IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සබරගමු සරසවි විරෝධතාවයේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පාර්ලිමේන්තුව පිවිසුමේ මාර්ගයේ දී ඊයේ (03) සවස පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කියා කළ ආකාරය සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේහිදී පොලිසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන්  සාමාජයේ නොයෙක් දෙනා චෝදනා  කරන බවත් එය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත  දැනුම් දී  ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙහිදී පොලිස් නිලධාරීන් කි‍්‍රයා කර ඇත්තේ පවතින නීති රාමුව තුළද නැතහොත් නීති රාමුවට පරිබාහිරින් ද යන්න හෙළි  කරගත හැකි බවද රුවන් ගුණසේකර මහතා කීය.

මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක්  පොලිස් නිලධාරියෙකු තවමත් කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරයත් පැවසීය.



අදහස් (38)

සබරගමු සරසවි විරෝධතාවයේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන පරීක්ෂණයක්

බද්රානි Thursday, 04 April 2019 03:44 PM

මේ රටේ වෙසෙන, යුක්තිය අගයන, නීති ගරුක කිසිදු පුරවැසියෙක් මේ සිද්ධියේදී, පොලිසියට දොස් නගා නැහැ. පොලිසිය ක්‍රියා කල ආකාරය ජනතාව අනුමත කර සිටිනවා. ඒ අතර සිසුන්ව නොමග යවන කල්ලි කණ්ඩායම් පොලිසියට නිකරුනේ දොස් නගනවා වන්නට ඇති. කරුණාකර මේ සිසුන්ව මෙහෙයවන කල්ලි වල නායකයින්ව අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම සිද්ධියේදී, නිසිලෙස රාජකාර කල නිලධාරීන් පිලිබදව පරීක්ෂා කොට ඔවුන් හට උසස්වීම් ලබා දෙන්න. ශ්‍රී ලංකා පොලිසියට ජනතාවගේ උපහාරය!!!

:       582       274

Sanath KandyThursday, 04 April 2019 07:37 PM

මෙතන වැඩි දෙනෙක් මේ ළමයින්ගේ වැරදි විතරයි දකින්නේ. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය නොතිබෙන්න මේ වෙනකොට නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් නෑ. අධ්‍යාපනය ධවල පත්‍රිකාව පරාජය කිරීම, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය වීද්‍යාලය රජයට පවරා ගැනීම ශිෂ්‍ය ව්‍යාපාරය මේ රටේ දරුවන්ට ලබා දීපු ජයග්‍රහණ. විශ්ව විද්‍යාල වලින් පටන් අරන් ගමේ පාසල දක්වා මුදල් අය කරන අධ්‍යාපන ක්‍රමයක් බිහිවෙලා අවසන් අන්තරේ නොතිබෙන්න. ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නත් ළමයින්ගෙන් මුදල් අයකරන තැනට පත් වෙලා. සමහරවිට මෙතන අදහස් දාන අයට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. එත් ඈත පිටිසර ගම්වලට ගිහින් බලන්න. එදා වේල හම්බ කරගෙන කන දුප්පත් අසරණ මිනිසුන්ට තියෙන එකම පිහිට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය විතරයි. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ මට කලින් පරම්පරාව අරගල කරලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර දුන් නිසයි. ඒ නිසා මේ සිසු විරුවන්ට මගේ උත්තමාචාරය පුද කරනවා.

:       806       1279

anuraThursday, 04 April 2019 08:02 PM

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇතිවුයේ '40 දශකයේ ගත් දේශපාලන තීන්දුවක් නිසා මිස, ශිෂ්‍ය ව්‍යාපාරයයක් නිසා නොවේ. විශ්ව විද්‍යාල සිසුන්ට පමණද අද ප්‍රශ්න තියෙන්නේ? අද සරසවි සිසුන්ට "නොමිලේ" අධ්‍යාපනයක් ලබා දීම සඳහා බදු ගෙවන රටේ මිනිසුන් හට ස්ථිර රැකියා සොයා ගැනීම, ගෙවල් කුලී ගෙවීම, ලෙඩකට බෙහෙත් සඳහා මුදල් සොයා ගැනීම, දරුවන් හොඳ පාසලකට දමා ගැනීම වැනි ප්‍රශ්න වලට මුහුණ දීමට ඇත. ඔබ යෝජනා කරන්නේ එවැනි අයටත් පාරේ බෙරිහන් දෙමින් පෙළපාලි යන්ට කියාද?

:       626       707

hesaThursday, 04 April 2019 11:20 PM

ළමයින්ගේ වැරදි දකින්නේ, ඔවුන් ඉගෙන ගන්නවට වැඩ ඉන්නේ මහා පාරේ නිසයි. ඒ ළමයින්ව උසි ගන්වන අයව තමයි මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනේ. ළමයිනේ වැරද්දක් නොදකින අයගේ ළමයින්ව යවනවද පාරට. නිකම්වත් පෙළපාලියකට යවනවාද නැහැ නේද. නැහැ නේද. දුප්පත් අසරණ මිනිසුන්ගේ ළමයින් තමයි මේවට යොදා ගන්නේ. ගුටි කන්නෙත් ඒ අය. තමන්ගේ දරුවන්ට උගන්වා ගන්නවා, දුප්පතා පාරට දාලා මේවා පිටුපස ඉන්න දේශපාලකයින්ට කවදාවත් තැනක් ලැබෙන්නේ නැත්තේ ඒකයි. කැරලි ගසන එකයි, දේපල විනාශ කරන එකයි ඇරෙන්න මොනවා කරන්නේ.

:       30       3

LashanFriday, 05 April 2019 01:56 AM

හැමෝම නිදහස් අද්යපනෙන් ඉගෙන ගන්නේ නෑ. කොළොඹ පාසලට ගියේ සල්ලි ගෙව ගෙවා. අම්මා තාත්තා වැඩ කරලා රජයට බදු ගෙව්වා. නිදහස් අධ්‍යාපනෙන් මට මුකුත් ලැබිලා නෑ. ණයත් නැහැ. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.

:       121       96

BamunuarachchiSaturday, 06 April 2019 10:55 PM

අනුර ඔබ හරි

:       0       1

Dr. Vajira FernandoThursday, 04 April 2019 07:44 PM

මේ නින්දිත පහර දීම පිළිකුලෙන් හෙලා දැකිය යුතුයි. මේ දරුවෝ පාරට බැස්සේ විශ්ව විද්‍යාලයට බදවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිවයි. අසාධාරණය, අයුක්තිය, පාවාදීම ඉදිරියේ අරගල නොකරන තරුණකමෙන් ඇති වැඩක් නැහැ. මේ තමා සැබෑ ලෙසම රටට ආදරය කරන දරුවන්. ඔබේ දරුවා රටේ ප්‍රශ්න වලින් මට වැඩක් නැහැ, මම මගේ වැඩේ ගොඩ දාගන්නවා කියලා හිතන කෙනෙක්නම් කවදාවත් ඔබ වියපත් වුණු දවසක එයාලාගෙන් දරුවන් විදිහට ඔබව යුතුකම් ඉෂ්ඨ කරාවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. තමන්ගේ මව්බිමට ආදරය නොකරන කෙනෙක් කවදාවත් දෙමව්පියන් ගැන බලන්නෙත් නැහැ.

:       450       715

Sapumal.Friday, 05 April 2019 08:11 AM

ඔබතුමා වැනි උගත් අයත් මේ විදිහට හැසිරෙනවා නම්, අන් අය ගැන කතා කුමකටද? මේ දරුවන්ට මුවාවී සිටින්නේ එක්තරා දේශපාලන කල්ලියක්... මේ කල්ලිය මේ අහිංසක සිසුන් ලවා කොස් ඇට බාවා ගන්නවා. විශ්ව විද්‍යාලවල ඇතුලේ තියන සැබෑ තත්වය මෙයයි. ඒත් කියන්නේ වෙනත් දෙයක්. මේ කල්ලියේ මෙහෙයවීමෙන් කොහොමද රටට ආදරේ ඇති අය බිහිවන්නේ. මේ කල්ලිය අතීතයේ රටට බොහොම ආදරේ ඇති දරුවන් බිහිකළා. විශ්ව විද්‍යාලවලින් බෝම්බ අසුවුණා. මේ අය රටට වැඩදායක දරුවන්ද? සිසුන් සටන් කළ යුතුයි. ඒත්, මේ ආකාරයට දාමරිකයන් දඩබ්බරයන් සේ හැසිරීමට උගත් සිසුන්ට පුලුවන්ද? ලංකාවේ විශ්වවිද්‍යාල ලොව පහළ මට්ටමට වැටී තියෙන්නේ මේ වගේ සිසුන් නිසා නොවේද? බද්රානි තුමිය කීවාක් මෙන් මේ අන්තගාමී කල්ලි නායකයන් අල්ලා ඔවුන්ට දඬුවම් කොට සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දිය යුතුය. සිසුන් බුද්ධිමත් වනුයේ එවිටයි..

:       347       505

himalFriday, 05 April 2019 10:02 AM

ආචාර්යතුමනි, ඔය කප්පාදුව කියන වදන හැමදාම මෙයාලා කියන එකක්නේ... පුළුවන් නම් ඔය කප්පාදු කරා කියන ළමයින්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න කියන්න. ඔය ගන්න කියන්නේ විශ්වවිද්‍යාල ඇතුළුවීමේ අත් පොතේ වත් නැති සංඛ්‍යාවක් ගැන...

:       48       54

Dr. Vajira FernandoSaturday, 06 April 2019 06:18 AM

හිමාල් ඔයා මේ ගැන නොදන්නවා වෙන්න පුළුවන්. විශ්විද්‍යාල පාඨමාලාවක ශිෂ්‍යයන් 500ක් බඳවා ගන්නවා නම් පළමු කැඳවීමේදී (මේකට කියන්නේ නැව කියලා) සමහරවිට ශිෂ්‍යයන් 400ක් පමණයි පැමිණෙන්නේ. එවිට ඉතුරු පුරප්පාඩු 100 සඳහා ලැයිස්ස්තුවේ ඊළඟට සිටින සිසුන් 100දෙනා කැඳවිය යුතුයි. (මේකට කියන්නේ බෝට්ටුව කියලා). මෙහිදී ඉතුරු පුරප්පාඩු සඳහා දෙවනවර සිසුන් කැඳවා නැහැ. මෙවැනි කප්පාදුකිරීම් නිතරම සිදුවනවා. එවිට සිසුන් අරගල කරලා තමයි ඉතුරු සිසුන්ට අවස්ථාව අරන් දෙන්නේ. ඉතින් මේ සිසුන්ගේ සටන සාධාරණ නැහැ කියලා ඔබට කියන්න පුළුවන්ද?

:       1       116

thilakSaturday, 06 April 2019 10:58 AM

ඔය කියන පුරප්පාඩු ලැයිස්තුව පාඨමාලාවෙන්, පාඨමාලාවට දිගින් දිගටම සිසුන් කැඳවීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද?

:       0       1

thilak Thursday, 04 April 2019 04:05 PM

මා සිතන්නේ ඒ අවස්ථාවේදී පොලිසිය ක්‍රියා කල ආකාරය නිවැරදිය කියායි.

:       258       228

NissankaFriday, 05 April 2019 09:03 AM

එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න අය පුටු වලින් ගහද්දි, මිරිස් වතුර ගහද්දි පොලිසිය ඔය වගේ බලය පාවිච්චි කරේ නැත්තේ ඇයි? මේ දරුවෝ විශ්වවිද්‍යාලයට ගන්න ශිෂ්‍ය ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිව මේ අරගලය කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්.

:       1       0

Mahee Thursday, 04 April 2019 06:23 PM

බිම වැටුන කෙනාට පයින් ගැසීම බලය ඉක්මවා යාමක්. කැමරා ඉස්සරහ පිටම ඒක කිරීම මෝඩකමක්. ශිෂ්‍යයන් ඉත්තන් වශයෙන් පාවිච්චි කරන බංකොලොත් දේශපාලුවන් කීප දෙනෙකුට ආයුධයක්. ශිෂ්‍යන්ට වීරකමක්. මහ මග හැමදාම මෙහෙම රස්තියාදු වෙවී ඉන්න අපට නම් කරුමයක්!

:       1       172

DulangaFriday, 05 April 2019 09:49 AM

අනේ ඔයා පාරේ ඉන්නේ නැතුව වෙනතැනක හිටියා නම් ඉවරයිනේ. දැන් ඔය වැඩේ කරන්න පාරේම ඉන්න ඕනී නැහැ, ඉස්සරවගේ...

:       7       29

ලක්සිරි Thursday, 04 April 2019 07:06 PM

පොලිසිය මෙතෙක් මේ මහපාරේ දඟලන අය ගැන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබද අප සිටියේ කනස්සල්ලෙන්. නමුත්, රටේ පොදු මහජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට බැදී සිටින පොලිසිය මෙතැනදී ක්‍රියා කල ආකාරය ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි.

:       341       251

Jehaan Friday, 05 April 2019 12:22 AM

කවුරුත් නෙමෙයි තමන්ගේ ළමයාව රටට, මහජනයාට හිසරදයක් වෙන්නේ නැතිව හදන්න බැරිවුන මව්පියන්ව අල්ල ගන්න. පොඩි වයසේ සිටම උගන්වා තිබෙන්නේ අයිතිවාසිකම් ගැන පමණයි රටට පවුලට සමාජයට ඉටු කල යුතු යුතුකම් කොහෙද. අන්තිමට මහගෙවල් වලින් වයසක මව්පියන් එලියට යවන්නේ, බලු කුඩු වලට දමන්නේ, දෑවැද්ද ඉල්ලා මව්පියන්ගේ බෙලි මිරිකන්නේ මෙන්න මේ කොට්ටාශය. ඒ මොකද ඒ දරුවන් දන්නේ බෙරිහන් දී අරගල කර අයිතිවාසිකම් දිනා ගැනීම විතරයි. උසස් පෙළ විතරක් සමත් තරුණයන් පුළුවන් හැටියට රැකියා සොයා ගෙන , මහලු මව්පියන්වත් බලා ගෙන රටටත් හිසරදයක් නොවී ජීවත් වෙනවා.

:       23       53

Praba Friday, 05 April 2019 12:47 AM

පසුගිය දින 52 ආණ්ඩු ප්‍රශ්නයේදී පාර්ශව දෙකම පාරවල් හරස් කරමින් රැස්වීම් පැවැත්තුවා. පොලිසියෙන් මුකුත් කලේ නැහැ. ඇයි කොටස් දෙකකට දෙවිදියකට සලකන්නේ?

:       1       93

samira Friday, 05 April 2019 02:12 AM

පෙළපාලිය විසුරුවන එක එකක් නිරායුද ළමයින්ට බිම දමාගෙන පහරදෙන එක තව එකක් ඒවත් හොදයි කියන මන්දමානසිකයන් ඉන්න රටක් මේක අපි කවද දියුණු වෙයිද?

:       5       138

Chathu Friday, 05 April 2019 02:46 AM

වැස්සකටවත් රජයේ සරසවියකට යන්න බැරි කුහක මිනිසුන්ට සරසවි සිසුන් කෙරේ තියෙන්නෙ පුදුමාකාර තරහක්

:       211       318

KANDEPOLA Friday, 05 April 2019 04:32 AM

අවස්තාවාදී දේශපාලනඥයින්ගේ පස්සේ යන, වහල් වැඩිහිටි පිරිසක් ඉන්න රටේ, ඒ දේශපාලනඥයින්ගේ අසාධාරණකම් වලට පුළුවන් තරමින් ප්‍රතිරෝධයක් දක්වන්නේ ඔය ශිෂ්‍ය ව්‍යාපාර විතරයි. එහෙමෙ නැත්නම් හඬක් නගන්න මිනිහෙක් මේ රටේ නෑ. ඕන හොර වැඩක් මගොඩියක් කරලා ගාලුමුවදොර පිරෙන්න සෙනග ගෙන්නන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔය මෝඩ ඡන්ද දායකයෝ නිසා. පොලිසිය ඒ දරුවන්ට සැලකුවේ හතුරන්ට වගේ. එහෙම පහර දෙන්න පොලිසියට අයිතියක් නෑ. පොලිසියේ වැඩි දෙනෙක් අපා දුක් විදින අය. එත් ඒ අය දන්නේ නෑ ඒ අයට දුක් විදින්න වෙලා තියෙන්නේ අර පාලකයෝ හින්ද කියලා. ඒකයි දැක්ක තැන සැලුට් ගහන්නේ. එකෙන් ගොඩ එන්න තමයි මේ දරුවෝ අරගල කරන්නේ කියලා පොලිසියේ මහත්තුරු දන්නේ නෑ.

:       158       382

diasFriday, 05 April 2019 10:52 AM

මහත්මයා, කල්ලි මානසිකත්වය මත පමණක් පදනම් වූ ඔය ප්‍රතිරෝධ, මේ අය කරන්නේ විශ්ව විද්‍යාල තුල රැඳෙන තාක්කල් පමණයි. මේ උද්ඝෝෂණ ඔය අය මහත් කැපවීමකින් අවංකවම කරනවා නම්, ඇයි ඔය අය විශ්ව විද්‍යාල වලින් එළියට ආපසුත් ඔය වගේම ප්‍රතිරෝධ දක්වන්නේ නැත්තේ? යථාර්තය නම්, මෙවැනි උද්ඝෝෂකයින් හට කළ හැක්කේ පාරවල් දිගේ ඇවිදිමින් බෙරිහන් දීම හැර, ඔවුන් ළඟ සමාජයේ ඇති නියම ප්‍රශ්නවලට පිළියමක් හෝ පිළිතුරක් නොමැති වීමයි. එබැවින්, මා සිතන්නේ ඔබේ අදහස නිකම් පුස් අදහසක් පමණක් වන බවයි....

:       121       121

de silva Friday, 05 April 2019 05:41 AM

අපිට පාරක තොටක යන්න බැහැ ගහල එලවන්නේ නැතුව කුමක් කරන්නද? ඉස්සර සයිටම් එපා කියලා විරෝධතාවයක් කළා. දැන් විරුද්ධ වෙන්නේ මොකටද කියලා අපි තියා උද්ඝෝෂණ පවත්වන මිනිස්සුන් වත් දන්නේ නැහැ. අන්තරෙන් දෙන බෝර්ඩ් ටික අල්ලගෙන පාරේ රස්තියාදු වෙන ගමන් අපේ ගමනාගමනයට භාද කරනවා...

:       42       5

Amila Friday, 05 April 2019 07:22 AM

නොමිලේ දෙන දේ පාවිච්චි කරලා කිසිම කරදරයක් නැතුව පාසලේ ඉගෙන ගන්න අයට ඇයි නොමිලේ දෙන විශ්විද්‍යාලවලින් කරදරයක් නැතුව ඉගෙන ගන්න බැරි. මේවට හේතුව අනවශ්‍ය ඡන්ද පදනමක් වත් නැති දේශපාලන කල්ලි. මේ වගේ ඒවා කොහොමත් දැඩි ලෙස මර්ධනය කරන්න ඕනෑ. නැත්තම් මේවායෙන් වෙන්නේ ආර්ථිකයට ලොකු හානියක්. තියෙන පහසුකම් මදි අයට තියෙන්නේ අයින්වෙලා ඔය හොයන පහසුකම් තියෙන තැනකින් ඉගෙන ගන්න...

:       36       4

බද්රානි Friday, 05 April 2019 07:40 AM

ශාරීරික පෝෂණයට සාපේක්ෂව, මනස නිසි ලෙස පෝෂණය නොවූ, මානසික මන්දපෝෂණයෙන් පෙලෙන සමහරක් ගේ මතය අනුව, ලංකාවේ උසස්[පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණු සිසුන්ට ඉරිසියා කරන පිරිසක් ලංකාවේ සිටිනවා. එවන් මානසික මන්දපෝෂණ රෝගීන් ලංකාවේ ඔය කියන කීපදෙනෙක් හැරුණුවිට, ලෝකයේ කිසිම රටක එවැනි රෝගීන් පිළිබඳ වාර්තා වන්නේ නැහැ. තවමත් උපාධිය පවා ලබා නොගෙන සිටින මේ සිසු ළදරුවන්ට ඉරිසියා කිරීම ගැන සිතීම පවා, එක්තරා විහිළුවක් වගේම මෝඩ කමක්? ඒ කෙසේ වෙතත්, ඒ පුංචි ළදරු සිසුවිරුවන්ගේ මහා අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිට, රජයේ ජාතික පාසලකට පළමුවෙනි පන්තියට කිසිඳු ගෙවීමකින් තොරව ළමයෙකු ඇතුලත් කර ගැනීම, ටියුෂන් මාෆියාව තුරන් කිරීම, ජාත්‍යන්තර පාසල්, උසස් අධ්‍යාපනය සඳහා සිසුන් පිටරට පැටවීමේ ජාවාරම, ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාව හරහා චැනල් කළුකඩ, පෞද්ගලික රෝහල් මාෆියාව, ඇතුළු තව බොහෝ සිහින, ඔවුන්ගේ සිහින ලෝකය තුළම තවමත් සිරවී, සුව නින්දේම පවතින බව අපට නම්, රහසක් නොවේ.

:       130       97

Menaka Friday, 05 April 2019 09:39 AM

රජයේ සරසවියට වැස්සට ගොඩවෙලා මඩ නාගන්නේ මොකටද චතුරි? හොඳ වෘත්තීය අධ්‍යාපනයක් ලබා අත්‍යවශ්‍ය රැකියා කුසලතා සමග හොඳ රැකියාවක් කරන්න අවස්ථාවන් තිබෙද්දී...

:       37       44

Sanath KandyFriday, 05 April 2019 04:46 PM

ඔබේ ඔය වෘත්තීය අධ්‍යාපනයත් උපාධියක් සමගම ගන්න තිබුනානම් ඔබට සතුටු නැද්ද? මේ ළමයි අරගල කරන්නේ අආගත පරපුර වෙනුවෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න

:       43       62

Menaka Friday, 05 April 2019 07:44 PM

සනත් මම ඔබ අහපු නිසා කියන්නේ . මට මුලික උපාධි දෙකක්, පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් , ආචාර්ය උපාධියක් තිබෙන කෙනෙක්. තවත් වෘත්තීය සුදුසුකම් සමග. රජයේ සරසවියට ඇතුලත්ව නවකවදයේ ගොදුරක් වූ මම ගණකාධිකරණය හදාරා රැකියාවක් කර වැඩිදුර ඉගෙනුමට මුදල් එකතුකර පිටරට ගොස් ඔබ උජාරුවට පම්පෝරි ගසන උගත්කම ඉතා නිහතමානිව පිටරටදී ලබා ගත්තෙමි. එහෙත් අදටත් මම කාගේ හෝ වෘත්තීය විභාග සුදුසුකම් අගය කරන්නේ රටට බරක් නොවී රැකියාවක් කරමින් ඉගෙනගැනීමට එයින් ලද පිටුවහල නිසාය .

:       0       1

sanaSaturday, 06 April 2019 06:04 AM

එහෙම අනාගත පරපුර වෙනුවෙන් නම් නවකවදය නිසා පාඨමාලා අත හැරලා යන සිසුන් ගැන මොකද කියන්නේ? ඇයි ඒක නවත්තලා ඒ ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්න බැරි? මේ ඕනම විරෝධතාවයකට බලහත්කාරයෙන් අරගෙන එන්නේ නවක සිසුන්. නැත්නම් සෙනඟ පෙන්වන්න බෑ.

:       37       2

Dr.A. Wickramage Friday, 05 April 2019 09:40 AM

ලංකාවේ ශිෂ්‍ය අරගල සම්බන්ධව දරන ආකල්ප පිළිබඳව යමක් ලිවීම වටි කියා සිතමි. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව සහ අනෙකුත් කාරණා සම්බන්ධව මාධ්‍ය දක්වන්නේ පක්ෂපාති ස්වරූපයක්... ඉස්සර සිටි ජනතාවාදී මාධ්‍ය ශ්‍රේෂ්ටයෝ දැන් නැහැ. දැන් වෙන්නේ සියලු ශිෂ්‍ය අරගල සාමාන්‍ය ජනජීවිතයට බාධාවක් ලෙසයි. මමද විශ්වවිද්‍යාල හදාරන කාලය තුළ චන්ද්‍රිකා ආණ්ඩුව විසින් ගෙන ආ පුද්ගලීකරණ පනත හකුලා ගැනීම වෙනුවෙන් මේ සටන්වල සිටියෙමි. එසේ නොවුනානම් අදවන විට රාජ්‍ය විශ්වවිද්‍යාලයක් සොයා ගැනීමටත් අසීරුයි. නමුත්, මාධ්‍ය හිතාමතාම අමතක කරන සහ නොලියන දේ තමයි. ශිෂ්‍ය අරගලවලට හේතුව.... මා දකින ලෙසට ලංකාවේ සමාජවිද්‍යා සහ කලා පීඨ වල දැවැන්ත මුදල් කප්පාදුවක් සහ ශිෂ්‍ය කප්පාදුවක් වෙනවා. මන්ද, පවතින ආර්ථික රාමුව තුළ සමාජ විද්‍යාවට, කලාවට වෘත්තිමය, ආර්ථික වටිනාකමක් නොදකින නිසා. නමුත් විශ්ව විද්‍යාලයකින් බිහිවන්නේ වෘත්තියවේදියෙක් නොවේ විද්‍යාර්ථකයෙක්. නමුත් 99% සමාජය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා මෙය සිතන්නේ නැහැ. විද්‍යාර්ථකයෙකුට ඕනෑම අංශයක සේවයකළ හැකියි. උදාහරණයක් ලෙස මාගේ පළමු උපාධිය කෘෂිකර්මයයි. නමුත් මාගේ ආචාර්ය උපාධිය නම් කෘත්‍රිම බුද්ධිය ගැනයි.

:       15       353

රවිඳු Friday, 05 April 2019 02:21 PM

Dr.A. Wickramage, ඔබ ඔය කියන ලෙස, මේ දක්වා, ඔය කියන ශිෂ්‍ය අරගල තුලින්ම පන්නරය ලබා උපාධි හිමිකරගත් බොහෝ අය නිලධාරීන් බවට පත්වූවායින් පසුව වෘත්තිකයෙකු නොවන, විද්‍යාර්ථකයෙකු තබා, සහ කම්පනයෙන් (EMPATHY) යුතු, අඩුතරමේ ශිෂ්ඨ සම්පන්න, ධර්මිෂ්ඨ පුරවැසියන් බවට හෝ පත්වී ඇති දැයි අපට නම් සැක සහිතයි. නූගතෙකු හා උගතෙකු අතරේ පැවතිය හැකි හැසිරීම් රටාවේ හෝ යම් වෙනසක් නොමැති බව ඔවුන් විසින් ඔප්පුකර තිබෙනවා. ලෝකයේ සංවර්ධිත රටවලට සාපේක්ෂව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, සියලුම ක්ෂේත්‍ර තුළ පවතින අඩුපාඩු මධ්‍යයේ වුවද, උසස් අධ්‍යාපනය වෙනුවෙන් පැවති රජයන් හා වර්තමාන රජයන් දක්වා තිබෙන දායකත්වය ගැන අප සතුටු විය යුතුවනවා. තමාගේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා අනෙකාව පීඩාවට පත්කිරීම තරම් මිලේච්ඡත්වයක් සැබෑ උගතෙකුට නොමැති බව පමණක් ඩොක්ටර් මහත්තයා තව ටිකක් ඉගෙනගෙන අවබෝධ කරගන්න උත්ස‍‍ාහ කරන්න.

:       150       350

Sanath KandyFriday, 05 April 2019 04:11 PM

අපේ රටේ අවාසනාව ඔබ වැනි උගතුන් නිහඬව සිටීමයි. මෙතන අදහස් දක්වන බොහෝ දෙනෙක් ප්‍රශ්න දෙස පුළුල් මනසකින් බලන අය නොවේ. සමහරක් දේශපාලන පාට කන්නාඩි දාගත් අය. සමහරක් එදිනෙදා තමන්ට මුහුණ දෙන්නට සිදුවන අපහසුතාවයන් ගැන පමණක් සිතා අදහස් දක්වන අය. එබැවින් නිහඬව නොසිට සමාජය දැනුවත් කිරීම සඳහා ඔබ වැනි බුද්ධිමතුන් පෙරට පැමිණිය යුතුයි...

:       1       80

diasFriday, 05 April 2019 05:40 PM

ඔබ සඳහන් කල සමාජවිද්‍යා සහ කලා පීඨ වල මුදල් කප්පාදුව වර්තමානයේ කල යුතු දෙයකි. ඊට හේතුව නම්, මේ පීඨ වල ඉගෙන ගන්නා බොහෝ සිසුන්, උපාධිය නිම වීමන් පසු රැකියා සොයා දෙන මෙන් උද්ගෝෂණ පැවැත් වීමයි. එයින් පෙනී යන්නේ ඔවුන් උගත් දෙය සහ රැකියා වෙළඳපොලේ ඉල්ලුම අතර නොගැලපීමක් තිබෙන බවකි. පසුගිය දශක ගණනාවක් තුල සරසවි වලින් බිහිවූ විද්‍යාර්තකයින්ගෙන් රටට ඔවුන්ගේ නියමිත සේවාව සිදුවුණා නම්, අද ලංකාව සුරපුරයක් විය යුතුයි. නමුත් එවැනි දෙයක් සිදුවුණු බවට පෙනෙන්නට නැහැ. වර්තමාන කලා උපාධිදාරීන් තුලින් එදිරිවීර සරත්චන්ද්‍ර වැනි ප්‍රවීණයන් අද බිහි නොවන්නේ මන්ද යයි ඔබට කිව හැකිද? මහජන බදු මුදල් අධ්‍යාපනය සඳහා යෙදවීමේ ප්‍රතිපත්ති සම්පාදනය සිසුන්ගේ නොව, රජයේ වගකීමක් වන අතර, එහි අරමුණ විය යුත්තේ රටේ ආර්ථිකයට දායක විය හැකි උගතුන් බිහි කිරීමයි. එවැන්නන් වෘත්තියවේදියෙක්ද නැති නම් විද්‍යාර්ථකයෙක්ද යන්න අදාල නොවන දෙයක් බවයි මගේ අදහසයි.

:       62       129

රොෂාන් Saturday, 06 April 2019 05:54 PM

Dr.A. Wickramage පඬි තුමා, අඩු ගානට, ගොම් බානක් හයර් එකට ගන්න ඔබ තුමාගේ දුරකථන අංකය අපට ලබා ගන්න පුළුවන්ද?

:       0       1

BamunuarachchiSaturday, 06 April 2019 11:03 PM

Dr.A.Wickramage මම බොහොම කෙටියෙන් කියන්නම්. ඔබ මොන අර්ථ කතනයක් දුන්නත් දවස අවසානයේ සිදුවන්නේ ඔය සියලුම උපාදිධරීන් විශ්ව විද්‍යාලයක් නොදැක්ක අය යටතේ රැකියාවන් කිරීමයි. උදාහරණ ඕනෙද?

:       0       1

channa Friday, 05 April 2019 12:37 PM

මා සිතන්නේ මෙවැන්නන් පලවා හැරීමට බැටන් පොලු, කඳුළු ගෑස් වලට අමතරව, රබර් බුලට්ද පොලිසියට බාවිතා කිරීමට අවසර දිය යුතු බවයි.

:       24       48

කරුණාපාල Friday, 05 April 2019 03:24 PM

කෘෂිකර්ම විෂයට විශේෂ හපන්කමක් දක්වපු, Dr.A. Wickramage පසුව කෘත්‍රිම බුද්ධිය හැදෑරීම ගැන මට නම් පුදුමයක් නැහැ. එකා පසුපස තවකෙකු ගමන් කර සාම්ප්‍රදායානුකුලව නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න වලිකන ඔබතුමා වැනි බොහෝ අයට, වෙල් ඉපනැල්ලේ නොමිලේම ලබාගත හැකි මඩ සහිත ශරීරයට අවශ්‍ය ජලය, ජනතාවගේ මුදල් වැයකර පොලිසිය මගින් සපයාදීමට සිදුවීම ගැනයි අපට කනගාටු. යහපත්නි ආකල්ප ප්‍රගුණකර ගනිමින්, නිසි අධ්‍යාපනයක් ලබා, ඒ තුලින් රටට සේවයක් කර නිදහස් අධ්‍යාපනය හෝ රටට අවශ්‍ය අනෙකුත් සංවර්ධන කටයුතු වලට දායකත්වය ලබාදී, රට ගොඩ නගනවා වෙනුවට, මහපාරේ රිලා නැටුම් නටලා ජනතාව පීඩාවට පත් කරලා, පොලිසියෙන් ගුටිකාලා, රට ගොඩනගන තියරියක් ගැනද මහා ආචාර්ය තුමා මේ කතා කරන්නේ?

:       268       406

රොෂාන් Friday, 05 April 2019 09:55 PM

Dr.A. Wickramage ,ඩොක්ටර් පඬිතුමා, හීනියට මොළේ තිබෙන පරණ කුණු ගොඩ සේදිලා යන්නත් එක්ක, අලුතෙන් නවීන පන්නයේ කෘතීම බුද්ධියට, මොළය හා සම්බන්ධ, කෘතීම වස්තියක් එතැණට, කර ගත්තොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2277 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1206 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 922 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 402 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 710 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 629 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site