(සුජිත් හේවාජුලිගේ )
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
එම එන්නත් තොග ලැබුණු වහාම එන්නත් කරන වැඩපිළිවෙළේ දෙවැනි අදියර අරඹන බව ද ඔහු කීය .
මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොපාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා ඉදිරි සති දෙකේදී අනුමත කරනු ඇති බවත් එසේ අනුමත කළ වහාම එම එන්නත ද මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ජයසුමන මහතා පැවසුවේය .
සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් දැනට මෙරට ට ලැබී ඇති බවත් මෙරට සිටින චීන ජාතිකයන් හාරදහසකට එම එන්නත ලබාදී ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ ය .
රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා එම තත්ත්වය පාලනය සඳහා සියලු සම්පත් යොදවා තිබෙන බවද ප්‍රකාශ කළේය .
රජයේ එම වැඩපිළිවෙලට සහාය දක්වන්නැයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ වි
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලය
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග ළඟදීම
Asanka Sunday, 25 April 2021 08:50 AM
ඔව් ඔව් ලැබුණ ගමන් එ ටික අරන් කලින් වගේ විඅයිපි ලාට ගහගෙන යයි පින් සිද්ධ වෙයි අපි මළත් කමක් නැ ඔබතුමන්ලාට ජිවත් වෙලා මොකද ජිවත් වෙන්න එරටක් තියෙන්න ඒපැයි
ana Tuesday, 27 April 2021 03:31 AM
දැන් කාලෙක ඉදන් ගේනවා කියනවා. ළගදීම ගේනවා කියනවා. ගේන දවසක් නැ.