IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සාමාන්‍ය පෙළ සිසුන්ටත් ටැබ් දීමට සැරසෙයි

(නිමල කොඩිතුවක්කු)
 
සාමාන්‍ය පෙළ  සහ අනෙකුත් සිසුන් සඳහාද ටැබ් පරිගණක ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය.
 
උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් ඉක්මණින් එම කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
දැනුම පදනම් කරගත් සමාජයක් වෙනුවෙන් අමතර කියැවීම් එම පරිගණක තුළට යෙදීමට පියවර ගන්නා බවද ඔහු පැවැසීය. 
 
පෙළපොත් වෙනුවට වසර හතරක් භාවිත  කළ හැකි ටැබ් පරිගණක ලබාදීමෙන් අධ්‍යාපනය වඩාත් පහසු වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ස්මාර්ට් පන්ති කාමර සඳහා අවශ්‍ය ගුරු පුහුණුවීම්ද මෙයට සමගාමීව සිදුකරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.



අදහස් (21)

සාමාන්‍ය පෙළ සිසුන්ටත් ටැබ් දීමට සැරසෙයි

harsha Thursday, 04 April 2019 10:37 AM

හරියට වහලක් වත් නැති පාසල් කොච්චර මේ රටේ තියනවද. ඇයි මුලික පහසුකම් වත් නැති පාසල් ගැන ගානක්වත් නැතුව මේ ටැබ් ස්මාර්ට් පන්ති කාමර හදන්නේ. දන්නවද හේතුව? වහලවල් හැදුවට, ටොයිලට් හැදුවට, දුප්පත් පාසල් වලට පහසුකම් දුන්නට ලොකුවට කොමිස් ගහන්න බෑ. ඇමතිට ලොකු කොමිස් එකක් එන වැඩ විතරයි ඇමති කරන්නේ. මියක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ.

:       187       1024

sudathThursday, 04 April 2019 02:18 PM

ඇත්ත නැත්ත නොදකින 176ක් මේ ප්‍රකාශයට විරුද්ද වෙලා

:       0       15

ලසන්ත Friday, 05 April 2019 02:41 AM

මේ ඇමති ලමයා සිතනුයේ අධයාපනය යනු ටැබ් පරිගණක කියාය.

:       0       67

Bamunuarachchi! Saturday, 06 April 2019 09:40 AM

ඔබ කලබල වෙන්න එපා.. ඒ අර අපි ගොබ්බයෝ කියන ජාතියයි. මේකටත් ඩිස් ලයික් දමයි... ඒ අර ගොබ්බයින්ම තමයි.

:       0       0

liyanageThursday, 04 April 2019 04:30 PM

මෙය අවධානයට යොමු වුවා මිස තීරණයක් ගෙන නොමැති බව පෙනේ. කෙසේ වෙතත් 1 සිට 10 ශ්‍රේණිවලට පොතේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම දිය යුතුය. පොත් පත්වලට ගෙවන්නාවූ වියදම සහ ඉතිරිය පමණක් ගැන සිතා අධ්‍යාපනයේ තීන්දු නොගන්න. සියලු පාසල් වලට ශ්‍රේණිවලට පොත්පත් නැතිකර ටැබ් පරිගණක ලබාදීම එතරම් උචිත නොවන්නේ ටැබ් පරිගණක යේ බැටරි බලය අඩුවූ විට විදුලියත් නොමැතිව ටැබ් පරිගණක කුමටද?

:       0       6

මාවිල්මඩ වජිර හිමි Thursday, 04 April 2019 10:50 AM

ටැබ් එක දෙන්න කලින් ගමේ පාසල්වලට පහසුකම් දීලා ඉන්න. ටැබ් පාවිච්චි කරන්න සමහර පාසල්වල විදුලියවත් නැහැ. ඈත පිටිසර පාසල්වල දරුවන්ට උදේට කාල එන්නවත් දෙයක් නැහැ. සීතල කාමර වලින් එලියට බැහැලා දුෂ්කර පළාත් වලට ගිහිල්ලා බලන්න. ඒ දරුවෝ වගේම ගුරුවරුත් මොනතරම් දුක් විදිනවද කියලා.

:       117       684

RaveendraThursday, 04 April 2019 12:14 PM

අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු.

:       0       6

ලුම්බිණි Thursday, 04 April 2019 11:08 AM

දැන් ඉන්න ඇමතිලට නම් ඇත්තටම පිස්සු.

:       34       234

Lal Thursday, 04 April 2019 11:52 AM

බටහිර රටවල ළමයි පරිගණකයේ ඉන්න වෙලාව අඩු කරගන්න ක්‍රම සොයනවා.

:       0       14

sampath_08 Thursday, 04 April 2019 11:52 AM

පරිගණක දීම ගැන ගැටළුවක් නැහැ. ඒත් මුලික අවශ්‍යතා විසදිය යුතුයි. අනෙක හැමොටම මේක දෙන්න එපා. අඩු ආදායම් ලාභීන්ට පමණක් දෙන්න මධ්‍යම පන්තික ආදායම් ලබන අයට ණයක් විදියට දෙන්න, ඉහල ආදායම් ලාභින්ට කොහොමත් ටැබ් තියෙනවා. ඒ ඉතුරු වෙන මුදල් වලින් ජල, සනීපාරක්ෂක සහ අනෙකුත් මුලික පහසුකම් හදන්න

:       0       3

Lahiru Thursday, 04 April 2019 12:31 PM

සිංගප්පුරුවෙත් කරලා නැති වැඩ තමයි මේවා.

:       0       2

palitha Thursday, 04 April 2019 01:23 PM

මා සිතන්නේ පාසල් ළමුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම හොඳ දෙයක් බවයි. මේ මගින් වාර්ෂික පොත් මුද්‍රණ වියදම් අඩුකර ගත හැකි අතර, ළමුන් පාසලට ඔසවාගෙන යන පොත් මල්ලේ බරද අඩු කර ගත හැකියි. මෙවැනි ව්‍යපෘති ආරම්භ කිරීමට පෙර, දිවයිනේ සියලු පාසල් වලට එකසේ පහසුකම් ලබා දෙන තෙක් සිටියොත්, මෙවැනි දේ සිදු කිරීමට තව ශත වර්ෂයක් වත් බලා සිටින්න වෙයි.

:       8       3

Sunililano Thursday, 04 April 2019 01:24 PM

ටැබ් එක තමයි දැන් අඩුවකට තියෙන්නේ. මේ මිනිස්සු නම් පුදුම ඇමතිලා තමයි

:       3       4

sana Thursday, 04 April 2019 01:25 PM

ඔන්න දැන් මෙතනත් කොහේ හරි ගමේ ඉස්කෝලෙක වහලේ නෑ, කන්න නෑ කියලා අඬෝවැඩියා ගහන අය ඇවිල්ලා. දැන් එතකොට ලංකාවේ අධිවේගී මාර්ග හදන්න හොඳ නෑ ලංකාවෙම පාරවල් කාපට් කරනකම්. පිළිකා රෝහලට ස්කෑනර් ගන්න සල්ලි වලින් ගමේ ඉස්පිරිතාලෙට ඇඳන් ගන්න ඕන. ලොකුවට පෙන්වන දුෂ්කර යැයි කියනා ඉස්කෝල බොහොමයක් පළාත් සභා යටතේ තියෙන්නේ. ඒක ඒ ඒ පළාත් සභා බලාගන්න ඕන. මේක ජාතික මට්ටමේ වැඩපිළිවෙලක්. ටැබ් එකක් කියන්නේ වරප්‍රසාදිත ළමයින්ට පමණක් දෙන දෙයක් නෙවෙයි.

:       23       5

ගල්කටස් Thursday, 04 April 2019 02:32 PM

ඩෙස් එකයි පුටුවයි දීලා වැසිකිලි ටික පිරිසිදුවට හැදුව නම් නරකද

:       0       7

Asanka Thursday, 04 April 2019 03:04 PM

දුෂ්කර පාසල් තිබුනට ලෝකයේම ස්මාර්ට් පන්ති කාමර සංකල්පය රටවල් ගණනක ක්‍රියාත්මක වෙනවා. අනාගතය යන්නේ ඒ දෙසටයි. එනිසා අපේ කොපමණ විෂමතා තිබුනත් අපටත් ඒ දෙසට යොමුවෙන්න වෙනවා. එහෙම නොකලොත් එක අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක්. රටේ සම්පත් සමානව නොබෙදෙන එක වසර 1000 කටවත් වෙනස්වෙන්නෙත් නැහැ

:       4       1

nimal Thursday, 04 April 2019 04:05 PM

ඇමතිතුමනි, මේ අවස්ථාවේදී පුළුල් වශයෙන් දුෂ්කර පාසල් වල ඇති අඩුපාඩු සම්පුර්ණ කරන්න. ටැබ් දුන්නට ඒවා චාජ් කිරීමට ජනක යන්ත්‍ර දෙනවද? ටැබ් එකට වැඩිය සමහර පාසල් වල සිසුන්ට ඉඳ ගැනීමට පුටුවක් නැ. තමුන්ගේ අමාත්‍යංශ ලේකම්ට කිව්වොත් හොද නැද්ද දුෂ්කර පාසල්වල ඇති අඩුපාඩු සම්බන්දයෙන් වාර්තාවක් දෙන්න කියලා.. කරන්න ඕනේ ඒවා පැත්තක තියලා, ටැබ් එක දෙන්න හදන්න එපා. ඒවත් කල යුතුයි අනෙක් පාසල් වල ඇති අඩුපාඩු සම්පුර්ණ කර. දුප්පත් මනුස්සයගේ දුක සැප සොය බලන්නේ නැතිව, හැම අවස්ථාවේම ඡන්දෙන් අන්ත පරාජක් වන්නේ ඔය නිසයි, එම නිසයි ඔබලා සැමදාම පොදු අපේක්ෂකයෙක් හොයන්න වෙලා තියෙන්නේ.. රටට දැනෙන්න වැඩක් කරලා කෙලින් ගමනක් යන්න බැලුවොත් හොද නැද්ද ????

:       0       13

wije Thursday, 04 April 2019 04:59 PM

මේ රටේ හරියකට වාඩිවෙලා අකුරක් ඉගෙන ගන්න තරම්වත් පහසුකම් නැති පාසල් කොච්චර තියෙනවාද. හරියට කන්න නැතුව උදේට බඩගින්නේම පාසල් එන දරුවෝ කොච්චර ඉන්නවද ඒවාට විසදුම් දෙන්න.

:       0       55

Raveendra Friday, 05 April 2019 02:53 AM

ටැබ් පරිගණක දැනුම නරකම නැත... මුලික අඩුපාඩු ගැන බැලුවොත් හොදද... වීරකැටියේ අම්මලාගේ දුක දැක්කා ද ?

:       0       4

sumith Friday, 05 April 2019 04:59 AM

අලියට හක්ක පටස් දුන්න වගේ යස අපුරුවට තියේවි

:       0       0

Sapumal. Friday, 05 April 2019 07:36 AM

මෙය හොඳ වැඩක්. ඒත්, මීට වඩා කළයුතු දේ බොහොමයි. උගත්, දුප්පත් දරුවන් දේශපාලන හයියක් නොමැතිකම නිසා රැකියාවල් නැතිව තම වටිනා කාලය නාස්තිකර ගන්නවා. පළමුව ටැබ් නැතිව ඉගෙනගෙන දුක් විඳින මේ අයට සහනයක් සලසන්න. එය මහා පිංකමක්...

:       0       23

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1024 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2436 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1055 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 189 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 838 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 414 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site