ්ට ව්‍යාපාරිකයෝ. සේව්ද පර්ල් කියන සංවිධානය රෙජිස්ටර් කරලා නැහැ. ඒක කරන්නත් ඕන නැහැ. ඒක සුබසාධන සංවිධානයක්. එහි ආරම්භක සාමාජිකයින් 20 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ සේවාදායකයා. රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහීල් ඩූල් නමැත්තා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ යුනුස් ලෙබ්බේ මොහොමඩ් නවාවි යන අයත් එහි ආරම්භක සාමාජිකයින් වශයෙන් කටයුතු කරනවා. මේ සංවිධානය පන්සල්වලට මෙන්ම දහම්පාසල්වලට ද යම් යම් සම්පාදනයක් කරලා තිබෙනවා. ඉකුත් 2019 ජුලි මස 20 වැනිදා ස්වාමින් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් ස්තූති කරලා අපිට ලිපි එවලා තිබෙනවා. අපි අන්තවාදී සංවිධානයක් කියලා කියන්නේ කොහොමද? මගේ සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම ප්‍රකාශය ලබා දුන්නේ ඉකුත් 2019 මැයි 16 වැනිදා. ඔහු අත්අඩංගුවට ගන්නේ වසරකට පස්සේ එනම් 2020 අප්‍රේල් මස 14 වැනිදා’ අවුරුද්දක් ම සී අයි ඩී එක නිදාගෙන හිටියාද? ප්‍රබල පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා මාධ්‍යවල එක එක අය කිව්වා. ඒ නිසා මෙන්න අත්අඩංගුවට ගත්ත එක්කෙනා. කරත්තේ පිටුපස අශ්වයා බඳිනවා වගේ අත්අඩංගුවට අරගෙන තමයි සාක්ෂි සොයන්නේ මේ පොලීසිය. ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කළා. දුරකතන වාර්තා ගත්තා. සේව්ද පර්ල් කියන සංවිධානයෙන් ගණිකාවන්ගේ කුඩුකාරයින්ගේ ළමයින් අරගෙන ගිහිල්ලා මද්‍රසා පාසලට යවලා තිබෙන්නේ. ඒ ළමයි අවි පුහුණුවට යොමු කළා නම් බෝම්බ ප්‍රහාරයට මගේ සැකකරු ඇතුළත් කරන එක වැරදියි. මගේ සේවාදායකයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා.

අධිකරණය : 1947 අංක 44 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව එවැනි රැඳවුම් නියෝග මත සිටින තැනැත්තකු අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන නැහැ. 1 (7) වගන්තිය ප්‍රකාරව එසේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් එම තැනැත්තා රිමාන්ඩ් භාරයට පත්කරනවා විනා වෙන කිසිම නියෝගයක් කරන්න බැහැ. සැකකරුගේ නීතිඥවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ යුතුයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබූ ඉල්ලීම්වලට නියෝග නිකුත් කළ අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධ නියෝගය සඳහා ලබන ජුලි 01 වැනිදා තෙක් නඩුව කල් තැබීය.



අදහස් (0)

සහරාන්ගේ ළමා කඳවුරට සල්ලි දුන් පදනමේ බුද්ධි අංශ ලොක්කෙක්

ඔබේ අදහස් එවන්න

දියත

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 4 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 5 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 323 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2863 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 605 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1257 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site