IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනය හෙළා දකිනවා - ජනපති

(විනීතා එම් ගමගේ)

සෞදි අරාබියේ මාධ්‍යවේදියෙකු තුර්කියේ දී ඝාතනය වීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා රජය හෙළා දකින අතර මෙවැනි සිදුවීම් ලෝකයේ කිසිඳු තැනක සිදු නොවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

තම නිල කාලය තුළදී කිසිදු මධ්‍යවේදියෙකු ඝාතනයට ලක්වීම, හිරිහැරයට ලක්වීම හෝ රට හැරයාම පිළිබඳ කිසිදු සිදුවීමක් වාර්තා නොවීම පිළිබඳ සතුටු වන බවත් එය වත්මන් රජය ලැබු සුවිශේෂී ජයග‍්‍රහණයක් බවත් සිරිසේන මහතා කියා සිටියේය.

මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටලූ අභියෝග සහ දුෂ්කරතා පිළිබඳ අවබෝධයක් ඇති බැවින් රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව මෙන් ම පෞද්ගලිකව ද මාධ්‍යවේදින්ගේ වරප‍්‍රසාද සහ අයිතින් සහතික කිරීමට තමා කැපවී සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ මානව අයිතීන් ශක්තිමත් කිරීමට තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පියවර රැසක් ගත් බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර එහි නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ද එවා කි‍්‍රයාත්මක නොවීම පිළිබඳ පවතින ගැටලූව කෙරෙහි තම අවධානය යොමුව තිබෙන බව ද සඳහන් කළේය.

ජනාධිපතවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (26) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හත්වන නියෝජිත සමුළුව සහ ගවේෂණාත්මක වාර්තාකරණය පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

 

 

 



අදහස් (3)

සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනය හෙළා දකිනවා - ජනපති

Nuwan Friday, 26 October 2018 02:01 PM

අනේ කට වහගෙන ඉන්න. මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලංකාවේ මාධ්‍යවේදින්ට ඒවා දකින්නේ නැහැ..

:       1       15

ගගන Friday, 26 October 2018 02:24 PM

අනේ ඉතින් මෙයාගේ විරෝධය... ලෝකෙම දැන් හෙල්ලෙයි, තුක් විතරක් කුජීතයි. ශ්‍රී ලාංකිකයන් වන අපි..! ගෙදර ඉඳන්, හඬ නගා... මේ කුජීත පාලනයට විරෝධය පළකරනබව මේ පත්තරය කියවා දැන ගන්න...

:       1       6

de silva Saturday, 27 October 2018 05:40 AM

නිකන් අහක තිබෙන ප්‍රශ්න ඇඟට දමාගන්න මෙයා හරි දක්ෂයි, සෞදියේදී අපේ දහස් ගණනක් ම්ලේච්ඡ විදිහට මරලා පෙට්ටිවල දමලා එවලා තිබෙනවා. ඒවාට ගත්ත පියවර මොකක්ද?

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 140 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 373 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 944 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1230 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 421 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 198 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site