IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සැප වාහන ගෙන්වන චක්‍රලේඛය නතර කරන්නැයි පැෆරල් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

ඉහළ පෙළේ දේශපාලඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට වාහන මිලදී ගැනීමේදී ඒ සඳහා එක් වාහනයකට වැය කළ හැකි උපරිම මිල ගණන් පිළිබඳව හා දැනට භාවිත කරන වාහන ඉවත්කර අලූත් වාහන ලබාගත හැකි අවස්ථා ද භාවිත කළ හැකි වාහන ප‍්‍රමාණය පිළිබඳව ද තොරතුරු ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කරන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

එසේ චක‍්‍රලේඛයක් නිකුත් කළ හොත් ඒ මගින් රාජ්‍ය සම්පත් අවභාවිතය වළක්වා ගත හැකිවනවා පමණක් නොව මහජන නියෝජිතයන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවයද රැකෙනු ඇතැයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වෙයි.

1978 න් පසු  පසුගිය දශක 4ක පමණ කාලය තුළ මේ රටේ මහජන නියෝජිතයන් සුඛෝපභෝගී වාහන භාවිතයට දැඩි සේ නැඹුරුවී ඇතැයි ද ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් නොවන විදේශ ණය මත යැපෙන රටකට මෙය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවන්නේ යැයි ද පෙන්වා දෙන එම සංවිධානය පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත්  පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනවලට ගිය වියදම පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය වී ඇතැයි ද පෙන්වා දී තිබේ.

එමෙන්ම එසේ වාහන භාවිත නොකළ බවට ප‍්‍රකාශ නිකුත් වෙමින් පවතැයි ද රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් හා මානව සම්පත් කළමනාකරණය  පිළිබඳව දක්වන ආකල්පය පිළිබඳව අගම සංවිධානයේ ප‍්‍රසාදය පළ කරන බවත් මෙම පාලන කාලයෙ තුළ අධි සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම හෝ රාජ්‍ය මුදල් අවභාවිතයට ඉඩ නොතබනු ඇතැයි විශ්වාස කරන බවද එහි සඳහන් ව ඇත.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අස්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත අද (11) යවා ඇත. 



අදහස් (6)

සැප වාහන ගෙන්වන චක්‍රලේඛය නතර කරන්නැයි පැෆරල් ඉල්ලයි

Bamunuarachchi Tuesday, 11 February 2020 01:56 PM

බොහොම හොඳ යෝජනාවක්. ජානාධිපති තුමනි ඔබේ අවධානයට.

:       1       0

Mahee Tuesday, 11 February 2020 06:50 PM

කවුරුත් දත කට මැදගෙන බලයට එන්නේ සැප විඳින්න නේ මහත්තයෝ. ඉතින් කොහොමද සැප වාහන අත හරින්නේ?

:       1       0

sharm warn Wednesday, 12 February 2020 03:49 AM

අනේ ඇති යන්තම් කවුරුහරි මේ අවකල් ක්‍රියාව ගැන කතා කරනවා. මේ හඬ සාර්ථක ඝෝෂාවක් වේවා කියලා හදවතින්ම පතනවා.

:       1       2

Nuwan Wednesday, 12 February 2020 06:01 AM

ඔය දේශපාලකයන්ට තීරුබදු රහිත වාහන් බලපත්‍ර දෙන එක නවත්තන්න කෙටුම්පතක් ගෙනාවනම් ඉවරනේ, කවුරුවත් ඒක කරන්නේ නැහැ. එයාලට ඕන පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 4,5 ක් යන වාහන විතරයි.

:       0       10

cyril wimalasena Wednesday, 12 February 2020 06:28 AM

සම්පුර්ණයෙන්ම මැති ඇමති වරුන්ට ගෙන්වන සුකොපබෝගී ආදී මිල වාහන වහාම ගෙන්වීම නතර කරන ලෙස අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමු. නැවත පරණ ක්‍රමයට යන්න එපා ජනතාව කුපිත වෙලා ඔබලා බලයට එන්න හිතන්න එපා පරණ කණ්ඩායමට නැවත තරඟ කරන්න දෙන්න එපා. උගත් අයට පමණක් තරඟ කරන්න දෙන්න.

:       0       12

chinthaka Friday, 14 February 2020 01:43 PM

මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාව විදියට අපි කවුරුත් සැපවාහන ගෙන්නනවට විරුද්ධයි. ඒත් "ෆැපරල්" කියන්නේ ඡන්ද අයිතීන් පිළිබඳ වගවිය යුතු සංවිධානයක් මිසක රජයක පරිපාලනය ගැන කතා කරන සංවිධානයක් නෙමෙයි. පළමුව ජනාධිපතිතුමා නිතරම ප්‍රකාශ කරන පරිදි රටේ හැමෝටම හොඳ විනයක් තිබිය යුතුයි. එහෙම නැතුව තැනගේ සීමාවෙන් පිටට ගොස් විවේචන කරමින් ගියහොත් ඔවුන්ටද අත්වන්නේ අර JVP කාරයින්ට පහුගිය ඡන්දෙදී වෙච්ච දේමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 63 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 482 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 171 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 735 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 810 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 576 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 276 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1510 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site