(*** මාවනැල්ල විශේෂ පී. ශාන්ත බණ්ඩාර)
බීමත්ව රිය පැදවීමේ වරදකට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා (16) වරදකරු කළ වෙළෙඳ ව්‍යාපාරිකයකු උදේ 11.30 ට පමණ රුපියල් 25,000 ක දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් මත්පැන් පානය කර නැවත රිය පැදවීමේ වරදට එදිනම ප.ව. 2.00 ට පමණ අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් තවත් පුද්ගලයකු හා කාන්තාවක් සමග අවන්හලකට ගොස් ඇති එම ව්‍යාපාරිකයා එහිදී මත්පැන් පානය කර වාහනය පදවාගෙන යාමේ දී උතුවන්කන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
අපරික්ෂාකාරීව රිය පදවන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම වාහනය නතර කිරීමට උත්සාහ ගත්ත ද බීමත් රියැදුරා අවස්ථා දෙකකදීම පොලිස් නිලධාරීන්ගේ ඇඟට වාහනය කපා පළා යෑමට උත්සාහ ගත් බව ද පොලිසිය කියයි.
ඉන්පසුව උතුවන්කන්ද ප්‍රදේශයේ දී වාහන හරස්කර මාර්ගය අවහිර කර ඔහු සහ ඔහු සමග ගිය අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
අධිකරණය මුල් වතාවේ දී බීමත්ව රිය පැදවූ එම ව්‍යාපාරිකයාට දඩ මුදල නියම කර රියැදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවා තිබිණි.
එම ව්‍යාපාරිකයා අධිකරණ භූමියෙන් පිටතට ගොස් ඇත්තේ පෙරවරු 11.30 ට පමණ වන අතර නැවත පොලිසියට හසුවන විට දහවල් 2.00 පමණ වී තිබුණු බව ද පොලිසිය කියයි.
පසුව ඔහු ශ්වසන පරීක්ෂාවකට ලක්කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාවනැල්ල රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
මෙම රියදුරු සමග ගිය අනෙක් තැනැත්තා ද බීමත්ව සිටි නිසා ඔහු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාව නිදහස් කර ඇත.
අණ නොතකා අපරික්ෂාකාරීව ධාවනය කිරීම, බීමත්ව රිය පැදවීම, මිනිස් ජීවිතවලට හා දේපළවලට හානි සිදු කිරීමට තැත් කිරීම යන කරුණු යටතේ රියැදුරු නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්. රත්නායක සහ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ආර්. ලක්මාල් යන මහත්වරු බීමත් රියැදුරා අත්අඩංගුවට ගත්හ.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සූර් වී 25,000 ක් දඩ කාලා ආපසු යද්දීත් බීලා මාට්ටු
Bamunuarachchi Friday, 18 September 2020 12:36 PM
සමර එයාට සිහි බුද්ධියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ දෙකක් දැම්මම. නැතිනම් අත් වෙව්ලන්න පටන් ගන්නවා. මමත් දෙකක් දැම්මාම හොඳට පරික්ෂාකාරී වෙනවා.
BamunuarachchiSaturday, 19 September 2020 01:41 AM
දෙකක් තියා එකක්වත් නොදැම්ම මිනිස්සු ඩිස්ලයික් දාලා.
Peter Saturday, 19 September 2020 02:33 AM
මතට ඇබ්බැහි වීම බෙහෙත් ගත යුතු ලෙඩක්. එ්කෙන් ගැලවීමට අනිත් අයගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. වහාම දොස්තර කෙනෙක් ළඟට එක්කන් යන්න.
ජගා Sunday, 20 September 2020 01:30 AM
එතකොට රියදුරු බලපත්‍රයක් නැතිවට නඩු නැද්ද? බලපත්‍රය අහෝසි කරලනේ...