IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිසුවියන් අපයෝජනය කළැයි චෝදනා ලැබූ විදුහල්පති යළි රිමාන්ඩ්

(රංජිත් රාජපක්ෂ)  
                     
කොත්මලේ පාසලක සිසුවියන් හත්දෙනෙකු අපයෝජනය කළ සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අද(09)  දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා ඔක්තෝබර් 23 දක්වා යළි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොත්මලේ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනි මීගොඩ මහත්මිය නියෝග කළාය.
 
සැකකාර විදුහල්පතිවරයා අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කයිබුඥානවඩිව් නැමති තිදරු පියෙකි.
 
එම විදුහලේ 7,8,9,10 යන ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හත්දෙනෙකු අවස්ථා කිහිපයකදි විදුහල්පතිවරයා අපයෝජනය කළ බව කොත්මලේ පොලිසියට ඉකුත් 7 වෙනිදා ලද පැමිණිල්ලක් මත පොලිසිය මගින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. එදිනම නාවලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.
 
විදුහල්පතිවරයාගේ බිරිඳ ද එම විදුහලේ ගුරුවරියක වශයෙන් සේවය කරන බවත්,  විදුහල්පතිවරයා අපයෝජනය කළ බවට සිසුවියන් විසින් අවස්ථා කිහිපයකදි පැමිණිලි කළද, ඇය කිසිදු පියවරක් නොගත් බවත්, සිසුවියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
 
අපයෝජනයට ලක් වුවේ යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වී අතර පසුව ඇය සිය මවට පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන්ව වරින් වර අපයෝජනයට ලක් කළ බවයි. තම පාසලේ තවත් සිසුවියන්  කිහිපදෙනෙකු විදුහල්පතිවරයා විසින් අපයෝජනය කරන බවට රෝගාතුර වු සිසුවිය පැවසීමෙන් අනතුරුව එම සිසුවියන්ගෙන්ද කොත්මලේ පොලිසිය පැමිණිලි සටහන් කරගෙන, අනතුරුව සිසුවියන් හත්දෙනාම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.
 
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි  ස්ථාන  මාරු කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතාගෙන් ඊයේ (08) ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක්ද කර ඇත.



අදහස් (1)

සිසුවියන් අපයෝජනය කළැයි චෝදනා ලැබූ විදුහල්පති යළි රිමාන්ඩ්

රවින් Thursday, 10 October 2019 01:15 AM

ඇයි මේ ස්ථාන මාරුවීමක්? නඩුව අහලා ඉවර වෙනතුරු පඩි රහිතව රිමාන්ඩ්. මෙවැනි ළමා අපරාධකරුවන් ජන සමාජය තුල ගැවසීමෙන් විශාල අපරාධ රැල්ලක් සිදුවිය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1837 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 932 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 737 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 353 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 623 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 563 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site