IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි

 


(නිමල කොඩිතුවක්කු)
 
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද(9) විවෘත කෙරිණ.
 
සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුලූ පක්ෂ නායකවරු මෙම අවස්ථාවට එක්වූහ.
 
සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ පැවති පෝ දින ධර්ම දේශනාව අද පස්වරු  4.00 ට එම කාර්යාලයේදි පවැත්වීමට නියමිතව ඇත.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (25)

සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි

Rathnayaka Monday, 09 March 2020 08:59 AM

ඕක මීට සෑහෙන්න කලින් කරන්න තිබුණු වැඩක්... රනිල් රට කාගෙන කාගෙන යනකොට මහින්ද අගමැති ලෙස එකපාරට දිවුරුම් දෙන්න මාසෙකට විතර කලින් ඕක කළා නම් සජිත් අද ජනාධිපති නොවුණත් විශාල ජනබලයකට හිමිකරුවෙක්. දැන් පෙරහැර ගිහින් ඉවරයි. දැන් තව අවුරුදු 20කින් විතර අගමැති වෙන්න පුළුවන්..

:       38       371

කල්පනාTuesday, 10 March 2020 10:04 AM

මෙවර මේ අයට දිනන්නනම් බැහැ. කරන්න තියෙන්නේ තුනෙන් දෙකේ බලයක් ගැනීමට නොදෙන එක. එහෙම කර ගත්තොත් 2025 ඉහළින්ම දිනලා අවුරුදු විස්සක්වත් බලයේ ඉන්න පුළුවන්.

:       33       77

siri Monday, 09 March 2020 09:12 AM

දැන් කියනවා දෙගොල්ලම එකතුවෙලා හංසයාගෙන් තරඟ කරනවා කියලා. ඇත්තද මන්දා. දිනන එකනම් හිතන තරම් පහසු වෙන්නේ නැති වෙයි.

:       2       245

Keppetipola Monday, 09 March 2020 10:08 AM

වටේට ඉන්න හොරුන් සහ ත්‍රස්තවාදයට සහයෝගය දුන් අන්තවාදීන් දැක්කම හිරිකිතයි. කිසිම දේශපාලන දැක්මක්, රටට ආදරයක් නැති දූෂිත බොරුකාරයින්ව පත් කරන්න බුද්ධිමත් ජනතාව ඡන්දය පාවිචි නොකරනු ඇත.

:       420       342

susanthaMonday, 09 March 2020 10:28 AM

කැප්පෙටිපොල මහත්තයා හීනයක්වත් දැක්කද? දූෂිත හොර තක්කඩින්, අන්තවාදීන් තමයි ජනතාව උඩින්ම පත්කරලා යවන්නේ. ලංකාවේ ඡන්ද දිනන්න නම් හොඳට හොරාකන්න ඕනෑ. රටට කෙළවන්න ඕනෑ. ඊට පස්සේ නිකන්ම ගොඩ, හොරා කාපු සල්ලි ටිකක් වියදම් කරලා පැකට්, තහඩු කෑලි, ප්ලාස්ටික් පුටු වගේ සිල්ලර දේවල් ටිකක් දුන්නාම බඩගාගෙන ගිහින් ඡන්දෙ දීලා වැඳලත් එන්නේ...!

:       2       160

Bamunuarachchi Monday, 09 March 2020 10:11 AM

සජිත් පේ‍්‍රමදාස පෙරමුණක් නොව වෙන පක්ෂයක් හදලා එකේ නායකයා වුණොත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වෙනවා නේද?

:       2       47

ලියනගේ Monday, 09 March 2020 01:46 PM

පියා ජීවිතය පූජාකළ පක්ෂයට එරෙහිව පුතා වෙනත් පක්ෂයක් සාදා ගනී. සජිත්ගේ පක්ෂයේ ඉන්නවද රටක් කරගෙන යන්න පුළුවන් කණ්ඩායමක්... රාජපක්ෂලා එළවපු හොරුත් එතැන ඉන්නවා.

:       43       10

dilanMonday, 09 March 2020 06:16 PM

ඇත්ත වශයෙන්ම හිරිකිත විතරක් නෙමෙය් කූජිතය්. මේ මනුස්සයා මේ අන්තවාදීන්ව එක්ක යන්න හදන ගමන මොකක්ද? අපහුම අපිට බෝම්බ කවන්නද? කවදාවත් අතීතෙන් පාඩම් ඉගෙනගෙන හැදෙන්නේ නැති චරිතයක්.

:       153       100

RoshanTuesday, 10 March 2020 07:46 AM

අන්තවාදීන් ත්රස්දවදීන් ඉන්නවනම් අල්ලලා හිරේ දාන්නකෝ කියකිය ඉන්නේ නැතිව . දැන් ඔව්ගොල්ලන්ගේ අන්දුවක්නේ තියෙන්නේ . නිකන් චෝදනා කරන්නේ නැතිව ක්‍රියාවෙන් ආණ්ඩුවට ඕක කරන්න පුළුවනි

:       12       42

wimal Monday, 09 March 2020 10:52 AM

මොන සුට් ඇන්දත්, මොන බලවේග හැදුවත් මිනිස්සු අන්දයෝ නොවේ. මේ කට්ටිය තමයි අවූ රුදු 200 කට කරන වැඩ අවූරුදු 5 කට කරේ. නායකයා නැතිඋනාට ගෝලයෝ ටික සෙට් වෙලා ඉන්නවා. මිනිසුන්ගේ හොම්බ බිම ඇනිලා තියෙන්නේ මේ සෙට් එක ගෙදර ගියපු නිසා. පාක්ෂිකයෝ මග බලාගෙන ඉන්නේ සුබපතලා ඡන්දය දෙන්න.

:       188       36

chaminda vidanapathirana Monday, 09 March 2020 01:20 PM

පක්ෂය කඩාගෙන ගියා වගේ තමයි මේ අයට ආණ්ඩු දුන්නත් මේ කඩා ගෙන යාම කරනවාමයි. නායකයින්ට ගරු නොකරන නැගී සිටින්නට දුන්නු අත සපා කන තිරිසනුන්ට නොදෙවෙනි මේ වගේ කල්ලි නම් ආපසු දියවන්නාවට නම් එවලා අපිට නඩු කියන්න නම් එන්න එපා...

:       105       170

susantha gamage Monday, 09 March 2020 01:42 PM

මේ තට්ටු 3නේ මාලිගාවේ කුලිය කවුද දුන්නේ? ගිය සැරේ ජනාධිපතිවරණයේ සල්ලි ණය ගෙවන්න තියනවා කියලා සැඟවී සිටිය කෙනාට කෝටිපති ශනිදා දිනුම් වාසනාවත් ඇදුණාද? දෙයියෝ තමයි දන්නේ සිද්ධිය... අනේ මේ සේරම බොරු සෝභනනේ... බලමුකෝ දිනනවද කියලා...

:       108       240

Sujeewa Monday, 09 March 2020 02:10 PM

මේ සියල්ලටම වග කියන්න ඕනේ රනිල්... 1991දී රණසිංහ ප්‍රේමදාසයන්ට විරුද්ධව, ලලිත්-ගාමිණී-ප්‍රේමචන්ද්‍ර-මොහමඩ්ලා ගෙනා විශ්වාසභංගයට පක්ෂ නොවී, ප්‍රේමදාසයන් සහ පක්ෂය ආරක්ෂාකළ එකම UNP නයකයා වූයේ රනිල්. අද එම ප්‍රේමදාසයන්ගේම පුත්‍රරත්නය, එම රනිල්ටම ප්‍රහාරයන් එල්ල කිරීමට තරම් සාහසික වී ඇත. රනිල් පසුගිය ජනාධිපති මැතිවරණයේදී සජිත් බේබිට උතුරින් - නැගෙනහිරින් ලබාදුන් ඡන්ද ලක්ෂ 25 නැතිනම්, සජිත් බේබිට ඇපත් නැත. බලමු රනිල් නැතුව ඡන්ද ලක්ෂ 20ක් වත් ගනීද කියලා... සජිත් බේබි සහ ඔහුගේ ප්‍රාථමිකයින් හිතන්නේ මහින්ද පොහොට්ටුවෙන් 2015-2019 කළදේ, එයාට ටෙලිෆෝනයෙන් කරන්න පුළුවන් කියලා. සජිත් බේබි දන්නා නැති දෙයක් ඇත.

:       576       764

jim kuru Monday, 09 March 2020 02:57 PM

ජයෙන් ජයම ලැබේවා..!!! සමගි ජනබලවේගයට ජයවේවා..!!! 

:       1       0

Dil Perera Monday, 09 March 2020 06:01 PM

මේකට තමා කියන්නේ - කුස්සි පිහිය කුස්සියේ තැබිය යුතු බවත්, මේස පිහිය මේසයේ තැබියයුතු බවත්. නැත්නම්, වදුරාට දැලිපිහිය ලබුනා වගේ තමා. මහින්ද අගමැති - ගෝඨා ජනාධිපති යුගලය වෙනුවට හිටන් ජනාදිපති - සජිත් බේබි අගමැති "පුට්ටුව" තිබ්බානම් රට කොහේ තිබේද? බලන් ගියාම, අපි ජනතාව, හිතන තරම් ගිය ආත්මයේ පව් කරලා නැත.

:       9       101

sisira Tuesday, 10 March 2020 12:55 AM

අනේ මේ පට්ට හොරු අමුතුවෙන් වෙස් මූණු බැඳගෙන. ඔය ඉන්නේ කිඹුලත් පැත්තකින්.

:       2       44

mahinda Tuesday, 10 March 2020 01:22 AM

සමගිය බලය වේ කියල කතාවක් තියනවනේ.

:       2       29

Mola Tuesday, 10 March 2020 02:20 AM

ඔය සමහර අය ළඟ ඉන්න ගැණු පරානේ ඉන්නේ මේ රටට වැඩ කරන්නද ?

:       0       2

SajjaWednesday, 11 March 2020 01:24 AM

ජලනි නෝනා කල්පනාවෙන් සිටිය යුතුයි. තිස්සත් ඔතන නැහැනේ.

:       0       0

lalithm Tuesday, 10 March 2020 03:13 AM

උනුත් හොරු මුනුත් හොරු. පෙනෙන්නේ නැතිද මේ දවස්වල ඔය හැම එකේම කා කොටා මරා ගන්න හැටි. එක පතේ බත් කන ගමන් හොරෙන් අනිකට වස දෙනවා වගේ. මේ අයද අපේ රට දියුණු කරන්න හදන්නේ?

:       0       1

peiris Tuesday, 10 March 2020 06:03 AM

උත්සාහය හොදයි. කලින් කළ යුතුව තිබුණු දෙයක්. නමුත් සජිත් පුතාට කෙළවෙන්නේ ඇත්තටම රනිල් නිසා විතරක් නෙමෙයි.

:       0       1

අන්දරේ Tuesday, 10 March 2020 06:16 AM

ලක්ෂ 14 කින් ජනාධිපතිවරණය පැරදිච්ච මනුස්සයා ඊට මාස 5 කට පස්සේ අගමැති කරන්න තරම් මොංගල් මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා ඒ අය හිතාගෙන ඉන්නවා ඇති.

:       38       80

Jaya Tuesday, 10 March 2020 09:56 AM

මේ පාරත් මේ නඩය ගෙදර යවමු.

:       0       0

දහනායක Tuesday, 10 March 2020 10:01 AM

නායකතුමාගේ ස යන්නත් ලේකම්තුමාගේ ම යන්නත් හැරුණුකොට තිබෙන ගි යන්න කාගේ නමේ අකුරද ?

:       0       0

Adam Tuesday, 10 March 2020 02:18 PM

සජිත් කවදාවත් අපේ රටේ නායකයා වෙන්නේ නැහැ. වටේ ඉන්න ජාතිවාදී මිනීමරුවන්ට ජනතාව හොඳට සලකාවි. අන්තිමට විපක්ෂ නායකකමත් නැතුව නිකම්ම මන්ත්‍රීකම විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site