IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සරසවි අහිමි සිසුන් කොතලාවලට යවන්න

(ඩිල්ශානි චතුරිකා දාබරේ)

ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ, විශිෂ්ටම සාමාර්ථ ලබාගත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේ හැකියාව පිළිබදව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අද (02) උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහමන්දිරයේ දී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව
සඳහන් කළේය.

සරසවි ප්‍රවේශය අහිමි වූ සිසුන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියත්මක කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී පැවසූ කරුණකට අදාලව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පැවසූයෙ, රජය ප්‍රතිපාදන ලබාදෙන්නේ නම් ඔවුන් බදවාගැනීමට තම විශ්වවිද්‍යාලයට හැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි ද එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එසේම, වසරේ දී විශ්වවිද්‍යාල සඳහා දරුවන් 41000 ක් බඳවාගෙන ඇතැයි පෙන්වා දුන්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, 10588 ක් තරම් සිසුන් සංඛ්‍යාවක් මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවා ගෙන ඇත්තේ නිදහසෙන් පසු පළමු වතාවට බව අනාවරණය කළේය.

බිලියන 5ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යාල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යාල පද්ධතියට මුදාහරින්නැයි උපදෙස් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව එක්ව සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කරගන්නැයි දන්වා සිටියේය.

 

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස්, අග්‍රාමාත්‍ය ලේකම්ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කේ. කපිල සී. කේ පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී ජුඩ්නිලුක්ෂාන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහත්වරු සහ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.



(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)



අදහස් (5)

සරසවි අහිමි සිසුන් කොතලාවලට යවන්න

Raveendra Wednesday, 03 March 2021 01:52 AM

මැදමූලන වලව්වට යවන්න බැරිද දන්නේ නෑ.. මෙවන් නූගත් පාලකයින්ගෙන් කොහොමත් අපිට මීට වැඩිය බුද්ධිමත් තීරණ බලාපොරොත්තු වෙන්න බෑ.

:       5       13

ලුම්බිණි Wednesday, 03 March 2021 03:57 AM

ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ, විශිෂ්ඨම සාමාර්ථ ලබාගත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බඳවා ගන්නවා නම් ඉසෙඩ් අගය අයින් කරන එක ලෙහෙසි නැද්ද?

:       2       15

MO77 Wednesday, 03 March 2021 02:23 PM

අපිට බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්... අධ්‍යාපන ඇමැතිතුමාගේ...!

:       0       3

sharm warn Thursday, 04 March 2021 03:45 AM

ඔයාගේ නංගිගේ පුතාව දාගන්න හදපු සයිටම් එක ආපහු අරින්නකෝ. ඔයාගේ නංගිගේ පුතා ඇරුණාම තව ගොඩක් ළමයි එතන උන්න විශිෂ්ඨ සාමාර්ථ ලබලා උඩ බලන් ඉන්න වෙච්චි...

:       0       1

sampath Sunday, 07 March 2021 05:29 PM

ජාතික සරසවි පද්ධතියේ ගුණාත්මකභාවය සහ ජීව ගුණය ඔය බෝඩ් කෑලි ගහගත්තු හැම තැනම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 149 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 695 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 422 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1215 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 68 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 18 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site