IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්

උපාලි ආනන්ද

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8) නියෝග කළේය.

අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුට ඇප ලබා ගැනීම සඳහා සැකකරු පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදී තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මුක්කරවැව, හොරොව්පතාන,  පදිංචිව සිටි අබ්දුල් ගපූර් මොහොමඩ් ෂිෆාන් නැමැති 26 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු ලබන 21 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිළධාරීන් හට  නියෝග කළේය.

තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන  සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේම පදිංචි අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමති සැකකරුවෙකු හොරොව්පතාන  පොලිසිය ඉකුත් 28 වනදා අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබුණි.

එම  සැකකරුගේ ඉදිරි නඩු දිනයේදී ඇප ලබා දීමට විරුද්ධ නොවන ලෙසට ඉල්ලා එම සැකකරුගේ ඥාති පුත්‍රයෙකු, ලක්ෂ 5ක මුදලක් හොරොව්පතාන පොලිස්  ස්ථානාධිපති රොෂාන් සංජීව මහතාට ලබා දීමට කැමැත්ත පළකර ඇති අතර,  එම මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබා දීමට යාමේදී අද (8) මෙම 26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

 



අදහස් (1)

සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්

pakeer Wednesday, 08 May 2019 02:13 PM

මම හිතන්නේ මොහු ඊගාව මරාගෙන මැරෙන කෙනා වෙන්න පුළුවන්...

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 0 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 496 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 42 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1890 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 366 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1712 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site