IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සේරුවිල යකඩ - තඹ නිධියේ රත‍්රන්

(ඩයනා උදයංගනී)
 
සේරුවිල යකඩ - තඹ නිධියෙහි රත‍්රන් තිබෙන බව තහවුරු වී ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර් සිරිවර්ධන මහතා පැවසීය.

සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම් - සී ප‍්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර 100ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත‍්රන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට රත‍්රන් කොටස් 4ක් පමණ වුවත් සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්වලවල මුළු කොටස් බිලියනයකට රත‍්රන් කොටස් 1000 ඉක්මවා පවතින බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහි තවත් සාම්පලවල මුළු කොටස් බිලියනයකට රත‍්රන් කොටස් 60 - 200 අතර ප‍්‍රමාණයන්ගෙන් පවතින බව ද ආචාර්ය සිරිවර්ධන මහතා පැවසීය.

මෙසේ පවතින රත‍්රන් මගින් නිධියට නව ආර්ථික වටිනාකමක් එක්වන බැවින් එය ලාභදායී ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි සොයාබැලීම සිදුකරන බව ද ඔහු කියා සිටියේය.  

ඒ අනුව මෙහි තවත් සාම්පල විශාල සංඛ්‍යාවක් රත‍්රන්, පැලේඩියම්, ප්ලැටිනම් වැනි අනිකුත් වටිනා මූලද්‍රව්‍ය තිබේද යන්න විශ්ලේෂණය කර ධනාත්මක ප‍්‍රතිඵල ලැබුණහොත් එය මෙම නිධිය සංවර්ධනය සඳහා ආයෝජකයන්ගේ සහය ලබාගැනීමට හැකි බව ද කාර්යාංශය පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නිධිය පිළිබඳව ගවේෂණ කටයුතු ප‍්‍රථමයෙන් සිදුකර ඇත්තේ 70 දශකයේදී වන අතර අනතුරුව ප‍්‍රංශ රජයේ භූ විද්‍යා සහ කැණිම් පිළිබඳව පර්යේෂණ කාර්යාංශය සමග එක්ව සවිස්තර ගවේෂණයක් සිදුකොට වාර්තා සකස් කර තිබේ.

මෙම වාර්තා අනුව නිධියෙහි දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් මිලියන 03ක් පමණ වන බවත් ඉන් 40%ක් පමණ යකඩ වන අතර 1% පමණ තඹ බවත් සඳහන් වන්නේ යැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.

කෙසේ වෙතත් එවකට (1970-1980) තඹ, යකඩ සඳහා පැවති ඉල්ලුම් මිල සහ නිධියෙහි පැතිරීමේ ස්වභාවය අනුව එය ආර්ථික වශයෙන් ලාභදායී ලෙස කැණීම් කළ නොහැකි බවට නිගමනය කර තිබූ බව ද හෙතෙම පැවසීය.

යළිත් නවීන විශ්ලේෂණ උපකරණ භාවිත කර නැවත විශ්ලේෂණය කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර ඇති අතර  ඒ අනුව ලබා ගන්නා ලද අහඹු සාම්පල 25ක් පමණ විශ්ලේෂණය කිරීමේදී ඉන් සමහර සාම්පලවල රත‍්රන් පවතින බැව් තහවුරු කරගෙන ඇතැයි ඔහු කියා සිටියේය.



අදහස් (12)

සේරුවිල යකඩ - තඹ නිධියේ රත‍්රන්

sisira Monday, 14 October 2019 11:08 AM

ඔන්න හොරු ටික ලැහැස්ති වෙයි ඒකත් හාරන්න.

:       0       2

sampath Monday, 14 October 2019 11:16 AM

මේවායේ මිල කළ නොහැකි සම්පත් තියෙනවා.ඒත් මේවායින් නියම ප්‍රයෝජන නොගෙන තුට්ටුවට විකුණන් කනවා.

:       0       19

vipula Monday, 14 October 2019 11:19 AM

හරියට වැඩේ කරගන්න පුළුවන් වුනොත් සංවර්දනය වෙමින් පවතින තත්වයෙන් මිදෙන්න පුළුවන් වෙයි.

:       0       16

චමින්ද Monday, 14 October 2019 11:37 AM

මේ රටේ මොනවා තිබුණත් වැඩක් නැහැ. සමහරක් දේශපාලුවන්ට අවශ්‍ය ආනයනය කරලා කොමිස් ගැනීමටයි. රට ගැන හැඟීමක් නැහැ..

:       0       12

විජිත් Monday, 14 October 2019 11:43 AM

දැන් ඇමෙරිකාව ,ඉන්දියාව එතකොට චීනා දිනයි කියලා හිතන දේශපාලන පක්ෂයට හෝගාලා උදව් කරාවි.දිනන්නත් ඉස්සෙල්ලම කොන්ත්‍රාත් එක අත්සන් කරාවි. අවුරුදු 25 කට.රත්තරන් ගවේෂණයට. ඒ අය කවුරුත් රත්තරන් නිස්සාරණයට යොදාගන්නේ සයනයිඩයක්.( ෆෙරිසයනයිඩයක් හෝ ෆෙරෝ සයනයිඩයක් එහෙමත් නැතිනම් සෝඩියම් සයනයිඩ්) ලෝකයේ තිබෙන දරුණුම විෂ.මේ විෂ ද්‍රව්‍ය රත්තරන් නිස්සාරණය කළ පසු ඉවතලනවා. ඒ කියන්නේ අසල තියෙන ගඟට හරි ඇලට හරි එහෙමත් නැතිනම් කෙලින්ම පොළොවට අවශෝෂණය වෙන්න හරිනවා.මාස කිහිපයකින්ම විෂ මනුෂ්‍ය ශරීරවලට උරාගෙන ප්‍රතික්‍රියා එහෙමත් නැතිනම් විනාශය පටන් ගන්නවා.අප්‍රිකාවේ රත්තරන් කනින නිස්සාරණය කරන පැතිවල මිනිස්සු දහස් ගණන් දුක්විඳලා ලෙඩවෙලා මියයනවා.අදටත් එහෙමයි.රත්තරන් ස්වභාවිකව ගැරීමට ක්‍රමයක් තියෙනවා.එහිදී ඒ පාෂාණ කොටස් " රජ අම්ලයේ HNO3.3HCL දියකර අනවශ්‍ය කොටස් ඉවත් කරනවා.මේ ක්‍රමය සෙමින් සුළු වශයෙන් කරන ක්‍රමයක්. නමුත් කාර්මික ක්‍රමය ඉතාම භයානකයි.අනිවාර්යයෙන්ම විෂ - උග්‍ර විෂ පරිසරයට මුදා හරිනවා. ඒ නිසයි මම මෙය ලියන්නේ. රත්තරන් එතකොට තෙල් වගේ වටිනා දේවල් ලැබෙනවා කියන්නේ එක්කෝ රටේ වාසනාවක්. එහෙමත් නැතිනම් අවාසනාවක්.

:       0       50

sampath Monday, 14 October 2019 11:48 AM

රටක් හදනවනම් මේ තියෙන දේවල් හොඳටම ඇති.

:       0       18

Mahee Monday, 14 October 2019 11:49 AM

ඔන්න චාන්ස් එක. අපට තව අහසින් යන්න පුළුවන් කාර් දෙක තුන ගානේ පර්මිට් ඉල්ලන්න පුළුවන් වෙයි. අමෙරිකාවෙන තව ගෙවල් දෙක තුනකුත් ඒ එක්කම ගන්න පුළුවන්.

:       9       28

Hafeel Monday, 14 October 2019 12:03 PM

දැන් රාජපක්ෂලා, රවී කරුණානායකලා මෙතන්ට සාම්ප්‍රාප්ත වේවි. පරිස්සමින්.

:       117       46

BamunuarachchiMonday, 14 October 2019 01:15 PM

නැතුව හිස්බුල්ලා, අසාද්සාලිලාද සම්ප්‍රාප්ත වෙන්න ඕනේ?

:       2       1

HafeelTuesday, 15 October 2019 08:49 AM

දැන් හිස්බුල්ලා කවුරුත් එක්කද ඉන්නේ? ඒක තමයි කියන්නේ.ඔයා කොච්චර රාජපක්ෂලාට කඩේ ගියත් වැඩක් නැහැ. ඔවුන් යාලුවෝ.ඔවුන්ට දඬුවම් නැහැ. ඔයාට නැති තැන ඔවුන්ට තියනවා. බල තණ්හාවට ඔවුන් ඕනෙම කුණු ගොඩක් ලං කරගන්නවා.

:       0       0

lanka Monday, 14 October 2019 01:16 PM

තවත් පරිසර හානියක් කරන්න හදන්නේ... අපේ රට ඉතාම පොඩියි. දිර්ඝකාලීනව හාරන්න තරම් යකඩ සහ රත්තරන් අපේ පොළවේ නැහැ. ඕවා හාරන්න ගියත් යකඩ සහ රත්තරන් බවට පත්වෙද්දී අධික පිරිවැය නිසා වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ. අපේ රටේ ගංගා ඇලදොළ බොහොම පොඩ්ඩයි තියෙන්නේ... දැනටමත් ඒවා දුෂණය වෙලා ඉවරයි. ඒ හින්දා මේවගේ දේවල් පටන් අරන් ඉතුරු ටිකත් විනාශ කරන්න එපා. අපේ රටට ගැලපෙන්නේ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තය. මේ කිසිම පාලකයෙක්ට මේක තේරුම් ගන්න බැහැ. කරුණාකර තරුණයන්ට සහ තරුණියන්ට මේ අංශ තුන ගැන උනන්දුවෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න බලධාරින් උනන්දු විය යුතුයි...

:       0       2

asoka Tuesday, 15 October 2019 03:29 AM

ආපසු අපේ රටේ පාලනයට එන්න දත කන රාජපක්ෂ සෙට් එකටනම් ඉහෙමල් පිපිලා ඇති ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 105 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 49 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 452 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 544 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1010 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 950 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site