IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’සිවාජිලිංගම් ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසදුමක් ඉල්ලයි’

(එෆ්.අස්ලම්)

තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් වශයෙන් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.

දෙමළ ජනතාව බලාපොරොත්තු වන එම  විසදුම ලබා නොදෙන්නේ නම් එම ජනතාව වෙනම රාජ්‍යක් ඉල්ලන තැනට යළිත්  තල්ලු වනු ඇති බවද සිවාජිලිංගම් මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ශ්‍රීලංකා රජයෙන් බලාපොරොත්තු විය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ ඉල්ලීම් තේරුම්ගත යුතු බවත්   හෙතෙම සදහන් කලේය.

ජනවාර්ගික අර්බුදයට විසදුම් ගෙන ඒමට අපොහොසත් වීම නිසාවෙන්ම උතුරේ දෙමළ තරුණයින් අවි අතට ගෙන සටන් කිරීමට සිදුවූ බවත් නැවතත් එවන් යුගයකට තල්ලු වීමට ඉඩදිය නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සියළු ජනතාවට එක්සත් ලංකාවක් තුළ නිදහසේ ජීවත් වීමට ඉඩකඩ විවර කළ යුතුව ඇති බවත්  සිවාජිලිංගම් මහතා කියා සිටියේය.

තවද යුද සමයේ දී ආරක්ෂක හමුදාව අතින්  යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බව 2015 වසරේදී ශ්‍රීලංකා රජය පිළිගෙන ඇති බවත්  ශ්‍රීලංකාවේ සම අනුග්‍රහය ඇතිව මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කරගන්නේද ඒ අනුව බවත් කී සිවාජිලිංගම් මහතා ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයකින් යුද අපරාධ චෝදනාවලින් මිදී සිටිය නොහැකි බවද කීය.

තවද යුද අපරාධ,මානව හිමිකම් කඩවීම් වලට සම්බන්ධ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනයක් සිදුකර අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉටුකරලිය යුතු බවත් එහි වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජගත් මානව හිමිකම් කවුන්සිලය ගත යුතු බවත් සදහන් කලේය.


 

 



අදහස් (66)

’සිවාජිලිංගම් ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසදුමක් ඉල්ලයි’

Raveendra Wednesday, 03 June 2020 11:08 AM

මෙයත් අපේ අර දියව් දියව් හැම දේම දියව් කියන කළුකුමාර සංස්ථාවේම සේවකයෙක් නේද? කොහොම හරි මිනිස්සුන්ව කුලප්පු කරන්නමයි හදන්නේ ...

:       2264       2173

NishanThursday, 04 June 2020 12:31 AM

කළු කුමාරට පුදුම බයක්නේ තියෙන්නේ...

:       48       172

දිසානායක Thursday, 04 June 2020 01:31 AM

දේශපාලකයන් පමණක් නොවේ.. ජාතිවාදය පතුරුවන්නේ, ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය කිහිපයත් ඒ කොන්ත්‍රාත්තුව ඉටු කරනවා. වර්තමානයේ බලයේ ඉන්න අයට ජාතිවාදය ඉතා වුවමනායි මනාප වැඩි කර ගැනීමට.. ජනතාව හොඳට ලණුව ගිලමින් සිටිනවා.

:       51       241

ලැවොයිසියර්Thursday, 04 June 2020 04:49 AM

මායිම් කරන්නෙපා... මේ මිනිහා කරන්නේ උතුරේ දමිළයින්ටත්, දකුණේ සිංහලයන්ටත් කොණ්ඩ බඳින කොන්තරාත්තුවක්…. ගිය සැරේ කුරුණෑගලදී දුටුවනේ..

:       0       38

thusharasa Wednesday, 03 June 2020 11:14 AM

දැන් ඉන්න ජනාධිපති ඔය වගේ අදහස්වලට හරිම කැමතියි. ඉක්මනටම ඔයාගේ ඉල්ලීමට ඇහුන්කන් දේවි..

:       4       1038

NishanThursday, 04 June 2020 12:33 AM

එයාගේ මල්ලිද දන්නෑ මෙයාට මෙහෙම කියන්න කිව්වේ. ඡන්දෙත් ළඟයිනේ...

:       66       193

p.d goonawardena Wednesday, 03 June 2020 11:17 AM

නිකන් මිනිස්සුන්ව කුලප්පු නොකර ඉන්න...

:       1       216

Lal Wednesday, 03 June 2020 11:17 AM

පිස්සුද? නැත්නම් හැටිද?

:       1       221

RaveendraWednesday, 03 June 2020 12:19 PM

පිස්සුත් නොව, හැටිත් නොව මේ තියෙන්න‍ේ ජඩකම ...

:       3       290

Prabha Wednesday, 03 June 2020 11:17 AM

ඡන්දයක් ළං වෙනකොට මෙයාලා පරණ තැටිය වාදනය කරන්න පටන් ගන්නවා.

:       0       301

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 June 2020 11:22 AM

මේ ව්‍යංගයෙන් ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් නේද? මේ පුංචි රටේ කොහොමද ඔය විදිහට ස්වයං පාලන අයිතියක් දෙන්නේ. එතකොට රට පුරා විසිරී සිටින දෙමළ ජනයා සහ වතු කම්කරු ජනතාව. පස්සේ ඒ අයත් එකතු කරගෙන රට වටකරලා දෙයි වැඩේ. ඇයි ස්වයංපාලනයක් වෙනුවෙන් ද්‍රවිඩ නිජබිම වන තමිල්නාඩුව තෝරාගන්න පුළුවන්නේ.

:       0       649

HafeelWednesday, 03 June 2020 12:01 PM

එ්කනේ, එක්සත් ලංකාව තුළ ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලනයක්ලු? එක්සත් ලංකාව තුළ කොහොමද ෆෙඩරල් පාලනයක්?ෆෙඩරල් කියන්නේ වෙන්වීමයි... ඒ කියන්නේ වෙනම පාලනයක්... දැන් නිදහසේ ජීවත් වන්න නැද්ද? නැත්නම්, නැවතත් ආයුධ ගනීවිලු. සිවාජිලිංගම්ට ඔය අදහස් තිබුණාට, මම නම් හිතන්නේ නැහැ ... ද්‍රවිඩ ජනතාව ඔය අදහසින් නොවේ ඉන්නේ. මේක නැවතත් පාර්ලිමේන්තු එන්නට දාන තොන්ඩුවක්...

:       0       169

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 June 2020 01:53 PM

ඇත්තටම හෆීල් මහතා, මේ රටේ ජීවත්වෙන සිංහල, මුස්ලිම් හා දෙමළ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්ණ තිබෙනවා. ප්‍රශ්ණ වලින් දැවෙන ඒ මිනිසුන්ගේ ජීවිතවලට සමහර දේශපාලකයන් තමන්ගේ ඡන්ද වැඩිකර ගන්න ඔවුන්ගේ සිත්වලට ජාතිවාදී වයිරසය ඇතුල් කරනවා. ඔවුන් දුක් විඳිනවා. දේශපාලකයා සුරසැප විඳිනවා. ජනතාව එකිනෙකා භේද භින්නවී වයිරයෙන් ඇන කොටා ගන්නවා. මිනිසුන් අතර ජාති භේදය නැති බවට හොඳම උදාහරණය තමයි පසුගියදා මුස්ලිම් තරුණයෙකු වෙනත් ජාතියක, වෙනත් ආගමක කෙනෙකු බේරා ගැනීමට ජීවිතය පූජා කළ අවස්ථාව. මෙවැනි දේ ගැන වගකිව යුතු අය හැටියට අප හොඳ සිහි නුවණින් කටයුතු කළ යුතුයි.

:       143       235

Hafeel Wednesday, 03 June 2020 02:55 PM

දේශපාලකයෝ පමණක් නොවේ ජාතිවාදය පතුරු වන්නේ, සමහර මාධ්‍යත් ඒ කොන්ත්‍රාත්තුව ඉටු කරනවා. තොන්ඩමන්ගේ අවමඟුලක් තිබුනද කියලත් දන්නේ නැහැ වගේ හිටිය. අවාසනාවට ජනතාව මේවාට ගොදුරු වෙනවා.

:       55       85

බණ්ඩා Wednesday, 03 June 2020 11:24 AM

ඡන්දෙ ලං වෙනකොට මෙයා හැමදාම මේ වගේ පාට් දානවා. මෙයාට මේවට හොඳ ගාණක් ලැබෙනවා ඇති... මෙයාට අඩු සාටකයක් විතරයි.

:       578       1143

tharinduThursday, 04 June 2020 04:41 AM

එහෙම සාටකයක් දාන කෙනෙක් නම් කෙළින්ම එතුමාව ඡන්දෙදී පිළිගන්න තිබුණනේ.. ඒත් ඡන්දය ආවාම දෙන්නේ එජාපයටනේ... ඒකෙන් ඔයාට තේරෙන්නේ නැද්ද එයා කාගේ පැත්තේද ඉන්නේ කියලා..?

:       51       52

NishanThursday, 04 June 2020 06:42 AM

එජාපෙ කවදද එජාපෙ විදියට චන්දෙ ඉල්ලුවේ? එජාපෙ ඇතුලත්ව පිහිටුවන විපක්ෂ සන්ධානයේ හැමෝම ඉන්නවා. දෙමළ මුස්ලිම් ජනතාවත් මේ රටේ මිනිස්සු. පාලක පක්ෂය ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම ඒ ජන කොටස්වල ප්‍රශ්නයක් නෙවෙයි පාලක පක්ෂයේ ප්‍රශ්නයක්.

:       11       71

Nishan Wednesday, 03 June 2020 11:44 AM

පසුගිය ජනාධිපතිවරණයේදී මොහු ස්වාධීනව ඉල්ලන්න ආවා. හැමෝම කිව්වේ පොහොට්ටු විරෝධී ඡන්ද කඩන්නයි එන්නේ කියලා. මේ සැරෙත් එහෙම වාසියක් අරන් දෙන්න වගෙයි හදන්නේ....

:       4       864

සෑම් Wednesday, 03 June 2020 11:50 AM

මෙයා කරන්නේ පොහොට්ටුවේ කොන්ත්‍රාත්... බෝලේ උස්සල දෙනවා වහල්ලුන්ට ඩෑෂ් ගහන්න. චෙක් එක ඇමරිකාවෙන් බැංකු ගිණුමට. කොරෝනාව පාලනය ඇතුළු බලයට ඇවිත් පහුගිය මාස 6 ම කරපු සියලුම දෙයින් අනාගත්තු රාජපක්ෂලාට මීට වඩා කල හැකි දෙයක් නැත.

:       5790       10017

විකුම්Thursday, 04 June 2020 02:12 AM

මැතිවරණ පෙත්සම් විභාගයට වත් නොගැනීම වෙනම දෙයකි. එය දුකට කාරණාවක් ලෙස නොසළකන්න ... මේ රජය යටතේ කිසිවෙකුට වත් ස්වයං පාලනයක් නොලැබෙන්නේය. ජාතීන් එක් කිරීම එක්සත් ජාතීන්ගේ කාර්යයි. එවන් ජනමත විචාරණයක් ද සිහිනයකි.... නැවත බෙදුම්වාදයකට නූතන ශ්‍ රීලංකාවේ ඉඩක් නැත. ඒවාගේම දැන් දෙමළ ජනතාව අතර ස්වයං පාලන සංකල්පය මාකට් කළ නොහැක. තව දුරටත් ඔවුන් නොමග යන්නේ ද නැත.

:       0       25

de silva Wednesday, 03 June 2020 12:31 PM

නැගෙනහිර වැඩිපුර ඉන්නේ මුස්ලිම් මිනිස්සු... නැගෙනහිර ඉන්න දෙමළ මිනිස්සුත් අයිතිවෙන්නේ ඔය ගොල්ලන්ගේ කුලයට නොවේ.., එම නිසා ඒගොල්ලන් කැමති නැහැ ඔයත් එක්ක එකතු වෙන්න. යුරෝපයේ සහ ඇමරිකාවේත් මේ දවස්වල කළු මිනිස්සුන්ගේ සහ කොරෝනා ප්‍රශ්න එ්මනිසා මේ අවස්ථාවේ ඕවා මාර්කට් කරන්නත් බැහැ. කට වහගෙන පැත්තකට වෙලා ඉන්න.

:       0       157

wasantha Wednesday, 03 June 2020 12:56 PM

අවුරුදු 30 ක යුද්ධයක් කලේ මේ කතාව නිසා කියලා මෙයාට මතක නෑ...

:       0       161

amare Wednesday, 03 June 2020 01:04 PM

දැන් විමලේ ගිරිය කඩන් කෑගහයි. දෙමළ ෆෙඩරල් ඉල්ලනවෝ...!!! එතකොට් බයියෝ චූන්වෙලා රටගැන හිතලා කතිරේ ගහයි .. ඔන්න ටිකදවසකින් විගි කොටියා ගැන දොඩාවි... මෙව්වා ඡන්ද දායකයා අන්දන වැඩනේ...

:       209       590

casmir Wednesday, 03 June 2020 01:26 PM

තනිකරම් ජරා දේශපාලනයක් කරන්නේ... මේ ඔක්කොම සැපට කළෙඹ ඉඳලා මාසයකට සැරයක් යාපනයට යනවා. අර අහිංසක දෙමළ මිනිස්සු සුලුතරයක් රවටා ගන්නවා... අවුස්සනවා. මෙයාට තේරෙන්නේ නැද්ද? බහුතරයක් දෙමල මිනිස්සු, සිංහල මිනිස්සු එක්ක ජීවත් වෙනවා කියලා...

:       0       255

Bamunuarachchi Wednesday, 03 June 2020 01:33 PM

ඔය මූණ දැක්කම මට දෙන්නම හිතෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ අපි රිදී බන්දේසිය හෝදනවා. මහෟෂධ පණ්ඩිතයෝ කේවට්ටයාට මැණික දුන්නු විදිහටම දෙන්නම්...

:       1       194

Jayawickrama Wednesday, 03 June 2020 01:59 PM

අවුරුදු තිහකට කලින් ඕක කතා කරන්න තිබුනේ. බටහිර රටවල් අල්ලාගන සන්නද්ධ අරගල කරලා කරපු විනාශය මතක නැද්ද? ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු වගේම සිය ගණනක් හාමුදුරුවරු, දහස් ගණනක් අහිංසක රටවැසියන් මැරුණු හැටි හැමෝටම මතකයි. කෝටි ප්‍රකෝටි ගණනින් රටේ දේපොළ විනාශ කරපු හැටි දැන් අමතකද? මේ වගේම ජනතා විමුක්ති පෙරමුණත් යුද්ධ කරලා බැරිම තැන දැන් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට ඇවිත් එකම රටක කොටස් කාරයෝ වෙලා. දැන් ඉතින් ෆෙඩරල් පාලන විසදුමක් ඉල්ල ඉල්ලා ඉන්නේ නැතුව අනිත් පුරවැසියන් සමග සමගි මාවතේ එන්න.

:       0       154

Palitha Wednesday, 03 June 2020 02:22 PM

මෙන්න මෙයාවත් නන්දිකඩාල් එක්කන් ගිහින් ස්වයං පාලනේ පෙන්වන්න. මහඑකාට දුන්නා වගේ...

:       0       164

Ajith D.L Wednesday, 03 June 2020 02:43 PM

සිවාජි , ඔයාව ආයුධ පෙන්වන එක්කරගෙන යන්න පුලුවන්ද? අපි එන්නම් ලැස්තිවෙලා ඉන්න....

:       0       9

Ajith D.L Wednesday, 03 June 2020 02:59 PM

සැම් මහතාට ලැබි තියෙන dislikes වලින් රටේ යන ඉසව්ව පැහැදිලි ද ?

:       166       167

Ratne Wednesday, 03 June 2020 03:44 PM

ඔබට ස්වයන් ව පාලනය වෙන්න බාධාවක් නැහැ. අසල්වැසි සහ රටේ අනෙකුත් පුද්ගලින්ට හානියක්, කරදරයක් නොවන ලෙස ලංකාවේ නීතියට අනුව ජීවත් වෙන්න. නැතිනම් ඔබගේ මුල් නිජබිමට ගොස් පාලනය බලය ඉල්ලා සිටින්න.

:       0       60

Ratne Wednesday, 03 June 2020 03:44 PM

ඔබට ස්වයන් ව පාලනය වෙන්න බාධාවක් නැහැ. අසල්වැසි සහ රටේ අනෙකුත් පුද්ගලයින්ට හානියක්, කරදරයක් නොවන ලෙස ලංකාවේ නීතියට අනුව ජීවත් වෙන්න. නැතිනම් ඔබගේ මුල් නිජබිමට ගොස් පාලනය, බලය ඉල්ලා සිටින්න.

:       0       41

kavinda Wednesday, 03 June 2020 03:50 PM

මේ වගේ ජාතිවාදීන්ට කඩේ යන්නේ කොයි අයද කියලා ජනතාව දන්නවා...

:       0       18

Mahesh UK Wednesday, 03 June 2020 04:07 PM

මෙයාට කියන්න මගේ කටෙ තියෙන වචන ලියන්න බැහැ. නියම උත්තර ජනාධිපතිතුමා නියම වෙලාවට දෙයි.

:       113       145

Pradeep Wednesday, 03 June 2020 04:20 PM

රටේ මේ වන විටත් ජනවාර්ගික අර්බුධයක් ඇතැයි පවසන්නේ ජනවාර්ගික ගැටුම් මවා පාමින් තමන්ගේ බලය රැක ගැනීමට උත්සාහ කරනා සිවාජිලිංගම්ලා වැන්නවුන් පමණය. මේ ගණයට අයත් මුස්ලිම් නායකයින්ද ඇත. ඔවුන්ට බලයේ ඉන්න ලැබෙන්නේ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් පමණි. අනික කොටි සංවිධානයේ හෝ ඊට අනුබල දුන් කිසිවෙකුට මානව හිමිකම් ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. කොටි සංවිධානය විසින් සිදුකල ම්ලේච්ඡ මිනිස් ඝාතන අපට තවමත් අමතක නැත. අහිංසක සිවිල් වැසියන්, නාහිමි වරුන්, බැතිමතුන් අමු අමුවේ ඝාතනය කල යුගය ලොවටම අමතක උවත් අපට අමතක නැත. මානව හිමිකම් ඇත්තේ එලෙස ඝාතන සිදුකල අයට පමණද? කෘර ලෙස ඝාතනය වූ ඒ අහිංසකයින්ට මානව හිමිකම් නැද්ද..?

:       0       385

de silva Wednesday, 03 June 2020 04:39 PM

විග්නේශ්වරන් , ශ්වජිලිංගම් උතුරෙන් ගිනිතියනකොට , දකුණෙන් විමල් විරවංශ ඇතුළු පිරිස පටන් ගන්නවා. ඉන්පසු නැගෙනහිරෙන් හිස්බුල්ලාගේ කට්ටිය උඩු බුරලන්කොට, මන්නාරම පැත්තෙන් බදියුදීන් පටන්ගන්නවා... තොන්ඩමන්ගේ කට්ටිය සද්ද නැතුවම ඉඳල වැල යන පැත්තට මැස්ස ගහනව... මෙහෙම කරලා මේ රට දියුණු කරන්න බැහැ. සුළු ජාතිකයන්ට සෙතක් වෙන්නෙත් නැහැ. ජනතාව එක්සේසත් වෙලා ගෝඨාභය මහත්මයට බලය දුන්නත් ඔහුත් අර චන්දෙට කලින් පොරොන්දු වෙච්ච විදිහට මහා බැංකු හොරු ඇතුළු දුෂිතයන්ට දඩුවම් නොදී , වියත්මගේ සිටින උගත් , බුද්ධිමත්, වැදගත්, අවංක මිනිසුන්ට නොමිනේෂන් ලිස්ට් එකේ තැනක් නොදී පරණ පුරුදු දුෂිත ඔළුගෙඩි සෙට් එකම චන්දෙට දමල..., මෙහෙම ගියොත් මේ රටට කිසිම අනාගතයක් නැහැ .

:       8       404

Asanga Wednesday, 03 June 2020 05:31 PM

තවම ලැජ්ජා නැද්ද...? ප්‍රභාකරන් මැරුණේ ඔක ඉල්ලන්න ගිය නිසා කියලා...

:       0       64

chandima Wednesday, 03 June 2020 05:39 PM

අම්මප කරුමේ කියන්නේ, මේ ඩෙංගු හැදිලා මැරෙන්නෙත්, කොරෝන හැදිලා මැරෙන්නෙත් අපි වගේ උන් විතරමනේ...

:       0       143

Prasad Wednesday, 03 June 2020 06:29 PM

උතුරෙ නියෝජනය ඔය පටන් ගත්තා.. දකුණේ නියෝජනය විමලෙත් ඔය සැරෙ පටන්ගනීවි. උතුරෙත්, දකුණෙත් මිනිස්සු කට ඇරගෙන ඉදලා අන්තිමට රට ඛෙරගන්න කියලා කතිරෙ ගහයි.

:       1       132

සමන්ත Wednesday, 03 June 2020 06:35 PM

සිවාජිලිංගම් ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් නෙමෙයි. ඒ ෆෙඩරල් වර්ගයේ ස්වයං පාලන විසඳුමක්. ඒක දුන්නත්, නැතත් ඒ මිනිහට තමන් නියෝජනය කරන මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පරම අයිතියක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. මම දැක්කා ඒකට ව්‍යංගයෙන් මරණවා කියලත් කියලා තිබුනා. මුළු රටේ ජනතාවගෙන් එක් කොටසකගේ බලය ලබාගත් පමණින් ජනතාවගේ ප්‍රශ්ණ යටපත් වෙන් නෑ. ජාතිවාදීන්ට කල හැක්කේ ප්‍රශ්ණ තව තවත් අවුල් කිරීම මිස විසඳුම් දීම නොවේ.1956 දී බණ්ඩාරනායක කලේද එයයි. එය මහින්දට, ගෝඨාබයට මෙන්ම සිවාජිලිංගම්ට ද අදාලය​. අවශ්‍ය වන්නේ ප්‍රශ්නයේ මූල හේතු සොයා පිළියම් යෙදීමයි.

:       739       64

ranja Thursday, 04 June 2020 04:27 AM

ලංකාවේ එක එකට වෙන වෙන නීති අවශ්‍ය නැහැ .. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්.. ඉන්න පුලුවන්නම් ඉඳපන් බැරිනම් යන්න..

:       0       54

සමන්තFriday, 05 June 2020 03:52 AM

එහෙම කරන්න තිබුණා මේ ලෝකේ අපි විතරක් හිටියා නම්... මිනිසුන් සාමකාමී ලෙස අදහස් දක්වන කොට ඒවාට ඇහුම්කන් දී සුදුසු පරිදි විසඳුම් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයි. යුද අපරාධ චෝදනා සහිත ඉතිහාසයක් ඇති රටකට හිතන්නට බොහෝ දේ තිබේ. කුඩුකාරයන්, එතනෝල් කාරයන්, බුකී කරුවන්, බස් කොන්දොස්තරලා, ඩ්‍රයිවර්ලා, මංකොල්ලකරුවන්, හොරුන්, මිනී මරුවන්ගෙන් සැදුම් ලත් රජයකට එවැනි කාරණා ගැන වැටහීමට හේතුවක් නැත. මොල හෝදා ඇති ඊයේ පෙරේදා ඉපදුණු අපතයින්ටද තමන්ගේ බඩ ගැන මිස ෆැසිස්ට් පාලනයක ස්වාභාවය ගැන හෝ මානව අයිතිවාසිකම් ගැන හෝ නිදහස ගැන හෝ වගේ වගක් නැත. මෙහෙන් මුස්ලිම් මිනිසුන්ට පහර දෙන අතර, ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට වෙන අසාධාරණය ගැන කතා කරයි. ඒ නිසා බොරු කයිවාරුවෙන් කාටවත් වැඩක් නැති බවත්, ඉන්දියාවේ අනුකම්පාව පවතින තාක් ඔය ලොකුටෝක් වලංගු බවද මතක තබා ගත යුතුයි​.

:       112       60

Prabah Wednesday, 03 June 2020 07:52 PM

නිකං බොරු වැඩ නොකර ඉදපන් ...

:       0       83

sunil perera Wednesday, 03 June 2020 08:15 PM

ඔයාලා උතුරු, නැගෙනහිර අවුරුදු 30ක් පාලනය කරපු හැටි අපි දැක්කා.. ඒ පාලනය නිසා වෙච්ච අමානුෂික ක්‍රියාදාමය ලියන්ට ගියොත් වෙනම අපරාධය සහ දඬුවම කියලා පොතක් ලියන්නට වෙයි. මේ අවුරුදු 30දී රටට සිදුකළ මහ විපත නිසා මුළු රටම දියුණුවේ මඟ ඇහිරී ගියා.. අපේ තරුණ ජීවිත බියෙන්, අන්ධකාරයෙන් වැසීගියා... උතුරු, නැගෙනහිර කියන්නේ නුඹලාගේ බූදලයක් නෙවෙයි. අනාගත ලංකාවේ සංවර්ධිත කලාපයක් ...!! ධන නිධානයක්.... මොවුන්ගේ මේ ඉල්ලීම් ප්‍රසිද්ධ කිරීමත් තහනම් කරන්ට ඕනේ... නීති බලය නැතිව කළ හානිය මදිවට මේ වගේ අයට පාලනය දුන්නොත් අපේ අනාගත ලංකාව හරක් මඩුවක් වෙයි... දැක්කනේ නායකයෝ මැරුණාම කොරෝනා නීති නොසලකා ආපු සෙනග ? මේ වගේ අයටද පාලනය බාරදෙන්න කියන්නේ ...?

:       0       23

DD Wednesday, 03 June 2020 09:48 PM

මේක ජාත්‍යන්තරය නෙවේ ලංකාව. ලංකාවේ ඉන්න ඕන ලංකාවේ විදියට. අනික ඉල්ලන් කන්නේ නැතුව ඉන්න. මතකද දොරේ අප්පලාට ඔයාලගේ ප්‍රභා සලකපු හැටි...?

:       0       1

ranjith Thursday, 04 June 2020 12:12 AM

මෙවන් අන්තවාදීන් නීතිය ඉදිරියට ගෙන දඬුවම් දිය යුතුයි.. මේ රට බෙදීමට අනුබල දීම රටේ ව්‍යවස්ථාවට පටහැනියි..

:       0       1

සැම්සන් Thursday, 04 June 2020 01:49 AM

ලයික් හෝ ඩිස්ලයික් වෙනුවෙන් ඔබගේ ස්මාර්ට් ෆෝන් එකේ හෝ පරිඝණකයේ එකම තැනට එකදිගට කෙටීම, එහි පැවත්මට ඉතා හානිදායකය. ඒ ගැනත් සිතන්න...

:       0       17

අස්2 Thursday, 04 June 2020 02:00 AM

ඇමරිකාව පෙඩරල් නිසා තමයි කෙලවගෙන තියෙන්නේ. එහි ඇති භයානක කම covid 19 වැනි වසංගතයක් නිසා ඇමෙරිකානු වැසියෝ ලක්ශ ගණනක් තවමත් මියයමින් සිටිනවා.

:       1       3

Kamal Thursday, 04 June 2020 02:41 AM

කැනඩාවෙන් එකතු වෙලා මේ දවස් වල වැඩ කරනවනේ, රට හදනවට වඩා මේ කාලකන්නියි, ආක්‍රමණයයි තමයි රටේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒවාට ඉක්මනට බෙහෙත් දීලා නැති කරලා දාන්නෙත් නැහැ. මේ ජාතින් නමින් ආපු පක්ෂ තහනම් කරන්න.

:       0       2

hira Thursday, 04 June 2020 03:10 AM

මෙයාගේ සැප දුක බලලා එන්න වෑන් එකක් යවන්න පුලුවන්ද???

:       11       2

samira Thursday, 04 June 2020 03:30 AM

ඕවා චන්දයක් ලං වෙනකොට එන කතා. ඒවා ඒ අයටත් වාසියි. මේ ගොල්ලන්ටත් වාසියි. අපි මෙහෙ නිකන් ඩේටා කපා ගන්නවා.

:       0       0

ranjan Thursday, 04 June 2020 04:24 AM

මේ කවුද...? යන්න ඉන්දියාවට.. ඕන හැටියට එහෙ ඉන්න පුළුවන්.. මෙහෙට ෆෙඩරල් ඕන නැහැ .. කාපු ටික මැදිවෙලා වගේ මේ ගොල්ලන්ට...

:       0       2

Deepal Nirosh Thursday, 04 June 2020 04:32 AM

ඉස්සෙල්ලා උතුරු, දකුණු අපි හැමෝම තම තමන් පාලනය කරගන්න බලමු. මොකද මෙයාලට තාමත් බැරිවෙලා තියෙනවා තමුන් පාලනය කරගන්න. එහෙම තම තමුන්ට තමන්ව පාලනය කර ගන්න පුළුවන් කියලා පෙන්නුවොත් විතරක් මේ ඉල්ලන තමුන්ට තමන්ව පාලනය කරගන්න ෆෙඬරල් හරි, වෙන ඕනම පාලන ව්‍යුහයක් දෙන්න පුළුවන්...

:       0       0

nimalaka Thursday, 04 June 2020 05:11 AM

ඕනතරම් පස් දෙන්නම්. මුහුද ගොඩකරලා රටක් හදා ගන්න...

:       0       0

Nadeeka Thursday, 04 June 2020 05:18 AM

ප්‍රභාකරන්ට ගන්න නොහැකි වුණු ඊලම මස්සිනා තාමත් අතහැරලා නැහැ. දැන්ම මේක ඉවර කරන්න .

:       0       1

Nimal Thursday, 04 June 2020 05:32 AM

අනේ ඕවා පරණ පොත්... ඡන්දෙට පෙර අපේ අයට කෑමට, පොහොට්ටුවෙන් කීයක් දෙනවද ඔය කියමනට...? අපි නම් අහුවෙයි. ඡන්දෙ දිනන්න පොහොට්ටුවේ අය ජාතිවාදේ අවුස්සන්නම තමයි බලන්නේ...

:       0       0

ravi Thursday, 04 June 2020 05:55 AM

ඔය එළියට පැනල‍ා තියන දත්ටික... ඇතුළට යවාගන්න තමයි හදන්නේ.. ඊටපස්සේ ඔය ෆෙඩරල් කියන වචනයවත්, කියාගන්න බැරිවෙයි.

:       0       1

Rata Perata Thursday, 04 June 2020 06:34 AM

මේවා ඔක්කොම චන්ද ගුණ්ඩු. ජාති, පක්ෂ බේදයක් නෑ, චන්ද ලංවෙනකොට මුන් ඔක්කොම එකයි. ජනතාව කුලප්පු කරලා වැඩේ කරගන්න හදන්නේ. අනිත් එක, එක එක්කෙනා කියන දේවල් ගැන බයවෙන්න ඕන නෑ රටේ ව්‍යවස්ථාව අනුව වැඩ කරනවානම්. අපේ උන්ට පත් උනාට පස්සේ නීතිය අමතක වෙනවනේ. මතකනේ සිරිසේන, මහින්ද අගමැති කරන්න ගිය හැටි.

:       0       24

BamunuarachchiThursday, 04 June 2020 12:17 PM

ඔහෙලගේ කට්ටිය පොරොන්දු වුණු නිසා තමයි උතුරු නැගෙනහිර ඡන්ද ටික ඔහෙලට ලැබුනේ... සිරිසේන, මහින්ද අගමැති කරන්න ගිය හැටි මතක් කරන්න දෙයක් නැහැ... එ්ක තමයි වෙන්නේ...

:       16       0

raviThursday, 04 June 2020 02:11 PM

දැන් ඉන්න අය තමයි ප්‍රභාකරන්ලත් එක්ක ගිවිසුම් ගහගෙන රටේ ජනාධිපති වෙලා හිටියේ .. අපි මැරිලා ඉපදුන අය නෙමෙයිනේ..

:       5       21

BamunuarachchiFriday, 05 June 2020 01:58 AM

"අපි මැරිලා ඉපදුන අය නෙමෙයිනේ.." එහෙනම් ඔපපාතිකව ඉපදුනාද? ගිය ආත්මේ මැරිලා මේ ආත්මේ යහපාලන කාලේ ඉපදිලා එහෙම නේද? ඔහෙලා වගේ මිනිසුන්ට මේවගේ උපහාසාත්මක පිළිතුරු තමයි දිය යුත්තේ.

:       16       0

raviFriday, 05 June 2020 08:21 AM

ඔය ගායට බෙහෙත් ටිකක් ගන්න කියලා මම සියවතාවක් කිව්වා නේද..?

:       0       0

well vidane Thursday, 04 June 2020 07:03 AM

අපි බීරි අලි, ඔයා පුලුවන්තරන් හයියෙන් වීනාව ගහන්න. අපිට ඇහෙන්නෙත් නැහැ... අපි දෙන්නෙත් නැහැ .

:       0       1

sam Thursday, 04 June 2020 07:51 AM

ප්‍රභාකරන්ටත් ගන්න බැරිවෙච්චි එකේ .. මෙයාට නම් මෙන්න කියලම දෙයි...

:       0       1

hasan Thursday, 04 June 2020 07:55 AM

මෙයත් හරියට අර ගලගොඩ හාමුදුරු වගේ ඡන්දයක් ලන්වෙනකොට කරලියට එනවා... පරණ තැටිය අරගෙන අරය මුස්ලිම්ලා හොයන්න පටන් ගන්නවා.. කොළ කෑලි ටිකක් තියාගෙන අපි ගාව සාක්ෂි තියනවා. මේවා මාධ්‍යයට දෙනවා හැමදාම එකම බයිලා... මෙයා ෆෙඩරල් පාලනය ඉල්ලනවා...

:       0       0

Dhammika perera Thursday, 04 June 2020 02:35 PM

චන්දෙට දින නියම කරපු ගමන් මීට වඩා දේවල් බලාපොරොත්තු වන්න. සමහරවිට බෝම්බ පුපුරවාවි. පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රචාර පෙරහැර පටන්ගෙන තිබේ. ගලබොඩ හාමුදුරුවෝ , සිවාජිලිංගම් වගේ කස කාරයෝ ඉස්සරහින්ම යනවා.

:       0       0

Rohana Friday, 05 June 2020 03:09 AM

කෙළින්ම ඊළම ඉල්ලුවම නොදෙන බව දන්න නිසා පළමුව ස්වයංපාලනය ලබාගෙන දෙවනුව ඊළමට පාර කපාගැනීම මේ ප්‍රකාශයේ අරමුණ විය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1692 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3350 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2114 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5650 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4677 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site