IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගේ සගයෙක් නිදහස් කරගන්න පොලිස්ථානාධිපතිට අල්ලස් දෙන්න යයි

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් දීමට තැත් කළ පුද්ගලයකු අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය. 

තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැළකෙන සහරාන් හසීම් නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු නිදහස් කර ගැනීම සඳහා මෙලෙස අල්ලස් දීමට යාමේ දී මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සිපාන් නැමැති 26 හැවිරිදි තරුණයෙකි.

අල්ලස් දීමට තැත්කර ඇත්තේ තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට හොරොව්පොතාන පොලිසිය විසින් හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදීම ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අබ්දුල් මජීඞ්  මොහොමඩ් නියාස් නමැති සැකකරුගේ සමීපතම ඥාතියෙකි.

2016 වසරේ සිට සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවටත් මුදල් ගනුදෙනු සිදු කළ බවටත් සැකපිට හොරොව්පොතාන පොලීසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඉකුත් 28 වනදා කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. 

එහිදී ලබන 14 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම සැකකරු නිදහස් කර ගැනීම සඳහා ස්ථානාධිපතිවරයාට පොරොන්දු ලක්ෂ පහක මුදලින් ලක්ෂ දෙකහමාරක් දීමට සැකකරුගේ ඥාතී පුත්‍රයකු උත්සාහ කළ අවස්ථාවේදී එම තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම අල්ලස් දීමේ උත්සාහය සම්බන්ධ සියලු තොරතුරු අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන්ට දන්වා මෙම වැටලීමට පූර්ණ සහාය දී ඇත්තේ හොරොව්පොතාන පොලිසියයි.

අල්ලස් දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (8)කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (19)

සහරාන්ගේ සගයෙක් නිදහස් කරගන්න පොලිස්ථානාධිපතිට අල්ලස් දෙන්න යයි

Raveendra Wednesday, 08 May 2019 04:32 AM

මෙම අවංක නිලදරුවාට අප හදවතින්ම අපගේ ප්‍රනාමය පුදකරන්නෙමු. " නිල ඇදුම ඇගේ ඔතාගෙන සිටින හිවලුන් ගෙන් ගහන පරිසරයක " ඔබ වැන්නන් සිටින බව දාන ගැනීමත් සතුටකි. ඔබට ජයෙන් ජයම වේවා !!! ලංකා මාතාව ඔබ වැන්නන් ආරක්ෂා කරනු ඇත.

:       0       690

Amila Wednesday, 08 May 2019 05:18 AM

හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අපේ උපහාරය. නිකමට හිතෙනවා අර වැල්ලම්පිටියේ පොලීසිය ඕනකමින්ම අර ත්‍රස්තවාදීයගේ කම්හලේ අයට ඇප ලැබෙන විදියට කේස් එක ෆයිල් කරාද කියලා සල්ලි අරගෙන ? පොඩ්ඩක් හොයලා බලන්න. ගිනුම් සහ සිසිටිවි පරීක්ෂා කරා නම් ඇත්ත නැත්ත හොයාගන්න බැරි වෙන එකක් නෑනේද.

:       0       724

ගල්කටස් Wednesday, 08 May 2019 10:55 AM

බය නැති අගමැති... මතු සම්බන්ධයි.

:       1       41

sarath Wednesday, 08 May 2019 05:23 AM

මේවා තමයි අගයන්න ඕනේ. අර කස්ටම් එකේ ඉන්න අය අල්ලස් අරගෙන මෙයාලගේ බඩු එලියට දැම්මේ නැතිනම් ...........

:       0       209

LATHA Wednesday, 08 May 2019 05:24 AM

මරාගෙන මැරෙන කෙනෙක් වෙන්න පුළුවන් ,

:       0       134

සේන Wednesday, 08 May 2019 05:41 AM

මුදලට යට නොවී ජාතික මෙහෙයක් කළ ගරු පොලිස් ස්ථනාධිපති තුමාට ජාතියේ ප්‍රණාමය !! ත්‍රස්තවාදීන් නිදහස් කරගන්න දඟළ නිදහස් කරන යම් තැනැත්තෙක් වෙද්ද ඔවුන් යටවන්නේ මුදලට විය හැකිය. පාලකයා යටවී ඇත්තේ ඡන්ද ටිකටය.එය රටට මහත් ව්‍යසනයකි.

:       0       311

Perakum Wednesday, 08 May 2019 06:29 AM

මුදලට රට ජාතිය පාවා නොදී අවංකව රාජකාරි කරන මෙවන් නිලධාරීන් රටටම ආදර්ශයකි. පොලිස්පති තුමාගේ අවධානයට යොමු විය යුතුය.

:       0       301

Sapumal. Wednesday, 08 May 2019 06:38 AM

මෙම පොලිස් ස්ථානාධිපති තුමාට ජාතියේ ප්‍රණාමය !!! ලක්ෂ පහේ එම මුදල මෙතුමාට පරිත්‍යාග කළා නම් ඉතා අගනේය.එමෙන්ම අල්ලස් දෙන්නා දෙන අල්ලස් මුදලද එය අල්ලාදෙන නිලධාරියාට ලබාදීමට මින් ඉදිරියට හෝ කටයුතු කරන්නේ නම්,එය පැසසිය යුත්තකි.

:       16       232

Wasudewa Wednesday, 08 May 2019 06:39 AM

සිංහල ව්‍යාපාරිකයන්ට විශාල දඩ ගහල ඔවුන්ගේ ව්‍යාපාර නැති භංග කරනවා. එත් මුස්ලිම් ව්‍යාපාරිකයෝ මේ අයට කෝටි ගනම් හොර සල්ලි දීල බඩු හොරෙන් පන්නගෙන ඒ ව්‍යාපාර මහා පරිමාණයෙන් කරගෙන යනවා. මේක මුළු රටම දන්නා රහසක්.

:       2       629

SankaWednesday, 08 May 2019 08:56 AM

සහතික ඇත්ත. මේ රේගු නිලධාරීන් පගා අරගෙන මුස්ලිම් ව්‍යාපාරිකයන් බඩු හොරෙන් පන්නගෙන පොහොසත් වෙනවා. සිංහල ව්‍යාපාරිකයන්ට විශාල දඩගහලා ඒ ව්‍යාපාර වැහිලා යනවා. මේක විශාල අපරාධයක්... රජය මේ ගැන සොයන්න.

:       0       618

RaveendraWednesday, 08 May 2019 10:56 AM

ඔබේ අදහස් අපද අගය කරන්නෙමු. එමෙන්ම ඒවා වඩාත් නිවැරදියි. ඊට අමතරව අපගේ මෙම අදහස්ද හොඳින් සොයා බැලීමට උත්සුක වන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන කිසිඳු නිලධාරියෙක් තමන්ගේ හිතට එකඟව මෙන්ම හිත සතුටින් ඉන්නා මිනිසුන් නොවන බව 100% ස්ථිරය. බැලූබැල්මට හොඳ යහමින් ඉන්න බව පෙනුණත් ඇතුළාන්තය ඉතාමත්ම අඳුරු මෙන්ම කටුකය. අනේකවිධ පවුල් ප්‍රශ්න, ලෙඩදුක්, මානසික රෝග එකී, මෙකී, නොකී දහසකුත් ගැටළුය. නමුත් එළියට නම් පෙනෙන්නේ ලක්ෂේට කොඩි දැමු අය මෙන්ය. එමෙන්ම " මනසින් අන්ත දුගී දුප්පත් හිඟන්නන්ය". මොවුන් පමණක් නොව දියවන්නා ඔයේ රිලවුන් 225ත් මෙම ගණයටම අයත් බවත් නොබියව පවසන්නෙමු. මක්නිසාදයත් මහජන දේපොළ හොරා කන කිසිදු හිවලෙක් යහතින් ජීවත් වුනේ නැත. ස්වභාව ධර්මයා විසින් එවන් හිවලුන්ට හතර හන්දි නැති වෙන්නම දෙනු ඇත. මෙය ඔබට, මට, අප සියල්ලන්ටම පොදුය.

:       0       613

AsaranaWednesday, 08 May 2019 11:42 AM

ඔබ කියන කතාව 100% සත්‍යයි.. නමුත් මේ ජඩනිලධාරීන් පගාඅරන් කරන දේ නිසා එදාවේල සොයන, කන අහිංසක ජනතාවටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනඑක සාධාරණීකරණය කරන්න කිසි විදියකින් බැහැ. ඔය නිලධාරීන්ට කර්ම පටිසන් දෙනකන් අපට මැරි මැරී බලන් ඉන්න බැහැ. රටේ නීතියක් නැත්ද?

:       0       420

Ruchira Wednesday, 08 May 2019 06:51 AM

කැට තියල කියන්නම්, අල්ලස් දීල රිමාන්ඩ් උන කෙනාට කලින් සහරන්ගේ යාලුවෝ ඇප පිට නිදහස් වෙනවා.

:       1       274

sandy123 Wednesday, 08 May 2019 07:35 AM

පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය. ඔබ ඉටු කලේ ජාතික වගකීමකි.

:       0       105

Kamal Wednesday, 08 May 2019 08:15 AM

අර නව දෙනෙක් ඇප ගත්තේ මේ ක්‍රමේට වෙන්න බැරිද?

:       0       203

rasika Wednesday, 08 May 2019 09:27 AM

මෙහෙම සල්ලි අරගෙන කරන්න වෙන්නේ මිනීපෙට්ටියට අත්තිකාරම් බඳින්න තමයි.

:       0       400

Keppetipola Wednesday, 08 May 2019 11:25 AM

අනිවාර්යයෙන්ම රේගු නිලධාරීන් මේ හැම දෙයකටම සම්බන්ධයි. මිලියන ගණන් මහා පරිමාණයෙන් පගාව අරගෙන මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හොරබඩු පාස් කරන රේගු නිලධාරීන් ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම අවංක නිලධාරීන් ටික දෙනෙකුත් ඉන්නවා. රේගු නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව විමර්ශනයක් කළහොත් කාටත් පෙනෙයි කොහොමද? මේ අය මෙච්චර ධනයක් රැස් කලේ කියලා..

:       0       736

Harindra000Wednesday, 08 May 2019 05:17 PM

අවංක නිලධාරීන් ටික දෙනෙකුත් ඉන්නවා! ශ්‍රී ලංකා කස්ටම්...?

:       0       355

pakeer Sunday, 12 May 2019 02:08 PM

රේගුව හරියට වැඩ කරනවා නම් මේ රටේ 99% ක් සුද්දයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 2185 8

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11471 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7823 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3048 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10701 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7531 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site