IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුදුවැල්ලේ ලැඟුම්හළක සිටි 13 ක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)          

සැකසහිත ලෙස හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි .

සැකකරුවන් අතර පිරිමි පුද්ගලයෝ 11 දෙනෙක් ද කාන්තාවන් දෙදෙනක් සිටිති. ඔවුහු වයස අවුරුදු 22 ත් 40 ත් අතර වයස්වල පසුවන යාපන, පලෙයි, කිලිනොච්චිය සහ මඩකලපුව ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.

පුද්ගලයින් පිරිසක් මෙම නිවාඩු නිකේතනයෙහි ලැගුම් ගෙන සිටි බවට ලද තොරතුරක් අනුව හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම නිවාඩු නිකේතනය වෙත ගොස් පරික්ෂා කළ අවස්ථාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පිරිස තැරැව්කරුවකු මගින් නිති විරෝධි ලෙසින් මිනිසුන් රැකියා සඳහා ඕස්ට්‍රේලියාව කරා මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් යාමට පැමිණ  බෝට්ටුව පැමිණෙන තෙක් මෙහි ලැගුම් ගෙන සිටි බවට සැක කරයි.



අදහස් (5)

සුදුවැල්ලේ ලැඟුම්හළක සිටි 13 ක් අත්අඩංගුවට

Prabha Thursday, 24 October 2019 07:46 AM

යන කෙනෙක්ට යන්න දෙන්න.

:       0       58

V.warnakulasuriyaThursday, 24 October 2019 10:10 AM

ඇත්තම කතාව. බෝට්ටුවක නැගලාවත් යන කෙනාට ජිවිතයක් ඇත. බොහෝ කාලයක් විදේශ රටවල ජිවත්වෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ ජිවිතයේ අවසන් කාලය සුන්දර රටේ ගෙවන්නට පැමිණෙති. ටික දිනකින් රටේ ඇති නින්දිත තත්ත්වය තේරැම් ගන්නා කව්රුත් නැවත පැදුරටත් නොකියා අවු.71 ක් පාලනය කළ දේශපාලකයන්ට ශාප කර නැවත හිටපු තැනටම පිටත් වෙයි. අඩුම තරමේ වස විස නැතුව කෑම ටිකවත් කාලා ඉන්න පුළුවන් රටක් නම් සිතට දුකක් නැත.

:       0       43

chandana Thursday, 24 October 2019 09:33 AM

අහවල් නාලිකා වල අද හවසට කියාවී යාපනේ සිට පැමිණි කොටි සැකකරුවන් 13 අත් අඩංගුවට ගත්ත කියලා.

:       5       87

sunil Thursday, 24 October 2019 10:04 AM

අනේ මේ අයට යන තැනකට යන්න දෙන්න. ලංකාවේ ඉඳලා හිඟා කන්නද කියන්නේ ?

:       0       42

sugath Thursday, 24 October 2019 10:41 AM

මම හිතන්නේ මේ ගමන සැලසුම්කර කෙනාම පොලිසියට ඔත්තුව දෙන්න ඇති. මේක සැලසුම් කරපු දෙයක් වෙන්න පුළුවන්. අර මිනිසුන්ගෙන් සල්ලි අරගෙන එයාම පොලිසියට කියනවා ඇති. ඊට පස්සේ අර මිනිස්සුන්ට කියනවා ඇති කරන්න දෙයක් නෑ පොලීසියට අහුවුනේ නැත්නම් බෝට්ටුවෙන් යවන්න තිබුනා කියලා. හොයලා බැලුවොත් හොදයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1319 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 185 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 355 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site