(සජීව විජේවීර)
අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමට හසුවී ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට සහාය වීමට ගිය නාවික හමුදාවේ සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවෙත ළඟා වී ඇතැයි නාවික හමුදාව පවසයි.
සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන හා ආහාරපාන රැගෙන පිටත්ව ගියේ පසුගිය 21 වැනි දින දී ය.
නාවික හමුදාව පවසන්නේ එම බහුදින යාත්‍රා සමඟ සන්නිවේදන සම්බන්ධතා ගොඩනගාගෙන ඇති අතර මේ වනවිටත් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන එම යාත්‍රාවලට අවශ්‍ය වෛද්‍යාධාර, ආහාර, ජලය සහ ඉන්ධන සැපයීමට අවශ්‍යපරිදි කටයුතු කරන බවයි.
මේ වනවිට ඉන්දියන් සාගරයේ කුණාටු තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇති අතර මේ ධීවරයන් සියළු දෙනා නිරුපද්‍රිතව ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට රැගෙන එ්මට හැකි බව ද නාවික හමුදාව සඳහන් කරයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’’සමුදුර’’ නැව ධීවර යාත්‍රා වෙත ළඟාවෙයි
Jay Saturday, 23 May 2020 08:09 AM
විශිෂ්ඨ ක්‍රියාවක්. නාවික හමුදාව නැතිනම් මේ වගේ අවස්ථාවල ඔවුන්ට සරණ වීමට කිසිවෙකු නැහැ. මේ වගේ ක්‍රියාවලට පැසසුම් කළයුතු වන අතර, අර නාවික හමුදාවට අපහාස වන අයුරින් කමෙන්ට් දාපු අය සහ ගෙදර අාපු අය හොයහොයා කෝල් දීපු අය මොකද දන්නේ නැහැ මේ වගේ ක්‍රියාන්විතවලට කියන්නේ...?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 08:45 AM
සත්‍ය වශයෙන්ම,මේ අගනා ක්‍රියාවට නාවික හමුදාපති තුමා ඇතුළු ඊට සම්බන්ධ සියලුම නාවික හමුදාවේ අයටත්,මෙය පරිපාලනය කළ සියළු දෙනාටත්,රජයටත් ස්තුති වේවා !!! වැරදි අඩුපාඩු වලදී රජය විවේචනය කරන අපි මෙවන් අවස්ථාවලදී රජයට ස්තුති කිරීමටද අමතක නොකරන්නෙමු.
de silva Saturday, 23 May 2020 09:46 AM
ඉන්දුනීසියාවේ තිබෙන ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයට බැරිද එහෙ රජය සමග සාකච්ඡාකර මේ යාත්‍රාවලට අවශ්‍ය දේවල් සපයලා නැවත ලංකාවට එවන්න.