IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සැරයන් පොලිස් පරීක්‍ෂකට වෙඩි තියන්න යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) ‍

 
හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමට ලක්කර, ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අද(26) පැවසීය.

 
වැඩ තහනමට ලක්ව ඇත්තේ හලාවත මූලස්ථාන පොලිසියේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි. සිද්ධියට මුහුණ පා ඇත්තේ, හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාය.
 
සිද්ධියත් සමග පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබුණි.
 
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රියේ සිට අදඅලුයම දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා අතර බහින් බස්වීමක් සිදුව තිබිණි.  කෝපයට පත්වූ පොලිස් සැරයන්වරයා තම රාජකාරි ගිනි අවියෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට සූදානම් වෙද්දි ඒ ආසන්නයේ සිටි තවත් පොලිස් නිලධාරියකු එය වළක්වා ඇති බව තිබිණි.
 
අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 



අදහස් (4)

සැරයන් පොලිස් පරීක්‍ෂකට වෙඩි තියන්න යයි

Raveendra Friday, 26 February 2021 08:32 AM

හිතවත්කම් සමග "බීමත් රියදුරු උත්තමයන්" බේරා ගැනුමට දෙදෙනා අතර තර්ක විතර්ක සටනක් ඇතිවූවා යන්න සිතීමට නොහැකිද? කෙසේවෙතත් හික්මීම, විනය නැත්තේ කොතැනද... එතන මහා විනාශයකි. මේ එවන් සිදුවීමකි.

:       0       0

Perera Friday, 26 February 2021 06:49 PM

ලොක්කගේ හිතවතෙක් නිදහස් කරන්න කියලාවත්ද ගැටුමට මුල? ඒ වගේ වැඩක් ඉංගිරිය පොලිසියේත් වුණා... ටික කලකට ඉහතදී...

:       0       0

රුක්මාල් Saturday, 27 February 2021 02:29 AM

අනිවා අත්අඩංගුවට ගත්ත සෙට් එකේ OIC ගේ කෙනෙක් ඉන්න ඇති... ඌව අතාරින්න කිව්වම තමා වලිය පටන්ගත්තේ...

:       0       0

සම්පත් Saturday, 27 February 2021 10:32 AM

සමහර ලොක්කෝ පොඩ්ඩන්ට හෙන සයිස් දානවනේ.. ඉවසලා ඉවසලා බැරිම තැන දුන්නා ඇති.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 251 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 714 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1836 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2055 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 624 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 271 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site