(විනීතා එම් ගමගේ)
සයිප්‍රසයේ ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් දායක වූ එරට වසර හයකට වඩා සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වයස 68 ක් වූ පසු එම අරමුදලේ ප්රතිලාභවලින් සියයට 15 ක් ලබාගත හැකි වන පරිදි එම අරමුදලෙහි කොන්දේසි වෙනස් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
එම අරමුදලේ ප්රතිලාභ මීට පෙර ලැබුණේ එරට වසර 15 ක් අඛණ්ඩව සේවය කළ විදේශිකයන්ට පමණි. ඒ සඳහා ශ්‍රමිකයා තම වැටුපෙන් සියයට 8.3ක් ද හාම්පුතා සියයට 8.3 ක් ද සයිප්‍රස් රජය මගින් සියයට 4.9 ක් ද වශයෙන් මූලික වැටුපෙන් සියයට 21.5 ක් දායක මුදල් ගෙවිය යුතුව ඇත.
එහෙත් ශ්‍රී ලාංකිකයන්ට එරට සේවයට අවසර තිබුනේ එක් වරකට වසර 4යි මාස අටක කාලයක් පමණි. මේ නිසා එම අරමුදලට දායක වීමෙන් ශ්‍රී ලාංකිකයන් ට කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණු බව විදේශ රැකියා අමාත්‍යංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඇමති තිලක් මාරපන මහතා මේ පිළිබඳව එරට කම්කරු අමාත්‍යවරිය මෙන්ම ජනාධිපතිවරයා ද හමුවී සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට මෙසේ කොන්දේසි වෙනස් කර ඇති බවත් නානායක්කාර මහතා අමාත්‍යංශයේ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම අරමුදලේ ප්රතිලාභ දැන් ලබා ගත හැකි බවට සයිප්‍රසයේ සේවය කර මෙරට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට යම් පිරිසක් විසින් දන්වා ඇති බවත් එසේ එම මුදල් ගත නොහැකි අතර වසර හයක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර ඇති හා අවශ්‍ය කොන්දේසි සපුරා ඇති අයට පමණක් මේ පිළිබඳව කාර්යංශය වෙත දැනුම් දෙන්නේ නම් එම සේවකයන් වෙනුවෙන් ඉල්ලීම් කළ හැකි බවත් නානායක්කාර මහතා කීය.
වාර්ශිකව ශ්‍රමිකයන් 1200 ක් පමණ එරට සේවය සඳහා පිටත්ව යන අතර මේ වනවිට එහි ශ්‍රී ලාංකිකයෝ 7500 ක් පමණ සේවය කරමින් සිටිති.
සමාජ ආරක්ෂණ අරමුදලේ ප්රතිලාභ ලබා ගැනීම කිසිවෙකුටත් මුදල් ලබා දී ලබාගත නොහැකි බවත් ඒ සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් කාර්යංශය ඉල්ලීමක් කරයි.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සයිප්‍රසයේ සමාජ ආරක්ෂණ අරමුදලේ කොන්දේසි වෙනස් වෙයි
Mallika Monday, 08 April 2019 02:29 PM
කෙසේ වෙනස් වුනත් සාධාරණයක් කරා අපගේ අරමුදල් ලබා දීමට රජය මැදිහත්ව කටයුතු කල යුතුයි.
kelum Tuesday, 09 April 2019 05:09 AM
මෙහෙට පිස්සෝ එවල හරියන්නේ නැහැ .. රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්දක් තියෙන කෙනෙක් එවන්න ඕන.
D.m somawathi menike Tuesday, 09 April 2019 02:16 PM
සයිප්‍රස් රටේ වසර 5ක් හිටපු අයට අරමුදල් ලබාගන්න බැරිද? අපටත් සහනයක් ලබාදෙන්න.