IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සයිටම් උපාධිධාරීන් සති 3 කින් ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සයිටම් උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් සයිටම්  උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. 

බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මේ පිළිබඳව විභාගය පැවැත්වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ පෙත්සම්කරුවන්  වෛද්‍ය වෘත්තීය සඳහා ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.

මීට අදාළව බුවනෙක අලුවිහාරේ සහ දෙහිදෙනිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තීකයින් වශයෙන් ලියාපදිංචි නොකිරීම තුළින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු සුරසේන මහතා අදාළ සිසුන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර අභියාචනායාධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝග නිකුත් කර තිබූ බව සිහිපත් කළේය.

ඒ අනුව ඔවුන්ව සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද එම සභාවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විණි.

මෙම නඩු තීන්දුව හරහා සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 82 ක් වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව නීති විශාරදයෝ පවසති.

 



අදහස් (16)

සයිටම් උපාධිධාරීන් සති 3 කින් ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

sirimaliee Tuesday, 30 July 2019 07:43 AM

නඩු ගාස්තු ගෙවීමට වෛද්‍ය සභාවට කිසිසේත් ඉඩ දිය යුතු නොවේ. මෙම සභාවේ සාමාජිකයෝ දැරිය යුතුය. ඔවුන්ගේ අත්තනෝමතික තීරණ වලට මහජන බදු මුදල් වැය නොකළ යුතුය.

:       0       0

Nimal Tuesday, 30 July 2019 07:48 AM

අපේ රටේ වෛද්‍යවරයෙක් වීමට දැන් ඕන වන්නේ රුපියල් කෝටියක් පමණයි. උසස් පෙළ අසමත් වුනාට කමක් නැත.

:       0       0

kamani Tuesday, 30 July 2019 08:06 AM

හරි ශෝක්නේ. දැන් නඩුකාරයෝ තමයි දොස්තරලාව හදන්නේ. හැබැයි මේ එකෙක් හරි ලෙඩෙක්ව මැරුවොත් ..මේ තීන්දුව දුන්න "ඔස්තාර්ලා" බලු කූඩුවට යවන්න ඕනෑ. මගේ අම්මෝ මම නම් මලත් ඔය ඩොකෙක් ගාවට යන්නේ නැහැ.

:       0       0

කුමාර Tuesday, 30 July 2019 08:20 AM

සුපිරි තීන්දුවක්... කඩේ යන සංගමය හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ පමණක් දොස්තරලා කියලා. දැන් ඉතින් ගහෙන් බිමට බහින්න...

:       0       0

ලුම්බිණි Tuesday, 30 July 2019 09:11 AM

ශ්‍රේෂ්ඨාධිකරණයවත් මේ රටේ හරි දෙයක් කරනවා දකින්න ලැබීම සතුටක්.

:       1       4

වීරවිජේ Tuesday, 30 July 2019 10:08 AM

ඉතිං උසාවි නියෝගයෙන්ම උපාධියත් ගත්තනං හරිනෙ ‌ම‌ොකට ඉගනගන්නවද?. මල සමයං.

:       8       24

jayath Tuesday, 30 July 2019 10:48 AM

ලියාපදිංචිය නෙමෙයි මෙතන තියන ප්‍රශ්නය එහෙම වුණත් මේ අයගේ වෘත්තීය දැනුම පිළිබඳ තියන ගැටළුව තමයි තියෙන්නේ... මොකද මෙයාලා රජයේ රෝහලක ,විශේෂඥ වෛද්‍යවරයකු යටතේ නිසි සායනික පුහුණුව අරගෙන නැහැ වෙනත් විදියකින් කියනවා නම් වසරක සීමාවාසික පුහුණුව වත් ඉන්පසුව එච් ඕ කෙනෙක් විදියටවත් නිසි පුහුණුවක් නැහැ.. ඉතින් මම දන්නේ නැහැ. මෙයාලා කොහොම බෙහෙත් දේවිද කියලා ලෙඩ්ඩුන්ට...

:       0       0

rim Tuesday, 30 July 2019 12:21 PM

නියම තීරණයක්. අන්තිමට ඔවුන් සත්‍ය ජයග්‍රහණය කළා

:       24       149

Sarath Tuesday, 30 July 2019 01:24 PM

සුපිරි තීන්දුවක්..

:       37       145

Kumar (Gulf) Tuesday, 30 July 2019 06:17 PM

අවසානයේ සාධාරණය සිදුවී ඇත.

:       0       0

ඩිලන්ක Tuesday, 30 July 2019 06:57 PM

කෝකටත් බෙහෙත්ගන්න කලින් පොඩ්ඩක් දොස්තර ගැන ගොඩක් හොයන්න වෙයි. සාෆිට එයා යන වැඩ වෙයි ඉස්සරහට..

:       0       0

janahitha Wednesday, 31 July 2019 04:52 AM

ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් තිබූ ආරක්ෂාකාරී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට තිබු හැකියාව අහිමිවෙන ලකුණු... ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් වී හෝ ජනතාවගේ ජීවිත සුරකින්න.

:       8       32

Rohana Wednesday, 31 July 2019 07:04 AM

දැන් බලමු ජීඑම්ඕඒ එක මොකද කරන්නේ කියල.

:       0       3

Bandula Wednesday, 31 July 2019 11:06 AM

ලෝකයේ ඕනෑම රටක වෛද්‍යවරු ලියාපදිංචි කරේ.. මේ බලය අැත්තේ වෛද්‍ය සභාවටයි... නීතීඥයින් සහ ඉංජිනේරුවන් හැමෝම ගැන ලියාපදිංචි ක‍රන්නේද අදාල ආයතන මගිනි. මේවා පත් කරන්නේද රජය මගින්ය... මේවා වෘත්තීය සංගම් නොවේ.

:       3       2

arunaFriday, 02 August 2019 06:39 AM

වෛද්‍යවරු ලියාපදිංචි කිරීමේ බලය ඇත්තේ වෛද්‍ය සභාවටය. එය නිවැරදිය. එම බලය එන්නේ නීතියක් මගිනි. වෛද්‍ය සභාව එම නීතියට අනුකූලව කටයුතු කළ යුතුයි. එම නීතිය පිළිබඳ අර්ථ දැක්වීමට බලය ඇත්තේ අධිකරණයටයි. අධිකරණය කොට ඇත්තේ එම නීතිය අර්ථ දක්වා ඒ අනුව මෙම සිසුන් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි. මෙම තීරණයට පදනම් වී ඇත්තේ අදාල පනත් අනුව වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ බලය ඇත්තේ වෛද්‍ය සභාවට නොව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බවයි. මෙම සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගත් ආයතනයකින් උපාධි ලබා ඇති බැවින් මේ සඳහා හිමිකම් ඇති බවයි.

:       0       0

nandana Thursday, 01 August 2019 10:48 AM

'70 ගණන්වල සිට, රටේ පහසුකම් ඇතැයි කියන දිස්ත්‍රික්ක වල බොහෝ සිසුන්හට දිස්ත්‍රික් පදනම හේතුකොට ගෙන සුදුසුකම් තිබියදීත්, සරසවි වලට ඇතුල්වීමට නොහැකි වුනා. මෙවැනි සිසුන්හට ලංකාවේදී තම තෘතීය අධ්‍යපනය නිම කරගැනීම අවස්ථාව ලබා දිය යුතුයි. වෛද්‍ය සභාව මේ සිසුන්ට සුදුසුකම් නැති බව කියමින්, ඊට මුවාවී සිදුකරන්නේ තමන්ගේ කුලය රැක ගැනීමට තැත් කිරීමයි. ලංකාව නුගතුන්ගෙන් පිරි රටක් වී ඇත්තේ මේ රටේ මහජන බදු මුදලින් ඉගෙනගත් වෘතිකයින්ගේ යයි කියා ගන්නා සංගම් නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 0 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 645 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 184 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1585 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 721 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 375 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1652 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site