IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සාමණේර හිමිවරුන්ට පහරදීම වැනි සිදුවීම් නැවත නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්න

(චමිල් රූපසිංහ)

හොරව්පතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමකට ගිහි පුද්ගලයෙකු අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය මෙරට භික්ෂූන් වහන්සේගේ හා බෞද්ධ ජනතාවගේ සිත් සසළ කරවන සුළු එකක් බවත් එවන් සිදුවීම් නැවත සිදු නොවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්  කර තිබේ.

සිද්ධිය අනාවරණය වූ විගස පොලිසිය ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණු බවත් එකී සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරම්භයේ සිට මේ දකවා ඊට අනන්‍යය වූ ශාසනික සම්ප්‍රදායන්ගෙන් යුක්තව පැවත එන්නේය.ඒ අනුව ධර්ම විනයත් භික්ෂු ප්‍රතිපදාවත් සුරක්ෂිත කිරීමට අවශ්‍යය මාර්ගෝපදේශයන් හා විනය ප්‍රඥප්තීන් ධර්මය හා විනය තුළ සංග්‍රහවී ඇත.

එහිදී භික්ෂූන් වහන්සේගේ ශාසනික කාර්යභාරය හා උන්වහන්සේගේ භික්ෂු ප්‍රතිපදාව ශාසනික සම්ප්‍රදාය තුළ සුවිශේෂ එකක් වේ.එනිසා බුදුන් වහන්සේ විසින් භික්ෂු සමාජයෙහි පැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍යය සියලුම ධර්මානුකූල හා විනයානුකූල පියවර ගෙන ඇත.

ඒ අනුව භික්ෂු සමාජය ශිෂ්‍යානු ශිෂ්‍ය සම්ප්‍රදායානුකූලව ගුරු සිසු සම්ප්‍රදායට අනුගතව අතීතයේ සිට වර්තමානය දක්වා අඛන්ඩව පැවැත එනු ලබයි.එසේම නවක සාමණේරවරුන්ගේ ශාසනික ජීවිතයෙහි වගකීම හා ධර්මය හා විනය අධ්‍යනය කරවමින් ශාසනයෙහි පැවැත්මට අවශ්‍යය සියලු ක්‍රියාමාර්ග වල වගකීම රදා ඇත්තේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා වෙතය.

අතීතයේ සිට රාජ මහා මාත්‍යාදීන්ගේ සිට සියලු ගිහි සමාජයෙහි සමාජිකයින්ගේ වගකීම වූයේ භික්ෂුන් වහන්සේගේ ශාසනික ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නිසි පරිදි සපයා දීමයි.ඊට සමගාමීව ගිහි පිංවත්හු සිය ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් කෙමෙන් කෙමෙන් විමුක්ති මාර්ගයෙහි මස්තකයට ගමන් කළහ.

ඒ හැර භික්ෂු ජීවිතයට හානි පැමිණීම හෝ ශාසනික ප්‍රතිපදාව අඩපණ කිරීම ගිහියාගේ කාර්යභාරය නොවීය.

සාමණේර භික්ෂූන් වහන්සේලාගේ යම් දෝෂයක් වේ නම් උන්වහන්සේලා නිවැරදි ශාසනික  ජීවිතයට අනුකූලව ශික්ෂණය ලබාදීමේ වගකීම ඇත්තේ භික්ෂූන් වහන්සේට මිස ගිහියන්ට නොවේ.

ගිහි පිංවතුන්ගේ වගකීම වන්නේ යම් භික්ෂුවක් වැරැද්දක් සිදු කරයි නම් එය වැඩිහිටි භික්ෂුන්වහන්සේ නමකට දැනුම් දීමයි.ඒ අනුව විහාරාධිපතීන් වහන්සේලා පළාත් නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා අධිකරණ ස්වාමින්ද්‍රයන් වහන්සේලා හා සංඝ සභාව ඊට නිසි විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලබති.

සාමණේර වහන්සේලා යනු ළමා වයසේ පසුවන දරුවන්ය.එබදු පිරිසකගෙන් වැරැද්දක් සිදුවීමට අවකාශය වැඩිය.අතීතයෙත් වර්තමානයෙත් නොදැනුවත්කම් මත ළමා මානසිකත්වය මත වැරැද්දට යොමුවූ අවස්ථාවන් ශාසන ඉතිහාසයේ දක්නට ලැබේ.

එබඳු අවස්ථාවලදී වැඩිහිටි භික්ෂුන් වහන්සේ විසින් නිසි ශාසනික ක්‍රියාමාර්ග ගනු ලබන අතර එහිදී එකී තත්ත්වයන් සමනය කරමින් සාමණේරයන් වහන්සේලා සුරක්ෂිත කළහ.



අදහස් (15)

සාමණේර හිමිවරුන්ට පහරදීම වැනි සිදුවීම් නැවත නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්න

Ruhunu Thursday, 12 September 2019 06:24 PM

බුදු සරණයි... අපේ හාමුදුරුවනේ..!!! 

:       0       2

Sam Thursday, 12 September 2019 06:34 PM

බෞද්ධයින් නැති රටක භික්ෂූන්ගේ අගය තේරෙන්නේ නෑ..

:       0       15

yaha Thursday, 12 September 2019 08:09 PM

ඔය වැඩේ කරපු කෙනාට අවුරුදු 10ක් වත් හිරේ යවන්න.

:       0       34

Prabha Thursday, 12 September 2019 08:28 PM

ඔබ වහන්සේ කණ්ණාඩියක් ඉදිරියට ගිහින් ඔය ලිපිය කියවන්න. දුප්පත් ගම්මානවල තියෙන පන්සල් ගැන සොයාබැලීමට ඔබ වහන්සේලාටත් යුතුකමක් ඇත.

:       117       59

Prabha Friday, 13 September 2019 05:49 PM

ඇත්ත තිත්තයි.., නමුත් ඕක තමයි සත්‍යය.

:       0       4

ලංකා Friday, 13 September 2019 02:22 AM

ඒ වගේම සාමනේර හිමිවරුන් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුයි.

:       111       28

ආනන්ද Friday, 13 September 2019 02:41 AM

පන්සිල්, අටසිල්, දසසිල් හා සංඝ විනය පිලිනොපදින හා ශාසනයට, අපකීර්තියට පත්වන අයුරින් හැසිරෙන වැඩිහිටි පෘතග්ජන භික්ෂුවකට වුවත් මේ ප්‍රතිඵලය ලැබෙන දිනය වැඩි ඈතක නොවේ...

:       343       112

ධම්ම Friday, 13 September 2019 02:46 AM

මේවා දකින්නට තරම් අප පූරුවේ පව් කර ඇත.

:       9       57

janaka Friday, 13 September 2019 02:54 AM

අද පවතින පිරිහුණු සමාජ පරිසරය තුළ ගරුතර ස්වාමීන් වහන්සේලාට අත්වී තිබෙන ඉරණම සෝචනීයයි. මෙවන් යුගයක් අප අසා ඇත්තේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේය. සමාජය යහමගට නොගත්තොත් අනාගතය ඉතා බියකරු එකක් විය හැකිය..

:       9       102

Gamage Friday, 13 September 2019 04:42 AM

එ්ක නම් සහතික ඇත්ත හාමුදුරුවනේ. ඇයි ඔබ වහන්සේ මේ ගැන විතරක් කතා කරන්නේ...

:       77       43

Kumara Friday, 13 September 2019 05:12 AM

සාමණේර හිමියන්ට හරි, ගිහියෙකුට හරි කවුරු ගැහුවත් වැරදියි. ඒත් මට තියෙන ගැටලුව සාමණේර හිමියන්ට ගැහුවම අර මොනවද කරට අරන් කෑගහන කෑගැහිල්ල අනිත් අයට අසාධාරණයක් වෙන කොට නැත්තේ ඇයි කියලා.. මාර නියායක්නේ අප්පා. බුදුන් වහන්සේ එහෙමද කියලා තියෙන්නේ?

:       272       63

almeida Friday, 13 September 2019 05:23 AM

මම මේ කුඩා හිමිනම ගැන නොවේ කතා කරන්නේ. උපසම්පදා භික්ෂූන් බොහෝදෙනෙක් වැරදි කරනු මම මාධ්‍ය හරහා දැක තිබේ. නමුත් දුන් දඬුවමක් පෙනෙන්නට නැත. එ්නිසා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පැත්තකින් තියලා ශාසනයට සේවයක් කරන්න උනන්දු වෙන්න. ගිහියෙක් හැටියට කලකිරීමෙන් වුණත් ඔබ වහන්සේට මේ දෙය කියන්න වෙනවා.

:       176       223

bandara Friday, 13 September 2019 08:57 AM

සාධු සාධු සාධු...!

:       0       4

Samantha Friday, 13 September 2019 12:05 PM

කොන්ද පණ ඇති සිංහල නායකයෙක් හිටියා නම් සම්බුදු ශාසනය රැකෙනවා. මේ උතුම් සම්බුදු සසුනට අත තියන්න කාටවත් බැහැ. එහෙම අයට පැවැත්මක් නැහැ.. එ්කයි සත්‍ය...

:       151       149

amila Friday, 13 September 2019 05:12 PM

ඔබ වහන්සේලා මේ ලෝකේ නෙවේ ඉන්නේ ගොඩක් වෙලාවට. රට හදන්න කලින් ගම්වල සිටින හාමුදුරුවරුයි, බුද්ධාගම බේරාගන්න වැඩ කරන්න. ගොඩක් පන්සල්වල හාමුදුරුවෝ නෙවෙයි ප්‍රධානියා ගිහියෙක්.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 607 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1460 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 731 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 142 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 562 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 341 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site