IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘සුමන්තිරන්ගේ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානයම වගකිව යුතුයි’

(එෆ්.අස්ලම්)

කොටි සංවිධානයේ ආයුධ  සන්නද්ධ අරගලය අවතක්සේරු කරමින් එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයට ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයම වගකිව යුතු යැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුනේ නායක වී.ආනන්ද සංගරි මහතා පවසයි.  2010 ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු ඉංග්‍රීසි මාධ්‍යක් සමගින්ද කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය අවතක්සේරු කරමින් සුමන්තිරන් මහතා ප්‍රකාශයක් සිදුකළ බවත් දෙමළ ජාතික සන්ධානයද ඊට මුනිවත රකිමින් අනුග්‍රහාය සැපයූ බවත් සංගරි මහතා සදහන් කර සිටීයි.

සමාජ ජාලා සමගින් සංවාදයකට එක්ව කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය පිළිනොගන්නා බවට සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආනන්ද සංගරි මහතා මේ බව සදහන් කරයි.

එහි වැඩිදුරටත් මෙසේද සදහන්වේ.

2010 වසරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසි
එම්.ඒ සුමන්තිරන් මහතා ඒ වසරේදී ඉංග්‍රීසි මාධ්‍යක් සමගින් සංවාදයකට එක්ව  ආයුධ සන්නද්ධ අරගලයක් ආරම්භ කළේ උතුරේ රැකියා විරහිත තරුණයින් බවටත් ආරක්ෂක හමුදාවට වඩා සාමාන්‍ය ජනතාව ඝාතනය කළේ කොටි සංවිධානය බවටත් ප්‍රකාශයක් සිදුකර තිබුණා. එවක රජයට එරෙහිව කොපමණ විමර්ශන පැරමිණියත් ඊට මුහුණ දීමේ සාක්ෂියක් ලෙසින් තමන් කටයුතු කරන බවට සුමන්තිරන්ගේ ප්‍රකාශයෙන්  නොකියා කියා තිබුණා.

බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ   කාරණයෙදී සුමන්තිරන්ගේ දායකත්වය ආණ්ඩු හිතවාදීව සහ දෙමළ දේශපාලන සිරකරුවන්ට ප්‍රතිවාදීවයි සිදුවුනේ කියල එදා දෙමළ ජාතික සන්ධානයට නොතේරුනේද ? මේ කාරණය සම්බන්ධයෙන් මා හැර අන් කිසිවෙකු හෝ  කතා කලේ නැහැ.
එවන් පුද්ගලයෙකු වූ සුමන්තිරන් පසුගිය 2015 මැතිවරණය සදහා යාපනය දිස්ත්‍රීක්කය සදහා ඉදිරිපත් කර ඔහුව ජයග්‍රහණය කරවීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් කටයුතු කළා. එදා සුමන්තිරන් සිදුකළ ඒ ප්‍රකාශය ගණනකට නොගෙනයි දෙමළ ජාතික සන්ධානය ඔහුව ජයග්‍රහණය කරවනු ලැබුවේ. ඒ ප්‍රකාශයම තමයි වෙනත් ආකාරයකින් සුමන්තිරන් පසුගියදා සිංහල සමාජ මාධ්‍යක් සමගින් සිදුකරනු ලැබුවේ. මෙනිසා දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙකුට සුමන්තිරන් ගැන විවේචනය කිරීමට සුදුසුකමක් නැහැ.

2015 මහ මැතිවරණයේදී සුමන්තිරන්ට මනාප 58,000ක් ලැබුනා. ආයුද සන්නද්ධ අරගලයක් ආරම්භ කළේ උතුරේ රැකියා විරහිත තරුණයින් බවටත් ආරක්ෂක හමුදාවට වඩා සාමාන්‍ය ජනතාව ඝාතනය කළේ කොටි සංවිධානය යැයි කියන ස්ථාවරය පදනම් කරගෙන නැවතත් ඒ බව අවධාරණය කරන්නට ඔහු කටයුතු කළා.

එතුළ ඔහුගේ කිසිදු වරදක් නැහැ.ඔහු කී දේ නිවැරදියි කියල පිළිගන්න නිසයි 2015 වසරේදී සුමන්තිරන්ට අපේක්ෂකත්වය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කලේ. මෙය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙමළ ජාතික සන්ධානය පිළිගත යුතු සත්‍යක්.

කාලයෙන් කාලයට දෙමළ ජනතාව රැවටීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය රගදක්වන තවත් නාට්‍යක් තමයි මේ.මැතිවරණ කාලය නිසා තව තවත් මේ වගේ නාට්‍ය බලාගන්න පුළුවන් යැයිද ආනන්ද සංගරි මහතා සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර සිටීයි.



අදහස් (5)

‘සුමන්තිරන්ගේ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානයම වගකිව යුතුයි’

ranjith Wednesday, 13 May 2020 06:32 AM

එ්ක හොඳ කතාවක් නේද? ත්‍රස්තවාදය පිටුදකින එක...

:       0       0

Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 07:05 AM

සුමන්තිරන් මහතා නිවැරදියි. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කෙරුණු ප්‍රභාකරන් මස්වැද්දාගේ මිනීමරු සටන හොඳ වෙන්නේ කොහොමද ? සංගරීගේ මේ නීති විරෝධී ප්‍රකාශ වලට නිසි පියවර ගත යුතුයි.මේ කොටි අවතාර දඟලන්නේ කොටි සටන සාධාරණීකරණය කරන්නයි.ඒවාට ඉඩ තැබීම තවත් ව්‍යසනයකට මුල.

:       0       209

de silva Wednesday, 13 May 2020 07:19 AM

ඔබට මතක නැති වුනාට අදවගේ මතකය මට ඔබ ප්‍රභාකරන් ජිවත්ව සිටි කාලයේ ඔහුට සහ කොටි සංවිධානයට බයේ එවකට පැවති රජයේ අනුග්‍රහයෙන් කොහේ හරි අස්සක හැංගිලා සිටිමින් ප්‍රභාකරන් සහ මිනීමරු කොටි සංවිධානය විවේචනය කරමින් ප්‍රසිද්ධ ලිපි සිය ගණනක් ලියු බව දැන් ඔබට අමතක වෙලාද?" වැරදිලාවත් ප්‍රබාකරන් දිනුව නම් මුලින්ම ෆ්ලැට් කරලා දමන්නේ EPRLF , සහ FLOTT සංවිධාන දෙක බව මේ හැමෝටම අමතක වෙලා . දැන් අවරුදු 11 ගිහිල්ලනේ සමහර විට අර ලංකාවේ සමහර සිංහල දේශපාලන මහත්හොරුන්ට හැදෙන අමතක වීමේ රෝගය මේ ගොල්ලට හැදිලද කියලා මට හිතෙනවා.

:       0       104

කපිල Wednesday, 13 May 2020 08:45 AM

අහිංසක දෙමළ මිනිස්සුන්ව අවුස්සලා මේ අයගේ බඩ වඩා ගත්තා. සිංහල දේශපාලකයොයි මේ අයයි අතරෙ කිසිම වෙනසක් නෑ.

:       0       0

de silva Wednesday, 13 May 2020 04:42 PM

ජනාධිපති නීතීඥයකු වන සුමන්තිරන් මහත්මයට රටේ නිතිය පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා.. බස් ,කොච්චි වල , මහබැංකුවේ , තැපැල් කන්තෝරුවල බෝම්බ 100 පමණ තබල සාමාන්‍ය පුරවැසියෝ 10000-20000 මරපු . යටත්වුන පොලිස් නිලධාරියෝ 600 එක පෙලට තබල මරල සමුහ මිනිවලේ වලලපු , අපේ රටේ ජනාධිපති , විදේශ ඇමති , ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රජතන්ට්‍රික රටේ අගමැති රජීව් ගාන්ධි මහත්මය මරපු , ලංකාවේ සහ විදේශ රටවල් කිහිපයක්ම ත්‍රස්ත්වධි සංවිධානයක ක්‍රියා අනුමත කරන්නේ කොහොමද ? කොටි සංවිධානයේ ක්‍රියා ප්‍රස්ධියේ අනුමත කරන බව කියන මේ ඔක්කොම නායකයෝ අත්අඩංගුවට අරන් නඩු පවරන්න ඕනේ , එහෙම නැතිනම් කොටින්ගේ කරදර නිසා ජිවිත අහිමිවූ පුදගලයන්ගේ නෑයන් විසින් මොවුන්ට විරුද්ධව නඩු පවරා වන්දි ඉල්ලන්න ඕනේ....

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 45 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 375 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 377 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 484 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1351 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 742 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1423 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site