IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සැප වාහන ලියාපදිංචි කරද්දී අත්ට්‍රැක්ටර් චැසි අංක යොදලා

(ඩයනා උදයංගනී)
      
විදේශ රටවලින් ආනයනය කරනු ලැබූ සුපිරි වාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැමුන් අත්ට‍්‍රැක්ටර් සඳහා නිකුත් කරන ලද චැසි අංක යොදා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය විය.
      
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශය ඇතුළු එහි ඉහළ නිලධාරීන් සහ පොලිස් වංචා  විමර්ශන  ඒකකය පාර්ලිමේන්තු කෝපා කමිටුව හමුවට කැඳවා කරුණු විමසූ අවස්ථාවේදී මේ බව  හෙළි වී ඇත.
      
වංචනික  ලිපිගොනු  ඉදිරිපත්  කරමින් වාහන ලියාපදිංචි  කිරීමේ කි‍්‍රයාවලිය  අඛණ්ඩව  සිදුවීම  හේතුවෙන් රජයට  ආදායම්  අහිමි වීම හා ජනතාව අපහසුතාවට  ලක්වීම සැලකිල්ලට ගනිමින් මෙම පිරිස ඉකුත් දා එහි කැ`දවා තිබිණි.
      
එලෙස වංචනික අයුරින් ලියාපදිංචි කළ වාහන මෝටර් රථ ආඥා පනත අනුව රාජ සන්තක කිරීමේ කි‍්‍රයාවලියේ වර්තමාන තත්ත්වය  දැනගැනීම ද මෙහි අරමුණක් විය. 



අදහස් (10)

සැප වාහන ලියාපදිංචි කරද්දී අත්ට්‍රැක්ටර් චැසි අංක යොදලා

ලුම්බිණි Wednesday, 11 September 2019 10:17 AM

බලන බලන පැත්තේ ඉන්නේ හොරු...

:       1       198

kin benatWednesday, 11 September 2019 11:02 PM

මේකට රේගුවත් සම්බන්ධයි. රේගුවට ඉදිරිපත් කරන වාහන නිදහස් කරගැනීමේ ලියකියවිලි අනුව රේගුවෙන් වාහන ලියාපදිංචි කරගන්න නිකුත් කරන ලියකියවිලිත් බලලා තමයි මේ විදියට ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ.. රේගුවෙන් මේ විදියට නිදහස් කරද්දී එක වාහනයකට අති විශාල මුදලක් අතයටින් අයකර ගන්නවා. ඒ මුදල් ඔක්කොම යන්නේ පුද්ගලික ගිණුම් වලට... ශ්‍රී ලංකා රේගුවේ තමයි තම වත්කම් පෙන්නගන්න බැරි විශාලම ධනවතුන් ඉන්නේ. මම හිතන්නේ ඔවුන්ගේ මුදල් තියෙන්නේ බැංකු ගිණුම්වල නෙමෙයි. ගෙවල්වල කාමර ඇතුලේ මිටිබැඳලා ගොඩ ගහලා...

:       1       1

රවින් Wednesday, 11 September 2019 10:22 AM

රාජසන්තක කරලාම ඊට පස්සේ ඔය විභාගේ පැවැත්තුවා නම් හැමෝගෙම නම් ගම් එළියට එනවා. කෝටි ගණන් වියදම් කරලා වාහනයක් අරගෙන එම වාහනය රාජ සන්තක වුණාම කොයි මනුස්සයාද උඩබලන් ඉන්නේ...?

:       105       132

Mahee Wednesday, 11 September 2019 10:42 AM

සමහර විට ඒ සුපිරි වාහන හිමියන්ට ඇත්තේ අත් ට්‍රැක්ටර් පැදවීමේ බලපත්‍ර වෙන්න ඇති...

:       0       23

චන්ද්‍රසේන Wednesday, 11 September 2019 12:36 PM

මෙම ආයතනයේ කටයුතු ගැන නම් කියන්නත් පිලිකුල් ගතියක් තියෙන්නේ. මෙරටට පැජරෝ නැමති ජීප් රථ ගෙනා 1985 පමණ කාලයේ එක් මැණික් මුදලාලියෙකුත් එම වාහනයක් ගත්තා. එය ලියා පදිංචිකර තිබුනේ 41 ශ්‍රී අංකයක් යටතේ... ඒ කාලේ 41 ශ්‍රී කියන්නේ ලොරිවලට. ඒ කාලේ එම වාහනයක වාර්ෂික බලපත්‍ර (ආදායම් බලපත්‍ර) ගාස්තුව 6000 කි. නමුත් එම ප්‍රමාණයේ ලොරියකට හය සීයකි. ඕනෑම බලධාරියෙකුට එම දෙපාර්තමේන්තුවේ ලේඛන අනුව බලන්න පුළුවන් වේවි මා කියනා දේ ඇත්තද කියලා. මුදලාලි සඳට සම්බන්ධ නමක් ඇති අයෙක් බව මතකයි. ආදායම් අහිමිවෙන තවත් දෙයක් නම් වාර්ෂික බලපත්‍ර නොගත් වාහන සඳහා නඩු පැවරීමක් නොකිරීම මිලට ගත් පසුව පවරා නොගෙන සිටීම හා ලියාපදිංචි නොකර වාහන පාවිච්චි කිරීම (ආදායම් බදු වංචා කිරීමට මෙවැනි දේ සිදුකරයි). මේ නිසා වාහන සංගණනයක් සිදුකර බැලුවොත් විශාල ආදායමක් අහිමි වෙන බව පෙනේවි...

:       0       10

වලිමුඛිThursday, 12 September 2019 12:49 AM

මේවා කරන්නේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිතුමාගේ සහෝදරයාගේ පුතා. මොහුව ඉවත් කරනකම් මේවා නවත්වන්නට බැහැ...

:       0       0

kamal Wednesday, 11 September 2019 12:37 PM

අත්වැරදීම් කාටත් වෙන්න පුළුවන් නේද?

:       19       1

kapWednesday, 11 September 2019 12:59 PM

මේ අත්වැරැද්ද කරපු කෙනාට ලක්ෂ ගණනින් වාහනේ අයිතිකාරයා ගෙවනවා. එ්කයි වෙනස..

:       0       139

සෑම් Wednesday, 11 September 2019 01:28 PM

කමල්ගේ අල්ලපු ගෙදර මනුස්සයා අතින් වුණු අතපසුවීමක් නිසාද කමල් මෙලොව එළිය දුටුවේ?

:       0       49

mahinda Thursday, 12 September 2019 05:40 AM

වාහන ලියාපදිංචිය සඳහා වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වන ක්‍රමය විවෘත විය යුතුයි. එම බලය නිලධාරියෙකුට පැවරිය යුතු නොවේ. ලෝකයේ ඇති වාහන සියල්ල වර්ගීකරණය කර, ලියාපදිංචි වර්ගය ප්‍රසිද්ධ කළ යුතුයි. එකම වර්ගයේ වාහන විවිධ කාණ්ඩ යටතේ ලියාපදිංචි වීම අදද සිදුවේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 91 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 554 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 402 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 70 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1459 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3223 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site