( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි සිදු කල කැනීම් කටයුතු අද (14) සිට තාවකාලික නවතා දැමූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අධිකරණයේ පවතින නඩු කටයුතු වෙනුවෙන් සහ කැනීම් කටයුතු සිදු කරන අනෙකුත් නිලධාරීන්ගේ රාජාකාරි කටයුතු වෙනුවෙන් කැනීම් කටයුතු තාවකාලකව නවතා දැමීමට පියවර ගෙන ඇති අතර නැවත කැනීම් කටයුතු නොවැම්බර් මස 27 වන දින ආරම්භ වේ.
මන්නාරම් සමූහ මිනීවලෙහි දින 105 ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු ඇටසැකිලි 235ක් හමු වූ බවටත් ගොඩගත් සිරුරු 235න් සම්පූර්ණ සිරුරු කොටස් 229 කට අදාළ සිරුරු අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බව වෛද්‍යවරයා පැවසුවේය.
එම සිරුරු 235න් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු 18 ක් ඇත.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ලේ කඩා ඉවත් කිරීමෙන් පසු මන්නාරම එමිල් නගර් ප්‍රදේශයට ගෙන ගිය පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමූහ මිනී වලෙහි කැනීම් තාවකාලිකව නවත්වයි
kamani Sunday, 18 November 2018 06:21 PM
ෆොන්සේකාගේ ගෙදර අල්මාරියේත් ඇට සැකිලි තියෙනවාලු...