IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සහන සපිරෙන අයවැයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ජාතික අයවැය සැකසීමේදී කාන්තාවන් , ගැහැණු දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩයම්වල අවශ්‍යතා සැලකිල්ලට ගැනීම තහවුරු කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනා සේනානායක මහත්මිය අද (7) ප්‍රකාශ කළාය.

විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අවශ්‍යතා සැපිරෙන පරිදි අයවැය සැකසීම සහ ඊට අදාළ යෝජනා අයවැයවලට ඇතුළත් වීම තහවුරු කිරීම සඳහා ‘එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ සහ සිවිල් සමාජ කණ්ඩායම් සහ එක්ව ඉදිරියටත් කටයුතු කරන බව සේනානායක මහත්මිය පැවැසුවාය.

“විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් සහ ඔවුන්ට ආර්ථික අවස්ථාවලට ප්‍රවේශවීමට ඇති අවස්ථාව සහ ඉඩකඩ” යන මැයෙන් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය එක්ව සකස් කරන ලද වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් දර්ශනා සේනානායක මහත්මිය එම කරුණු සකස් කළාය. 

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම වාර්තාව එළිදක්වන ලදි. 

ආර්ථික ඉලක්ක සහ සමාජ වගකීම් හා බැඳීම් අතර අඛණ්ඩ බව වර්ධනය කරගනිමින් කාන්තාවන් , ගැහැනු දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත

කණ්ඩයම්වල අවශ්‍යතා සපුරාලීම තහවුරු කිරීම උදෙසා පියවර ගන්නා බව ද ඇය කීවාය. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හියොන් ලී මහතා සහ එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රමායා සල්ගාදු මෙනවිය ද මෙහිදි අදහස් දැක්වූහ. 

ඡායාරූප චතුර එස්. කොඩිකාර

 



අදහස් (5)

සහන සපිරෙන අයවැයක්

sena Friday, 08 February 2019 06:18 AM

විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන්ට යමක් කිරීමේ ඇති අවශ්‍යතාවය පිළිගත හැකියි. නමුත් ගැහැණු දරුවෝ කියන එක ඔතනට දාපු එකෙන් වෙන්නේ අපේ ජාතියට අගෞරවයක්. අපි ගැහැණු දරුවන්ට අඩුවෙන් සලකන ජාතියක් නෙවෙයි මම දන්නා තරමින් දකුණු ආසියාවේම ආකල්පමය වශයෙන් සහ ආර්ථික වශයෙන් ගැහැණු දරුවන්ට සමානව සලකන එකම ජාතිය අපි. උදාහරණයක් හැටියට රාජ්‍ය සේවයේ වැඩි හරියක් ඉන්නේ කාන්තාවෝ, පහේ ශිෂත්වයේ ඉදලා උසස්පෙළ දක්වාම ඉහලම සුදුසුකම් ලබන දරුවන්ගේ 4/5 - 3/5 ත් අතර ඉන්නේ අපේ දැරියෝ මට තේරෙන විදිහට අපේ පිරිමි දරුවෝ දැරියන්ගේ මට්ටමට ගේන වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැති උනොත් අපිට බරපතල සමාජ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද කාන්තාවකට ඊලග පරපුර බිහිකිරීමේ ඇති ජීව විද්‍යාත්මක වගකීම නිසා ඇයගෙන් පිරිමියකුගෙන් ආර්ථිකයට ලැබෙන සහයෝගය අපිට ලබාගන්න බැහැ.

:       0       9

මංජුල බිරැට් Friday, 08 February 2019 07:52 AM

ඇයි මේ උත්සව තරැපහේ හොටල්වල පවත්වන්නෙ අමත්‍යංශයේ ඉඩකඩ නැද්ද ? කුලි ගෙවමින් අමත්‍යංශයේ වලට බිල්ඩින් ගන්නවා උත්සව හොටල් වල ගන්නවා .... එහෙම කරලා සහන දෙන්න කතා කරනවා ⁣මෙතනම මොනතරම් මුදල් නාස්තියක්ද?

:       0       12

Athula kFriday, 08 February 2019 09:40 AM

එතකොටනේ සම්තින් ලැබෙන්නේ...

:       0       6

Athula Friday, 08 February 2019 08:45 AM

මේවා ඔක්කොම සුදුඅලි... මේ පාදඩ දේශපාලන පක්ෂ 2 ම තත්වය ඕක තමයි මහජන ධනය කාබාසිනියා කරන එක විතරයි... ඔතන ගැහැණු හිටියත්, පිරිමි හිටියත් වෙනසක් නැහැ.

:       0       12

AkALANkA RAJAPAKSHA Wednesday, 20 March 2024 08:20 PM

මම රට යන්න ඕනේ... මම දැනට කරන්නේ ඇලුමිනියම්... මට ඕනෙ ඒකෙන් රටයන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 39 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 270 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 103 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 112 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 314 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2758 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site