IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සිරිපා වන්දනා සමය නිමවා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවති

( ලසන්ත නිරෝෂණ පෙරේරා )                

මෙවර සිරිපා වන්දනා සමය චාරිත්‍රානුකූලව  ඊයේ නිමවු අතර සිරිපා උඩමළුවේ තැන්පත් කර තිබු සාධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරාස්ථානයට වැඩම කරවීම අද  (8) සිදු කෙරේ .  

රන් සිවිගෙය සහිත විශේෂ රථ දෙකකින් එම වැඩම කරවීම නල්ලතන්නියේ සිට සිදුකෙරිණි.

අද  උදෑසන  එම කටයුතු ආරම්භ විය. පස්වරුවේ දි පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සමන් දේවමන්දිරයේ ආරක්ෂිත කුටියේ දේව ප්‍රතිමා තැන්පත් කිරීමට නියමිතය .                                

ශ්‍රී පාදස්ඨානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා මත රටේ පවතින වාතාවරණය නිසා සීමිත කණ්ඩායමක් පමණක් සහභාගී කරවාගෙන  මෙවර සිරිපා වන්දනා සමය අවසන් කිරීමේ චාරිත්‍ර ඉටුකෙරිණි.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



අදහස් (27)

සිරිපා වන්දනා සමය නිමවා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවති

නිශන්ත Friday, 08 May 2020 09:01 AM

කොරෝන නිසා මෙවන් අසරණ මිනිසුන් මුලා කරගෙන ආදායම් මාර්ග සලසාගන්න මිත්‍යා මත වල රැස් බැස ගොස් ඇත. මේවට කරන්න පුළුවන් එකම දේ අසරණ වුනු අහිංසක මිනිස්සුන්ගේ පොකට්ටුවට විදින එකයි. මෙදා පොටේ එකත් බැරි උනා. බෞද්ධ දර්ශනයට සම්පුර්ණයෙන්ම පටහැනි මෙවන් දේවල් වලින් විනාශ වෙන්නේ බෞද්ධ දර්ශනයේ සැබෑ අරුතයි

:       1185       914

JayFriday, 08 May 2020 10:35 AM

නිශාන්ත, ඔබ කතා කරන්නෙ දේව වන්දනාව ගැන නම් හොදින් සොයා බලන්න, බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්තාවල දෙවියන් සම්බන්දයෙන් පවසපු දේවල්. සුමන සමන් දෙවියන්, විශ්නු දෙවියන් සහ කතරගම දෙවියන් මින් ප්‍රධානයි. දෙවියන් සහ මිනිසුන් සම්බන්දයෙන් උන් වහන්සේ දේශනා කරපු සහ දෙවියන්ටත්, මිනිසුන්ටත් කරදර අවස්තාවලදි කල යුත්තේ මනවාද කියා පැහැදිලිව බුදුන් වහන්සේ පවසා තිබෙනව. අති උතුම් ස්ථානයක් වන ශ්‍රි පාද ස්ථානය සම්බන්දයෙන් ඔබ මෙවැන්නක් පැවසීම කනගාටුවට කරුනක්. පුරාන කාලයෙ පටන්, එනම් රජ කාලයෙ පටන් කරගෙන එන සිරිත් හෑල්ලුවට ලක් කරන්න එපා.

:       38       340

Athula kFriday, 08 May 2020 02:10 PM

චාරිත්‍රානුකූලව කරන දේවල් කළාට කමක් නැහැ. අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රතිමාව වඩම්මන එක කළේ කිසිම සද්දයක් නැතිව. දැන් කඩපලක් ගානේ නතර කරලා පුජා වට්ටි ( මුලික දේ පඬුරු) ගන්නවා. ඉස්සර ගියේ එක පෙරහරක්. දැන් පාරවල් හතරකින් හතරක්. මුලිකම දේ සල්ලි.

:       5       42

ranaFriday, 08 May 2020 10:36 AM

අනේද කියන්නේ !

:       21       15

chinthakaFriday, 08 May 2020 02:02 PM

නිශාන්ත (සැබෑ නම නොවන බව දනිමි), ඔබ බෞද්ධයෙක් නොවන බැවින් අනිවාර්යෙන්ම අදහන්නේ කතෝලික, ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම විය යුතුය. මෙම කුමන ආගම ඇදහුවත් ඔබගේ මතය අනුව ඔබත් වන්දනා කරන්නේත් "ලෝකය තමාගේ මැවීමක්ය" කියමින්, ලොව ප්‍රමුඛ බුද්ධිමතුන් පවා නොපිළිගන්නා, අහිංසක මිනිසුන් රවටා කඩා වඩා ගන්න බොරු කාරයෙක් නොවේද? කෙසේ වෙතත් ශිෂ්ට සම්පන්න ආගමික නිකායන් සහ ශිෂ්ට සම්පන්න ශාස්තෘවරුන් අන්‍ය ආගමික විශ්වාසයන්ට ගැරහීම අනුමත නොකරය්. එබැවින් තම අදහන ආගම කුමක් වුවද එය අදහාගෙන ඉන්නවා විනා 'වීදුරු ගෙවල්වල" සිට අන්‍ය ආගම්වලට ගල් ගැසීමෙන් නින්දාවට පත්වන්නේ තමාගේම ආගම සහ ශාස්තෘවරයාම බව අමතක නොකරන්න.

:       76       241

නිශාන්තFriday, 08 May 2020 02:31 PM

මම බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නෙක් වශයෙන් දැක්වූ අදහස් ආගම් අදහන්නවුන්ට මැජික් හා ඇලජික් වන බව හොඳින්ම දනිමි. චින්තක මහතා බෞද්ධ දර්ශනය පරිවර්තනය කර හදාරන්නැතුව මළ භාෂාවක් ජප කිරීමෙන් පලක් නොවන බව වටහාගන්නට චින්තනය දියුණු නොවූ කෙනෙක් බව පල කළ අදහස් වලින්ම පෙනෙනවා. ලෝකයේ ආගම් 4000ක් ඇති අතර චින්තක මහතාට 3999 බොරු වන අතර මට 4000ම බොරු බවත් ඒ බව යමෙකුට අවබෝධ වීමට මේ කාලයේ ඇති ව්‍යවසනය මොනවට පැහැදිලි කරයි.

:       0       0

Piyasingha Friday, 08 May 2020 11:09 AM

ඉහත අදහස් දමා ඇති සියලු දෙනාම කිසිවක් දන්නේ නැත...

:       0       0

Piyasingha Friday, 08 May 2020 11:09 AM

ඇත්ත අදහස් දානවානම් හොදයි සියලු දෙනාම...

:       0       11

නන්නාදුනන හාදයා Saturday, 09 May 2020 10:00 AM

ආගම ගැන ඇත්ත අදහස් දමන්නේ කොහොමද...? ඔය කිසිම ආගමක් අපි අත්දැකලා නැහැ. පොඩි කාලේ අපේ දෙමව්පියෝ අපිට දුන්න එකක්.... ඒ ආගම ඒ ගොල්ලන්ගේ දෙමව්පියන් ඒ ගොල්ලන්ට දුන්න එකක්... ඒ නිසා ආගම ගැන ඇත්තටම ඇත්ත දැනගන්නේ කොහොමද ..? පොත් පත් වලින්ද...? බැහැ ඒවත් පරම්පරාවලින් ආපු ඒවා.. එ නිසා හොඳම ආගම තමයි අනුන්ට හිරිහැර නොකර, හැකිනම් උදව් කරමින් සතුටින් ජීවත්වීම...

:       0       51

siri Friday, 08 May 2020 11:41 AM

"සියලුම අයහපත් ක්‍රියාවන්ගෙන් වළකින්න, සියලුම යහපත් ක්‍රියාවන් පමණක් කරන්න, සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්න. " මේක නේද බුදුන්වහන්සේලා විසින් දේශනාකළ ධර්මයේ මූලික හරය. දේව සංකල්පය විවිධ හේතුන් නිසා මිනිසා විසින්ම නිර්මාණය කර ගන්නා ලද දෙයක් බවයි මට නම් හිතෙන්නේ. කාලාන්තරයකට පසු " බුද්ධාගම" තුළටත් එවන්දේ ඇතුල්වීම තේරුම් ගන්නට පුළුවන්. ඒක දැන් අපි " අදහන " ආගමේම කොටසක් වෙලා. පන්සල්වල විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ 18 රියන් පිළිම නිර්මාණය කර දායකයින් ලවා වන්දනාමාන කරවා ගන්නා තැනට දැන් අපේ රටේ " බුද්ධාගම " පත්වෙලා නේද? සමහර භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනා වලදී " බුදුන් වහන්සේ කිසිම දවසක දායකයින්ට පන්සිල් හෝ අටසිල් සමාදන් කර නැහැ" කියලත් දේශනා කරන්නේ... තව මොනවද ඉතින්?

:       0       0

Kumar Friday, 08 May 2020 02:46 PM

මැරුණ හෝ ඝාතනය කළ ඇතෙකුගේ දළ බුද්ධ ධර්මයට සම්බන්ධ කරගන්න ඕනෙද? බුදු සමිඳුන් වැඩවාසය කරන කාලයේ ඇත්දළ සැරසිල්ලක් තිබුණු වගක් අහලා තිබෙනවද?

:       0       0

Champa Friday, 08 May 2020 04:27 PM

කොරෝනා එක්කම මහා බලගතු කියපු දේවල් ඔක්කෝමත් වැහිලා ගියා... ඒකට හේතුව බෞද්ධයන් හින්දු දෙවියන් සහ බෞද්ධ දෙවියන් පටලවා ගැනීම සහ දෙවියන්ගෙන් බුද්ධ ශාසනය, ධර්මය සහ තමන් (බෞද්ධයන්) ආරක්ෂා කරන්න ඉල්ලනවා වෙනුවට... හින්දු ආගමේ වගේ පොල් ගහන්න... අනුන්ට වින කරන්න දේවාල යොදා ගැනීම. අබෞද්ධයින් හිතනවා බෞද්ධයන් දෙවියන් "අදහනවා...‘‘ කියලා. ඒක වැරදියි. දෙවියන් අදහන්නේ හින්දුන්. බෞද්ධයින් කරන්නේ දෙවියන්ට පින් දීලා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඉල්ලීම. කතරගම දෙවියන් (මහාසේන රජු), සමන් දෙවියන් (සුමන සමන් කුමාරය) දෙන්නම බුදුරදුන්ගෙන් බණ අහල සෝවාන් වුනු අපේ රජවරු. බෞද්ධයන්ගේ විෂ්ණු දෙවියෝ තමයි උපුල්වන් දෙවියෝ. දෙන්නගේම හමේ පාට නිල්. මුල් විෂ්ණු දෙවියෝ හින්දු... නමුත් සමහර බෞද්ධයින් විෂ්ණු දෙවියන් බුදුදහම වැළඳ ගත්තා කියල විශ්වාස කරනවා. පත්තිනි, කන්නගි කියන්නේත් දෙන්නෙක්. සැමියා මරපු පලිය ගන්න හින්දු කන්නගි මධුරා පුරය විනාශ කළා කියනවා. නමුත් බෞද්ධ පත්තිනි දෙවියෝ ලංකාව සහ බෞද්ධයන් ආරක්ෂා කරනවා. දැඩිමුණ්ඩ දෙවියන් බුදුදහම හා සම්බන්ධයි. මිනිස්සු ආරක්ෂා කරනවා. ගම්භාර දෙවියෝ දේවත්වයට පත්වුණු යක්ඛ රජෙක්. රාවණා රජුගේ අවතාරයක් කියලත් කියනවා...

:       0       0

Champa Friday, 08 May 2020 04:52 PM

තවත් තියෙනව. සීනිගම දෙවොල් දෙවියෝ ඉහත ආත්මයක බුදුරදුන්ගෙන් බණ අහපු, බුදුරදුන්ට දානය පිලිගන්වපු බමුණෙක්. ඒ පිනින් දේව ආත්මයක්‌ ලැබුන කියල කියනව. දැඩිමුණ්ඩ දෙවියෝ, මාරයා ආව වෙලාවේ අනිත් හැම දෙවිවරුම බය වෙලා දුවත්දී බුදුරදුන් අත නොහැර පුටුව පිටිපසට වෙලා සැඟවිලා ඉඳල තියෙනව කියලා කියනවා. දැඩිව මුණ්ඩයක් මෙන් හිටි නිසා දැඩිමුණ්ඩ නම ලැබුන කියල පොත පතේ තියෙනව. මේ හැම දේවාලයක්ම මිනිස්සුන්ගෙන් හිස් වෙන්න හේතුව වුනේ අපි හැමෝටම නැවත හිතන්න බල කරන්න. බුදු දහම සහ සම්බන්ධ දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම විතරයි මින් පස්සේ කලයුත්තේ. හින්දු ආගමේ මෙන් පූජා වට්ටි, මුදල්, විවිධ පාට රෙදි සහ විශේෂයෙන් පොල් ගැහිල්ල නවත්තන්න ඕනේ. මල් වලට අමතරව පූජා කරන්න ඕනේ නම් පූජා කරන්න ඕනේ කිරිබත් විතරයි. දෙවියෝ හුඟක් සතුටු වෙයි. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනව. රාවණා රජ්ජුරුවෝ දෙවි කෙනෙක් වුනේ නැහැ. හේතුව ඔහු මිය ගියේ නැති නිසා. එහෙම නොවුනේ ලංකාව ආරක්ෂා කරන්න.

:       30       43

ලසන්තSaturday, 09 May 2020 12:57 AM

චම්පා ඔබ හරි... දෙවියන්ට පූජාවට්ටි සහ පඬුරු අවශ්‍යම නැහැ. නමුත් පලතුරු යොදා පූජාවට්ටි සකසා ජීවත්වන විශාල පිරිසකුත් මේ රටේ ඉන්නවා. පලතුරු වවන්නන්ටත් මෙයින් සෙතක් වෙනවා.. දෙවියන්ට අවශ්‍ය වන්නේ මිනිසුන් යහමග ගොස් සිදුකරන පිං ලබාගැනීම පමණයි..

:       0       0

chinthakaSaturday, 09 May 2020 05:06 AM

ඔබගේ අදහස් වලට එකඟයි, හැම ආගමකම තැන පිහිට පතනා දෙවිවරුන් ඉන්නවා. සමහරු ශුද්ධාත්ම කියනවා, සමහරු අවතාර කියනවා, සමහරු යකුන් කියනවා, මොනදේ කිව්වත් සියලුම මිනිසුන් තමතමාගේ ආගමට අනුව නොපෙනන බලවේගවලින් යම් ආරක්ෂාවක් අපේක්ෂා කරනවා වගේම ඔවුන්ට එම ආරක්ෂාව ලබෙනවත් ඇති, අර MD ජෑම් වගේ.... ඒත් ඔබතුමා කියනවා වගේ දෙවිවරුන්ට පූජාකරන ක්‍රමයක් තියනවා. ඔබතුමා පැහැදිලි කරා වගේම එහෙම පූජා තියලා දෙවියෝ සතුටු කරන්න බැහැ. එතුමන්ලා සතුටුවෙන්නේ එතුමන්ලාට ලබාගැනීමට නොහැකි පින් ලබාදීමෙන් පමණයි.

:       0       0

samarasekara - gampahaSaturday, 09 May 2020 10:02 AM

නෝනේ... ඔයා හූනියම් දේවතාවාගේ නෝනාද...?

:       0       26

ChampaSunday, 10 May 2020 04:10 PM

දැනගන්නම ඕනෙද? පත්තරේක තිබ්බ ගිය අවුරුද්දේ එක පලාතක එයාගේ දේවාලයක් කැඩිලා කියල. මම පොතක ලියා ගත්ත ඒ දේවාලේ හදල දෙන්න. හැබැයි හැදුවට පස්සේ පොල් ගහන්න හෝ නරක වැඩ කරන්න බැහැ. පූජා වට්ටි නැහැ. පොඩි කිරිබත් පිඟානක් විතරයි ඕනේ නම් දෙන්න පුළුවන්. ඒකත් යනකොට අරන් යන්න ඕනේ. තමන්ට කන්න බැහැ සතෙකුට කන්න දෙන්න ඕනේ කියල මම නීතියකුත් දාන්න හිතන් හිටියේ.

:       0       0

subhash Saturday, 09 May 2020 12:45 PM

මොලේ කොලොප්පම් වෙලාද....,? කොහෙන්ද මේ කතා හොයා ගත්තේ...? එහෙම නැතිනම් ඔයා හැදුවද...?

:       0       34

ChampaSaturday, 09 May 2020 04:58 PM

හරි බයයි නේද සිංහල බෞද්ධයා තමන්ගේ ඉතිහාසය ගැන බුදු දහම ගැන කතා කරන කොට? ඔහොම මොලේ කොලොප්පන් කරලා තමයි අපේ ඇත්ත ඉතිහාසය යට ගහල තියෙන්නේ. පර දේශක්කාර විජය හොරාගෙන් පැවතෙනවා කියන එක හරි ඉහලින් පිලිගන්නවා හැබැයි අපේ රාවණා රජ්ජුරුවෝ ගැන පිළිගන්න කැමති නැහැ. තව වැඩි කලක් ඔහොම සිංහල අපේ ඉතිහාසය හංගල තියෙන්න හම්බ වෙන එකක් නැහැ.

:       57       0

samareSaturday, 09 May 2020 07:13 PM

කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැතිලු. මගේ නෝනා එකසැරයක් කියනවා.." විජය හොරා.."කියලා. ඊට පස්සේ කියනවා .." අපේ රාවනා රජ්ජුරුවෝ.." කියලා. ඊටත් පස්සේ කියනවා.." සිංහල අපේ ඉතිහාසය.." කියලා. නෝනේ, රාවනා ඔයාගේ සීයා නම් ඔයා කොහොමද ඔයා සිංහලයි කියලා කියන්නේ? එක්කෝ ඔයා " යක්ෂණියක් (යක්ෂ) වෙන්න ඕනෑ, නැත්නම් හැපින්නියක් (නාග) වෙන්නෝනා.. එහෙමත් නැතිනම් දේව එකියක් වෙන්නෝනෑ.. අන්තිමටම නැතිනම් රාක්ෂනියක් වෙන්න ඕනෑ. ඉතින් ඔයා කියන්නේ ඔයා සිංහලයි කියලා. ඒ නොකියා කියන්නේ ඔයාගේ සීයා ඔයාම කිව් විජය කියන හොරා කියලා. හොරාගෙන් පැවත එන නිසා තමයි ඔයා මේ බොරු හෑලි ලියන්නේ..

:       0       0

suduSunday, 10 May 2020 03:55 PM

චම්පා කියනවා එයා සිංහලලු, ඊට පස්සේ කියනවා රාවනා එයාගේ සීයාලු... එහෙනම් රාවණාත්... සිංහල විජය වගේම කෙනෙක්...

:       0       0

ChampaSunday, 10 May 2020 10:03 PM

sudu - ඔබගේ ඉතිහාසය ගැන (නො)දැනීම ගැන කණගාටු වෙනවා. විජය හොරා සිංහලයෙක් කියලා කොහෙද තියෙන්නේ? සිංහලයන් සිංහලයන් වුනේ විජය හොරා ආවට පස්සේ නෙමෙයි. විජය හොරා එන්නත් ඉස්සෙල්ලා ලංකාවේ යක්ඛ ජන වර්ගය හැඳින්නුවේ සිංහලයන් යන නමින්. විජය හොරාගේ පිරිස හැඳින්නුවේ වංගාවරු (වංග රටෙන් ආපු) යන නමින්. පොඩ්ඩක් කියවලා බලන්න කාලිංඝ මාඝ පැරැද්දුවේ කාව කියලද තියෙන්නේ කියලා. ඔවුන් පැරද්දුවේ සිංහල යක්ඛ ජන වර්ගය කියලා පොත පතේ තියෙන්නේ... කාලිංඝ මාඝගේ කාලේ ලංකාවේ කාලිංගවරු, සිංහලයන් සහ වංගාවරු හිටියා කියලා තියෙනවා...

:       0       0

චමින්දSunday, 10 May 2020 01:22 AM

චම්පා ඔයා අන්තිමට දැක්වූ අදහස හරියටම හරි. ඩිස්ලයික් තිහක් දැම්මාට කණගාටු නොවන්න. තවත් මෙවැනි සාරවත් අදහස් ඉදිරිපත් කරන්න.(අතීතයේ මුහුද ගොඩ ගැළුවා කිව්වාම හිනාවුන අය 2004 දී එය සත්‍යය කියා පිළිගත්තා.අහිවාතක රෝගය ගැනත් එයට හුදකලාවී සිටීමෙන් සුවයත් දෙන බවක් කිව්වා විහිළුවට ගත් අය කොරෝනා ඇවිත් හුදකලා කළාම එයත් පිලිගත්තා.)

:       33       4

saman Saturday, 09 May 2020 03:23 AM

බෞද්ධ භික්ෂූන්ට වඩා දැන් ඉන්නේ නයි පෙන්නන දේව වන්දනාවේ ධාතු වන්දනාවේ යෙදෙන පිරිසක්...

:       0       0

Samitha Senaka Aluthgamage. (Japura University ) Saturday, 09 May 2020 03:47 AM

සමන් දෙවිඳු අද නොමැතිද දම් දීපේ ... කිමද දෙවිඳුනේ ! අප සැම කල පාපේ ... වයිරස් මරුවා පලවා හැර ඒ සාපේ ... දුරලනු මැනවි !!! රැකදී අප හෙළ දීපේ ...

:       0       0

Champa Sunday, 10 May 2020 03:59 PM

අබෞද්ධයන් කියනව බෞද්ධයන් දෙවියන් "ඇදහීම" මිත්‍යාව පසුපස යාමක්ලු. බෞද්ධයෝ කවදද දෙවියන් " ඇදහැව්වේ?" දෙවියන් අදහන්නේ හින්දුන්. බෞද්ධයන් කරන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. බෞද්ධයන් තමන් රැස් කරගන්න පින් දෙවියන්ට "අනුමෝදන්" කරලා ඉල්ලන්නේ බුද්ධ සාසනය ආරක්ෂා කරන්න, ධර්මය ආරක්ෂා කරන්න සහ තමන් (බෞද්ධයන්) ආරක්ෂා කරන්න කියන එක. මේ සියලු දෙවියන් බුදුන් සරණ ගිය දෙවිවරු මිසක් හින්දු ආගමේ දෙවිවරු නෙමෙයි. ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ බෞද්ධයන් අනුමෝදනා කරන පින් මත. කතරගම දෙවියන් (මහාසේන රජු), සමන් දෙවියන් (සුමන සමන් කුමාරය) දෙන්නම බුදුරදුන්ගෙන් බණ අහල සෝවාන් වුනු රජවරු. උපුල්වන් සහ විෂ්ණු ගැන කියනව නම් උපුල්වන් දෙවියෝ ලංකාවේ දෙවිකෙනෙක්. බෞද්ධයන්ගේ විෂ්ණු දෙවියෝ තමයි උපුල්වන් දෙවියෝ කියන්නේ. දෙන්නගෙම හමේ පාට නිල. මුල් විෂ්ණු දෙවියෝ හින්දු, නමුත් සමහර බෞද්ධයන් විෂ්ණු දෙවියන් බුදුදහම වැළඳ ගත්ත කියල විශ්වාස කරනවා. පත්තිනි, කන්නගි කියන්නේත් දෙන්නෙක්. සැමියා මරපු පලිය ගන්න හින්දු කන්නගි මදුරා පුරය විනාශ කළා කියනවා. නමුත් පත්තිනි දෙවියෝ බුදුන් සරණ ගිය සතහට සෙත සලසන දෙවි කෙනෙක්...

:       0       3

chamindha.h Monday, 11 May 2020 12:37 AM

අපේ මිනිස්සුන් මුස්ලිම් මිනිස්සුන්ට බැන බැන දැන් මුස්ලිම් මිනිස්සුන් වාගේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 85 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 182 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 230 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 377 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 130 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1589 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site