(කවිතා සුබසිංහ)
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන ඝාතනයට තැත්කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප මත මුදාහැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(18) නියම කළේය.
ඒ අනුව සැකකරු රුපියල් 4,500 ක මුදල් ඇපයක් හා රුපියල් 25,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ ධනුෂ්ක විකුම් කුමාර නමැත්තෙකි.
ඉකුත් 13 වැනිදා උදෑසන කැලණිය විශ්වවිද්‍යාල භූමියේදී එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවකට පිහියෙන් ඇණ අත කපා ඝාතනයට තැන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය14 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා බන්ධනාගාර ගත කර තිබිණ.
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක සඳනුවන් මහතා ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පොලිස් සැරයන් (27909) අරුණ කුමාර හා කොස්තාපල් (90521) ගුණසිංහ යන නිලධාරීන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සරසවි සිසුවියට පිහියෙන් ඇන තුවාල කළ තරුණයාට ඇප
K. T. Perera Wednesday, 19 June 2019 05:13 AM
මම නම් හිතන්නේ මේක මිනි මැරීමට තැත්කිරීමක් ලෙසයි. ඇපදීම සුදුසු නැත. මේ දරුවට මේකා නැවත හිරිහැර කරයි. ඕනෙ තරම් ලංකාවේ එහෙම වෙලා තිබෙනවා. අපේ රටේ නීති ගැලපෙන්නේ නැහැ. පිහියක් කියන්නේ ආයුධයක්