IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිවශක්ති ආනන්දන්ට කතා කිරීමට නොදීමෙන් පාර්ලිමේන්තුව උණූසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතාට කතා කිරීමට අවස්ථාව නොදීම අසාධාරණ යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධතා දැක්වීම නිසා මැතිසබයේ උණුසුම් තත්ත්වයක් අද (11) ඇතිවිය.

සිවශක්ති ආනන්දන් මහතා සභාව ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් දෙමළ සන්ධානයේ නායකයන් තමාට මැතිසබයේ කතා කිරීමට අවස්ථාව නොදෙන බවට මූලස්ථානයට පැමිණිලි කළේය.

ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සිවශක්ති මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටිමින් හඬ නැගුවේ මේ අවස්ථාවේදීය.

මෙහදී අදහස් දැක්වූ කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුටත් අද මුහුණදීමට සිදුවී ඇත්තේ මේ තත්ත්වය යැයි ප්‍රකාශ කළේය.‘‘අපිත් කාලය ගන්නේ බොහොම අමාරුවෙන්‘‘ ඔහු වැඩිදුරටත් කීය.

සිවශක්ති මන්ත්‍රීවරයා වෙනුවෙන් හඬ නැගූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ.

 



අදහස් (1)

සිවශක්ති ආනන්දන්ට කතා කිරීමට නොදීමෙන් පාර්ලිමේන්තුව උණූසුම් වෙයි

pushpa Friday, 12 October 2018 08:52 AM

මට මේක මහා ප්‍රහේලිකාවක්. කවුද ආණ්ඩු පක්ෂේ කවුද විපක්ෂේ කියල ? ඊටත් වැඩිය කවුද රට ආණ්ඩු කරන්නේ කියල? ඇත්තටම කවුරු හරි රට ආණ්ඩු කරනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1334 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 612 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 517 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 296 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 526 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 487 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site