IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (32)

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය රිමාන්ඩ්

Cisco Monday, 16 December 2019 01:57 PM

අන්තිමට පිස්තෝල කටේ ඔබනවා දැක්ක දත් දොස්තරට මොකද වෙන්නේ?

:       0       0

ගල්කටස් Monday, 16 December 2019 02:02 PM

හොඳ වැඩේ බොරු කියනවට... අර දොස්තර හිරේ යනකම් ඉවසිල්ලක් නෑ. ලක්මව කෙළසන සිංහල යැයි කියාගන්නා හැතිකරේ විනාශ කළ යුතුමයි.

:       1668       4114

මුණසිංහTuesday, 17 December 2019 01:20 AM

මේ ඩිස්ලයික් දාපු අයට බැරිද තමන් මේ පිළිබදව දරන අදහස කියන්න? රටට ද්‍රෝහිකම් කරන අය හොදයි කියලද කියන්නේ?

:       621       1064

යාපාTuesday, 17 December 2019 01:38 AM

ගනන් ගන්න එපා. ඔය අර උපතින්ම එජාප කියන අය. ඕවා ජන්ම ගති. මේ රටට මොනවා උනත් කමක් නැති අය

:       823       1222

දනුකTuesday, 17 December 2019 02:43 AM

මුණසිංහ මයා, එය ජානවල ප්‍රශ්නයක්. විසඳුම් නැත.

:       0       0

Rasika PradeepTuesday, 17 December 2019 04:13 AM

මම හිතුවේ මෙයා වටේ හිටිය සුදු මහත්තයයි සුදු නොනයි දෙන්නත් මේ එක්කම ඇතුලට යයි කියලා. මෙයාව පරිස්සම් කරන්න.

:       0       0

Nuwan Monday, 16 December 2019 02:38 PM

අන්න නියම තීන්දුවක් ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව නායකයෙක් පත් කරගත්තම ලෝකේ ගොඩක් වක්‍රව ත්‍රස්තවාදීන්ගෙන් යැපෙන රටවලට හරියට අමාරු වුණා. ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට පින් සිද්ද වෙන්න බටහිර රටවලට පැනගෙන ඉන්න දැවැන්ත දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද බලාගෙන..., අප වැනි කුඩා රටවල රජයවල් පෙරළන්න හදන කුහක තක්කඩි රටවලට උණ ගැනෙන්න හොඳ පාඩමක්... මේ සිද්ධියේදී කොන්ද කෙලින් තියන් යුක්තිය, සාධාරණය, රටේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින සියලු රාජ්‍ය නිලධාරීන්ට සහ නායකයින්ට ජාතියේ ප්‍රණාමය..!!!

:       626       2739

namalMonday, 16 December 2019 07:42 PM

ස්වීට්සර්ලන්තෙ කොහෙද ත්‍රස්තවාදීන්ට උදව් කරන්නෙ, මෝඩ කතා කියන්න එපා.

:       878       593

විරවිජේTuesday, 17 December 2019 03:53 AM

නෑ ඉතිං ජිනීවා මානව හිමිකම් කියකිය අර දෙන්නා ත්‍රස්තවාදීව වැඩකරලා මැරුම් කාපුවා ගැන හොයනවා. අරෙහෙ ඇමරිකාව බ්‍රිතාන්‍ය මිලියන ගණන් බඩදරු අම්මලගේ ඉඳන් ඇවිදගන්න බැරි වයසක අය වෙනකම්ම බෝම්බ දාලා මරලා රටවල් පිටින් විනාශ කරන එක ගැනද දන්නෑ...

:       0       0

KaluwaTuesday, 17 December 2019 05:11 AM

250 කට බෝම්බ ගහල මරලා මරපු අය නිදහසේ ඉන්න රටක් මේක. ඕක ඇත්ත වුනත් එහෙම උනේ නෑ කියලා තමා කියන්නේ, ඔයාලා ඔව්වා පිළිගන්නා එක ගැන හිතන්න.

:       0       0

සමන්ත Monday, 16 December 2019 02:59 PM

සත්‍ය සිද්ධියක් වන මෙම සිදුවීමේදී රාජ්‍ය බලය යොදා ගනිමින්, තමන්ට අවශ්‍ය පරිදි රහස් පොලිසියට පත් කළ හෙන්චයියන්ගේ උදව්වෙන් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම උදෙසා මෙම තැනැත්තිය කරන්නේ බොරුවක් යයි ලොවට පැවසීමට කරන ලද මෙම නින්දිත ප්‍රයත්නය හෙලා දකිමු. ජාත්‍යන්තරය තුළ තමන්ට ඇති යුද අපරාධ චෝදනා යට ගැසීමට සහ ඇති බය නිසා අපේ රට තුළ හෑල්ලුවීමට මෙවැනි ගොබ්බ වැඩ හේතු වනු ඇත. මෙම නිලධාරිනිය පසුව නිදොස් කොට නිදහස් කිරීමට සිදුවෙනවා ඇත. යුරෝපිය තානාපති ප්‍රජාව මෙහිදී නිහඬව නොසිතා යයි සිතන්නේ නම් එය මුලාවකි. මෙවැනි දේ දැඩි ලෙස හෙළා දැකිය යුතුයි. සාධාරණය ඉෂ්ඨ කිරීම යනු අපරාධ යට ගැසීම නොවේ. විවිධ චෝදනා ඇති චූදිතයන් මහත්වරුන් සේ මිනිසුන් තලාපෙලා රට කරති. රැල්ල අනික් පසින් නැගෙනවිට දුවන්නට පාර මදිවනු ඇත.

:       1       100

Mahee Monday, 16 December 2019 03:23 PM

රජයට නිසි උපදෙස් දුන් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට මගේ ගෞරවය. මේකට සපෝට් එක දුන්න අවස්ථාවාදීන්වත් අත්අඩංගුවට ගන්න නියම කරන්න.

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 December 2019 03:34 PM

ඇප දෙන්න නම් එපා...

:       0       0

ධම්ම Monday, 16 December 2019 03:37 PM

දැන් ඔබට රාජ්‍ය ආරක්ෂාව තියෙනවා. දැන් ඔය කඩතුරාව ඉවත් කරන්න.

:       0       0

ලොකු අයියා Monday, 16 December 2019 04:24 PM

ස්විස් චොක්ලට් වගේද මහඋලු ගෙදර ලුණුබත්... රස නහර පිනායනවා..

:       0       0

wije Monday, 16 December 2019 04:28 PM

මේ කාන්තාව මුළු ජීවිත කාලයටම හිරේම තියන්න ඕනෑ. මේ කාන්තාව මුළු ලෝකය ඉදිරියේම අපේ නායකයොයි, අපේ රටයි අපකීර්තියට පත්කරන්නයි හැදුවේ... පිටරටක කෙනෙක් මෙහෙම කළා නම් දුක නැහැ අපේම රටේ අපේම මිනිස්සු මේ විදියට අපේ රට විනාශ කරන්නයි හදන්නේ... මේ අයට ලැජ්ජාවක් කියලා දෙයක් නැත්ද? මේ අයගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ නෙවෙයිද? අපේ සමහරක් දේශපාලුවෝ තමන්ට බලය ලබාගන්න ඕනෑ වුණාම රට, ජාතිය දෙකම වුණත් විකුණන තරමේ පහත් තත්වයකට වැටිලා. අපිට දැන් අපේම කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. මේ සැරේ මහ මැතිවරණයෙන් පස්සේ බලන්න පුළුවන්.. එජාප එකට වෙනදේ. අසන 50ක්වත් මේ අයට ලැබෙන්න නම් හොඳ නැහැ. ගෝඨාභය මැතිඳුනි, මහින්ද මැතිඳුනි, තව බොහෝ කාලයක් ඔබලාට මේ රට යහපත් විදියට පාලනය කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රටේ පිනට පහළවුණු ඔබලාට තුනුරුවන් සරණයි..

:       0       0

සෙනරත් Monday, 16 December 2019 04:55 PM

කෝ අර ස්වීස් ආරක්ෂකයො ටික හැලිලා නේද ? මම හිතුවෙ උන් ජේල් එකෙත් මෙයා වෙනුවෙන් ඉදීවි කියලා.

:       0       0

namal Monday, 16 December 2019 07:41 PM

මෝඩ වැඩක්, මේ කාන්තාව කියන්නේ ඇත්ත වෙන්න ඉඩ වැඩියි...

:       522       591

Bandara Monday, 16 December 2019 08:45 PM

නියමයි. තියෙන ලොකුම දඬුවම දෙන්න. අපි ආයෙත් ගෝඨාව ජනපති කරනවා. අපි හොයපු කෙනා ඔබයි ගෝඨාභය

:       530       576

Keppetipola Tuesday, 17 December 2019 12:14 AM

උපන් රටට ද්‍රෝහී වී ලැජ්ජා නැති වැඩ කරලා මුහුණ වහ ගෙන ගියාට දැන් වැඩක් නැහැ. මුළු ලෝකෙම ඔබ කව්ද කියා දන්නවා.

:       166       454

sisira Tuesday, 17 December 2019 12:20 AM

යහපාලන කාලයේ මෙහෙම දෙයක් වුනා නම් කොහොමද? මෙතැනදී ලතාව රට පටවන්න නෙමෙයි ඕන කරලා තිබුනේ. මේ නාටකය රඟ දක්වලා නව රජය ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත් කරන්නයි දත කෑවෙ. ලතාව රට පටවන්න ඕනෑකමක් තිබුනනාමනම් මේ නාටකය රඟ දක්වන්නේ යහපාලනේ කාලයේදීයි.

:       415       157

sisira Tuesday, 17 December 2019 12:22 AM

ලතා ස්විස් යාම කොහොම වෙතත් බන්ධනාගාරයට නම් ලතාවටම ගියා.

:       2       163

යාඅපා Tuesday, 17 December 2019 01:39 AM

කොන්ද පණ ඇති එඩිතර නායකයෙක් ලැබූ මගේ රටට වාසනාවන්

:       512       653

mp Tuesday, 17 December 2019 01:54 AM

කැත වැඩ කරන්න ලැජ්ජා නැහැ. ඒත් ඒවා කරලා අහු වුනහම මූණ වහගන්නවා. ලැජ්ජ නම් වැරදි කරන්නේ ඇයි?

:       153       169

නිලොකා Tuesday, 17 December 2019 02:57 AM

පව්...

:       0       0

දේවිකා Tuesday, 17 December 2019 03:22 AM

මීට වඩා ලොකු කුමන්ත්‍රණ ඉදිරියේදී ඇතිවීමට ඉඩ ඇත. මෙවැනි අයට දැඩි දඬුවම් දීමෙන් ඉදිරියේදී එන කුමන්ත්‍රණකරුවන් එක් පයක් පසුපසට තබනු ඇත. මගේ රටට සුබ අනාගතයක්...

:       0       0

jayath Tuesday, 17 December 2019 04:08 AM

"වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ "- හැන්ඟී හැන්ඟී මූණු බැන්දට නටන්න ඕනේ එළියේ නේද ?

:       0       0

Champa Tuesday, 17 December 2019 04:13 AM

ඉතාම වැරදි සහගත තීන්දුවක්. මේ කාන්තාව කලේ බොරු කතාවක් කියල තාම කොහෙවත් ඔප්පු කරලා නැහැ. අනික මේක මෙහෙම අත්අඩංගුවට ගන්න දෙයක් නෙමෙයි. යහපාලනය ගෙදර යවල එක්කරන් ඇවිල්ල තියෙන්නේ වහ පාලනයක් වගේ පෙන්නේ. මේ කාන්තාවගේ මුවාවෙන් ආණ්ඩුව කරන්නේ රටේ සියලු ජනතාව බිය ගැන්වීම. ඒ කියන්නේ "කට වහන හිටපල්ලා නැත්නම් මේ පේනවනේ අපි කරන දේ. අපිට ඕනෙනම් වෙච්ච දේ නැහැයි කියල ඔප්පු කරන්නත් පුළුවන්. පණට ආදරේ නම් නිශ්ශබ්දව හිටපල්ලා" කියන පණිවිඩය තමයි මේ රටට දෙන්න හදන්නේ.

:       0       0

nilmini Tuesday, 17 December 2019 05:21 AM

අපිට එඩිතර නායකයෙක් සිටින බව දැනීම හරිම සතුටක් දැනෙනවා. හැබැයි මිලේනියම් චැලේජ් ගිවිසුම අපිට එපා. දුප්පත් කම අපට හොදයි

:       0       0

SISIRA Tuesday, 17 December 2019 05:36 AM

හිරේටම දැම්මනම් හරි බොරු කියනවට.

:       1       14

athula Thursday, 19 December 2019 07:26 PM

මේ කතාව ගොතපු එකක්ලු කට්ටියක් කියනවා අනෙක් කට්ටිය කියන්නේ මේක ඇත්තක්.

:       0       0

jinasiri Thursday, 19 December 2019 09:57 PM

ලෝකෙන් උතුම් රටට වුණුදෙයක් දෙයියනේ..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 139 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 296 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1268 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 178 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 346 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site