IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි නියෝග

(අජන්ත කුමාර අගලකඩ)
 
සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත.
 
ඒ අනුව, පළාත් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත අද(20) දිනයේදීම යැවූ බව ආණ්ඩුකාරවරු කිහිපදෙනෙක්ම සඳහන් කළහ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට මාස  කිහිපයකට ඉහතදී පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් නවදෙනෙකු පත්කරන ලදී.
 
ඒ අනුව, ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, සරත් ඒකනායක මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ෂාන් විජයලාල් ද සිල්වා මහතා නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, පේෂල ජයරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ධම්ම දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළහ.
 



අදහස් (7)

සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි නියෝග

බද්රානි Wednesday, 20 November 2019 10:03 AM

ඉතාමත්ම හොඳයි මේ රටේ සියලුම පළාත්වල ආණ්ඩුකාරවරුන් සිංහලයින් විය යුතුයි. විශේෂයෙන් අන්තවාදීන්ට තනතුරු ලබා නොදිය යුතුයි.

:       0       0

රවින් Wednesday, 20 November 2019 11:09 AM

වැඩකට නැති නිකම් සල්ලි නාස්ති කරන තනතුරක්. ඔය වගේම සියලු පළාත් සභාත් අයින් කරලා දාන්න. එම මුදල් වලට මහජන හිත සුව පිණිස පාරවල් , පාලම්, සෞඛ්‍යය පහසුකම් වගේ මහජනයාට ප්‍රයෝජනයක් වෙන දේවලට මුදල් යෙදවුවොත් අනෙක වාරයක් කෘත ගුණ සලකාවි.

:       7       300

SamanWednesday, 20 November 2019 11:58 AM

අදහස හොඳයි. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න නම් ව්‍යවස්ථාව ආපහු 12 වන සංශෝධනයට ගෙනියන්න වෙනවා. අපිට යු.එන්.පී එකෙන් දීපු තෑග්ග තමයි 13න් වන සංශෝධනය හෙවත් පළාත් සභා.

:       5       48

MaheeWednesday, 20 November 2019 12:24 PM

ඔව්, කරන්න පුළුවන් නම් ඉතාම හොඳ වැඩක්. දැන් 19 සමාලෝචනය කරන්න යනවා කිව්වනේ. ස්වාධීන කොමිෂන් සභා පිහිටවපු 19 විනාශ නොකර 12 විනාශ කළා නම රටට ලොකු සෙතක්...

:       0       0

DharmasiriThursday, 21 November 2019 02:15 AM

නොහැක්කක් නොමැත

:       1       0

KumarWednesday, 20 November 2019 07:24 PM

ආණ්ඩුකාරවරු කැමති කෙනා නේද දැන් ජනාධිපති වෙලා ඉන්නෙ.

:       0       1

කරුණාපාල Wednesday, 20 November 2019 01:53 PM

පළාත් සභා සියල්ලම අහෝසි කරන්න එවිට, උතුරු, නැගෙනහිර සම්බන්ධයෙනුත් ප්‍රශ්නය ඉබේටම නවතීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 327 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 940 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2441 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2687 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 794 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 317 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site