IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සියලු ආගම්වලට එක් අමාත්‍යංශයක් අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලති

(නිමල කොඩිතුවක්කු)
 
බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආදි වශයෙන් වෙන වෙනම අමාත්‍යාංශ පවත්වාගෙන යනවා වෙනුවට පෙර පැවති ආකාරයට සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පත් කරන ලෙසට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (14) රජයෙන් ඉල්ලීමක් කළහ.

එමෙන්ම ආගමික හෝ ජාතියක නමක් සහිත දේශපාලන පක්ෂ  තහනම් කළ යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

එමෙන්ම රට තුළ හටගෙන ඇති ගැටුම්වලට දේශපාලන පක්ෂවල ප‍්‍රාදේශීය මට්ටමේ නායකයන් සම්බන්ධ බැවින් තමන්ගේ ගෝල බාලයන් පාලනය කරගන්නා ලෙස දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී දින 20කට වඩා  ගතවූ අවස්ථාවේදී බුද්ධිමත් පුරවැසියන් ලෙස ආරක්ෂක අංශවලට සහාය දක්වනවා මිස නීතිය අතට ගෙන කටයුතු කිරීම සුදුසු නොවන බවත් එතුමෝ වැඩිදුරටත් කීහ.

රටේ සංස්කෘතියේ කොදු නාරටිය බුද්ධ ධර්මය බවත් බුද්ධ ධර්මයේ හැසිරීම අනිත් ආගම් වලට ආශිර්වාදයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බුද්ධ ධර්මයෙන් සංස්කෘතිය පෝෂණය වන රටක ජීවත් වීමට ලැබීම පවා වාසනාවක් බවත් පැවසූ අගරදගුරුතුමෝ සෙසු ආගම් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළහ.

      ‘‘පාස්කු ඉරිදා පාහාරය සිදුවී දින 20කට වඩා ගතවූ අවස්ථාවේදී බුද්ධිමත් පුරවැසියන් ලෙස අපි ඒ කටයුතු  වලට සහාය දක්වනවා මිසක් නීතිය අතට අරන් කටයුතු කිරීම සුදුසු වන්නේ නැහැ. රට තුළ හටගෙන ඇති කලබලකාරි වාතාවරනය තුනී කර ගැනීමට තමයි දැන් හැම උත්සාහයක්ම ගන්නේ.

මේ ප‍්‍රශ්නය පිලිබඳ  හරියාකාරව තේරුම් ගන්න බැරි අයට මත්පැන් පොවලා ඒ අයව  මේ කටයුතු වලට  සම්බන්ධ කරන සමහර අය ඉන්නවා කියලා දැන් අපිට පෙනී ගෙන යනවා.

මේ පිරිස් අතර  විවිධ දේශපාලන පක්ෂවල  ප‍්‍රදේශීය මට්ටම් වල නායකයන්  ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. තමන්ගේ ගෝලබාලයින් පාලනය කරන්න කටයුතු කරන්න කියලා ඒ දේශපාලන  පක්ෂවල නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා.

තමන්ගේ  ගෝලබාලයින්ට  බීමත් කමින් නීතිය අතට අරගෙන ඉස්ලාම් ජනතාවගේ  ආගමික ස්ථානවලට, කඩ සාප්පු වලට පහර දිලා ඒක වීරකමක්  ලෙස සැලකීමෙන් වළකින්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේ කාඞ්බෝඞ් වීරයෝ අපේ ලංකාවට  අවශ්‍ය නැහැ.

ඉදිරියේදී පැවැත්වීමට  නියමිත වෙසක් උත්සවය, රාමසාන් උත්සවය ආදි උත්සව වල  ඒ ඒ ආගමිකයන්ට නිරත වෙන්න ඉඩදිලා හැකි ඉක්මනින්  මේ රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමට ඉඩ දෙන්න කියලා මම ඒ සියලු  දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මේ වෙලාවේදී හැඟිම්  වලට යට වෙලා  එක එක්කෙනා කියන කරන දේ වලට ඇවිස්සිලා සාමය කඩකිරීමේ  ක‍්‍රියාදාමයට යන්න එපා කියලා මම විශේෂයෙන්ම සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මේ තතත්වය අපි පාලනය කර ගත්තේ නැත්නම්  අපේ රට හුඟාක් ව්‍යාකූල තත්වයකට පත්විය හැකියි.’’ යැයිද අගරදගුරුතුමෝ එහිදී පැවැසූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (25)

සියලු ආගම්වලට එක් අමාත්‍යංශයක් අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලති

Dasuni Tuesday, 14 May 2019 11:42 AM

ඔබතුමා කියන දේ හරි... ඔය ගෝලබාලයෝ තමයි මේ දේවල් කරන්නේ. නියම දේශප්‍රේමීන් නම් මේ වෙලේ මේ ආණ්ඩුවට විරුද්ධවයි පාරට බහින්න ඕනේ. විපතට පත් වූ අය තාම ඉන්නේ වේදනාවෙන් සහ කම්පනයෙන්. ඒ අය මේ විදිහට හැසිරෙන්නේ නැහැ.

:       0       0

ලුම්බිණි Tuesday, 14 May 2019 11:45 AM

ඉතාම හොඳ ඉල්ලීමක්...

:       0       0

ගල්කටස් Tuesday, 14 May 2019 11:50 AM

මෙන්න කරනවා නම් නියම වැඩ... හැබැයි අපේ උන්දැලා නම් මෙව්වා කරනවා බොරු..

:       0       0

Ruwan Tuesday, 14 May 2019 12:28 PM

ගොඩක් හොඳ අදහසක්...

:       0       0

රොමේෂ් Tuesday, 14 May 2019 12:37 PM

ඉතාමත් අනර්ඝ යෝජනාවක්... මෙය තමයි වියයුතු වන්නේ... ආගමික, ජාතික සංහිඳියාව ඉබේම හැදෙයි.

:       0       0

Dhammasiri himi Tuesday, 14 May 2019 12:40 PM

ඔබතුමාගේ යෝජනාවට සියයට දහස් වාරයක් එකඟයි. එම අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා උගත්, බුද්ධිමත් , දේශපාලකයන්ට කඩේ නොයන, ජනතා විශ්වාසය දිනාගත්, පෞද්ගලික වරප්‍රසාද ලබානොගත් සහ ලබා නොගන්නා ස්වේච්ඡාවෙන් කටයුතු කරන රටේ අනාගතය ගැන හිතන මණ්ඩලයක් පත් කළ යුතුයි.

:       0       0

tma piyatissa Tuesday, 14 May 2019 12:45 PM

සැබෑවටම මෙතුමන් අපේ කාලයේ දාර්ශනිකයෙකි. බණ පදයක් ඇසුවා හා සමානව මානව සංහතියේ යහපැවැත්ම අපේක්ෂිත උන්වහන්සේගේ චින්තනය අපේ සිත් සනහාලයි...

:       0       0

susantha Tuesday, 14 May 2019 12:54 PM

ඔය වගේ රටට වැදගත් යෝජනා කිසිවක් මේ සක්කිලි දේශපාලුවන් කනකට ගන්නේ නෑ කාදිනල්තුමනි... එතකොට කොහොමද තක්කඩි දේශපාලුවන් තව ටිකකට ඇමතිකම් දෙන්නේ? සුළු ජාතික ඡන්ද හිඟා කන්නේ? මේ ගැටුම් සේරම ආණ්ඩුවේ සැලසුම් සහගත වැඩ... ආණ්ඩුවේ රතු තොල් කල්ලිවල තවතව සෙල්ලන් එයි. ඉස්සරහට සිංහල මිනිස්සු ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න, ඡන්ද කල් දාන්න, දේශද්‍රෝහී යෝජනා සම්මත කරගන්න, ඇමරිකානු හමුදාවට රටට එන්න දෙන්න වගේ තව දේවලට...!

:       0       0

Jayantha Tuesday, 14 May 2019 01:16 PM

හොඳ අදහසක්...

:       0       0

deshapriya wijetunge Tuesday, 14 May 2019 01:30 PM

ඉතා වටිනා අදහසකි. ආගම්, ජාති භේදයෙන් තොරව එකම ශ්‍රී ලංකික ජාතියක් ලෙස සිතන්නට, ක්‍රියා කරන්නට අඩිතාලමක් දැමීම අවශ්‍ය වී ඇත. සිංගප්පූරුව මැනවින් මෙලෙස ක්‍රියා කරමින් චීන-මැලේ-දමිල සහ වෙනත් ජාතීන් "සින්ගප්පූරීන්" ලෙස එක්ව කටයුතු කිරීමට පදනම දමා දියුණුවට පත්ව පළමු ලොකයේ දියුණුම රටක් බවට ඉතා කෙටිකලකින් පත්ව ඇත...

:       0       0

පලිහක්කාර Tuesday, 14 May 2019 01:44 PM

සියළු ආගම් තහනම් කරන එක තමයි විසඳුම. ආගම අවශ්‍ය අය ඒක තමුන්ගේ ගේ ඇතුලෙදි අදහගන්න. අනික් මිනිස්සුන්ට වදයක් නොවී.

:       0       0

Bamunuarachchi Tuesday, 14 May 2019 02:20 PM

ඒක කරන්න බැහැ කාදිනල්තුමනි. ඔබ වහන්සේම පිළිගන්නවා බෞද්ද ආගම මේ රටේ ප්‍රධාන ආගම බව. මේක සිංහල බෞද්ධ රටක්.. එමනිසා බෞද්ධ ආගමේ පැවැත්මට කළයුතුදේ බොහොමයි. එමනිසා බෞද්ධ අමාත්‍යාංශයක් අපිට වෙනම ඕනේ...

:       0       0

ranjith Tuesday, 14 May 2019 02:25 PM

මේ වගේ කාලින වැදගත් යෝජනා ක්‍රියාත්මක කිරීමට දැන්වත් පාලකයින්ට ඇස් පෑදේවා..!!! 

:       0       0

Perakum Tuesday, 14 May 2019 02:28 PM

අගරජගුරු තුමාගේ අදහස් හා යෝජනා අති විශිෂ්ටයි. ඒ වුනාට අපේ දේශපාලකයින් ඒවාට කොහෙත්ම කැමති නැති බව අපට විශ්වාසයි. ඉදිරි මැතිවරණයකදී මේ 225 එලවා දමා රටට ආදරය කරන නව නායකත්වයක් පත් කර ගනිමු.

:       0       0

chandima Tuesday, 14 May 2019 02:49 PM

ඒ ඉල්ලීම මුළුමනින්ම සාධාරණයි, එකඑක ජාතීන්ට හෝ ආගම්වලට වෙනම අමාත්‍යාංශ දීමෙන් රජය රටේ බෙදීමක් ඇති කරනවා. බෙදුම්වාදය පතුරනවා. එපමණක් නොවෙයි, පළාත් සභා වෙනමම තිබියදී, මහා ආණ්ඩුවෙන් එකඑක පළාත් වල එකඑක විෂයන් සඳහා අමාත්‍ය තනතුරු ඇතිකිරීමත් අනවශ්‍යයි. එමගින් රටේ විවිධ කොටස්වලට එක එක හැන්දෙන් බෙදන බව ඔප්පු වෙනවා.

:       0       0

Deepal Nirosh Tuesday, 14 May 2019 03:01 PM

අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළයුතු ඉතාම ප්‍ර‍ශස්ත තීරණයක්...

:       0       0

Rata Perata Tuesday, 14 May 2019 03:01 PM

ඉතාම කාලෝචිත යෝජනාවක්...

:       0       0

Jayantha. Tuesday, 14 May 2019 07:38 PM

බලන්න මොන තරම් වටිනා කතාවක්ද? ඇයි හාමුදුරුවනේ ඔයාලට ඔය ටික කියාගන්න බැරි... බෞද්ධයකු වශයෙන් මට මොනතරම් දුකක් ඇති වුණාද?

:       0       0

siri Tuesday, 14 May 2019 08:55 PM

ඔබතුමාගේ වටිනා ප්‍රකාශයන්ට මගේ ප්‍රණාමය පුදකරමි.

:       0       0

THUSITHA W LADDU . Tuesday, 14 May 2019 09:26 PM

මොනතරම් කාලෝචිත ප්‍රකාශයක්ද මැල්කම් රන්ජිත් පියතුමා ප්‍රකාශ කළේ. මම හිස නමා අාචාර කරනවා පියතුමාට...

:       0       0

sudath Tuesday, 14 May 2019 10:41 PM

ඉතා හොඳ කාලෝචිත යෝජනාවක්, ස්තුතියි

:       0       0

Lion Tuesday, 14 May 2019 11:33 PM

ඔබතුමා මිනිසුන්ට මග පෙන්වන්නෙක්...

:       0       0

sarath perth Wednesday, 15 May 2019 01:19 AM

එහෙම කරනවා නම් හුඟක් හොඳයි. මොකද දැනට ඉන්න බුද්ධ ශාසන ඇමති පෙන්දෙක්නේ...

:       0       0

saman Wednesday, 15 May 2019 01:49 AM

ඉතා හොඳ ඉල්ලීමක් රදගුරුතුමනි

:       0       0

දිමුත් Wednesday, 15 May 2019 04:08 AM

හරියට හරි. ඉස්සර එහෙම තමයි තිබුණේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 425 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 843 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 631 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1479 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2970 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1917 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site