IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සමගි ජාතික බලවේගය නොපිළිගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

අජන්ත කුමාර අගලකඩ

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් අද (11) මෙම ඉල්ලීම කර තිබේ.

ජාතික ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ද එජාපය යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය ‘united national power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන් බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.

එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.

 එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලා ඇත.



අදහස් (16)

සමගි ජාතික බලවේගය නොපිළිගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

Champa Tuesday, 11 February 2020 04:58 PM

මොලයක් නෙමේ අලයක් කියලා රනිල්ගේ මොලේ ගැන විමල් ඉස්සර කිව්වට, එහෙමමත් නැහැ නේද? දැන් සජිත් වෙන පක්ෂයක් හදාගෙන ගියාම අලියත් තියාගෙන රනිල්ට යූඑන්පී එකේ නායකයා විදිහට දිගටම ඉන්න පුළුවන්. සජිත් එක්ක රනිල්ට විරුද්ධ තව පිරිසකුත් එළියට යනවා. නියම සුද්ද කිරිල්ල... එක ගලයි කුරුල්ලෝ ගොඩයි.

:       0       1

ravi Tuesday, 11 February 2020 05:07 PM

ඔය ලාංඡන සහ පක්ෂයට දාගෙන තියන නම නෙමෙයි වැදගත් වෙන්නේ. කවුද ඕවා පිටුපස ඉන්නේ කියනෙකයි වැදගත් වෙන්නේ.

:       13       0

Mahesh Tuesday, 11 February 2020 06:11 PM

හාමුගේ කණ්ඩායම බයවෙලා... මේ වගේ අය එක්ක රටක් කරන්න පුලුවන්ද ? සිරිසේනගේ ශ්‍රිලනිපය සහ රනිල්ගේ එජාපයට වෙනම තරග කරන තැනට තල්ලු කරන්න ඕනේ.

:       217       217

de silva Tuesday, 11 February 2020 06:13 PM

රටේ ජනතාවගෙන් 90% රනිල් විරෝධීය. එමනිසා රනිල් නොමැති බලවේගයක් සජිත් පෙරටුකොටගෙන එජාපය නමින් අවොත් එජාප සාමාජිකයන්ගෙන් 80% අනිවාර්යයෙන්ම ඡන්දය දෙනු ඇත. රනිල් නිසා පක්ෂය හැරගොස් තිබෙන පැරණි එජාප සමජිකයන්ගේනුත් 20-30% රනිල්ට පාඩමක් ඉගැන්වීමට සජිත් පිලට ඡන්දය දෙනු ඇත. එහෙම වුනොත් රනිල් ප්‍රමුඛ එජාපයට ලැබෙනු ඇත්තේ 4% -7% අතර ඡන්ද ප්‍රතිශතයක් පමණි . සමහරවිට රවී කරුණානායක වැනි පුද්ගලයන් පෙරටුකොටගෙන සිටින රනිල් පිළට පාර්ලිමේන්තුව නියෝජනයද අවිනිශ්චිත වනු ඇත.

:       253       319

Mahee Tuesday, 11 February 2020 06:43 PM

අන්න හරි, පුළුවන් තරම් කා කොටා ගනිල්ලා. එතකොට පාක්ෂිකයෝ ඇවිත් දෙගොල්ලම රජ කරවයි මෙන්න කියලා. ආණ්ඩුව දෙකොනින් හිනාවෙනවා ඇති.

:       0       3

Wijebahu Tuesday, 11 February 2020 09:36 PM

රනිල් ඉතිහාසේයේ කුණු කූඩයට යන එක වයිමටවත් නවත්වන්න බෑ දැන්.

:       297       334

sudda Tuesday, 11 February 2020 11:34 PM

සජිත් මහත්තයට කොපි කරන්නේ නැතුව මුකුත් කරන්න බැහැ වගේ.

:       184       214

ප්‍රසන්න Wednesday, 12 February 2020 12:36 AM

එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පක්ෂය රකින නායකයෝ සමග පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යාමට සජිත්ට කොතෙකුත් අවස්ථාත් ලැබී තිබුනද ඔහුට ඒ කිසිවක් අවශ්‍ය නොවිය. පක්ෂයට කුමක් සිදුවුවත් ඔහුට ප්‍රශ්නයක් නොමැත. ඔහුට අවශ්‍යව ඇත්තේ ගමේ භාෂාවෙන් කියනවානම් කොක්කෙන් හෝ කෙක්කෙන් පක්ෂයේ නායකයා වීමටය. සජිත් සහ ඔහුගේ කණ්ඩායම සිටිනා තුරු පක්ෂයට අනාගතයක් නොමැත.

:       392       354

Hafeel Wednesday, 12 February 2020 07:48 AM

මමත් කියන්නේ සජිත් පිල එම පක්ෂයෙන් එලියට යායුතුයි. රනිල් ඉන්නකල් පක්ෂයට හෝ රටට කිසිම අනාගතයක් නැහැ. රනිල්ට තමයි ඕන වෙලා තියන්නේ පාක්ෂිකයන්ගේ අකමැත්තෙන් හෝ නායකත්වය රැදී සිටින්න.

:       102       100

Bamunuarachchi Wednesday, 12 February 2020 12:42 AM

සජිත්ගේ ලුණු ගොරකා මදි රනිල් තම්බන්න.

:       4       57

vidya Wednesday, 12 February 2020 02:05 AM

ඕකට හොඳ ඡන්ද ලකුනක් තියනවා. වකුගඩුව. හොඳට පෙරිලා යාවි නැතිනම් හිරවේවී.

:       116       0

nilantha Wednesday, 12 February 2020 04:59 AM

නව පක්ෂ වලට ඉංග්‍රීසි අකුරු දෙන්නේ නෑ. ඒ නිසා ජාජබ වෙනවා. සජිත්ට වෙනස සැපද?

:       50       5

Sanka Wednesday, 12 February 2020 06:10 AM

යුඑන්පි පක්ෂය ජේ ආර්ගේ නායකත්වයෙන් ලලිත් සහ ගාමිණී එකතුව ඒ කාලේ රටේ තිබුණු සද්දන්තම පක්ෂය. ඉන්පස්සේ ප්‍රේමදාස නායකත්වයෙන් ගමේ පොඩි මිනිහට සලකලා රටේ විශාල දෙයක් කලා. ඒත් රනිල්ගේ නායකත්වය යටතේ යුඑන්පී එක අද වෙනකොට වලපල්ලට යවලා ඉවරයි. දැන් මේ පන අදින වෙලාවේ සජිත්ගේ නායකත්වයෙන් "සමගි ජාතික බලවේගය" හදලා ඉදිරි ඡන්දෙට යන්න. සජිත් රටේ මුළු ජනතාවම ඔබ සමගයි.

:       718       430

BamunuarachchiThursday, 13 February 2020 02:52 AM

ගමේ පොඩි මිනිහට ගෙවල් ටිකක් දීපු එක හැරෙන්න කළ සේවය මොකක්ද? ඊට වඩා සේවයක් LTTE එකට කළා නේද?

:       0       0

raman Wednesday, 12 February 2020 08:49 AM

බොත්තම හෝ රිමෝට් එක ඊට වඩා හොඳ නැද්ද?

:       1       1

Amula Wednesday, 12 February 2020 09:52 AM

දැන් තියෙන තත්වය හැටියට මේ දෙන්නාවම හරියන්නේ මේවා අප්පොච්චිගේ ගමේ කියලා තේරෙන්නේ දැන් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 337 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 46 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 144 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 632 4

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 215 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 273 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site