IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුදුවෑන් කතාවේ දෙදෙනාම වමාරති

( +++ නිමන්ති රණසිංහ)

“සුදුවෑන් සිද්ධිය ගැන අනිත් පැත්තට ගිහින් නිවැරදි කරන්න හැදුවොත් ඇත්තටම ඔයගොල්ලන්ට සුදුවෑන් එකේ යන්න වෙනවා.” යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට පැවසූ බව මේ සිද්ධියේ සැකකරුවන් ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ප්‍රභාකරන්ගේ රත්රන් සහ විදෙස් මුදල් සාරංගා ජුවලර්ස් වෙත ලබාදී ඒවා මුදල්කර එම ස්වර්ණාභරණ ආයතනය හරහා ගෝඨාභය මහතාට යන බව මාධ්‍ය හමුවේදී පැවසුවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මතයැයිද එම සැකකරුවන් වැඩිදුරටත් පැවසුවේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

මේ සිද්ධියේ සැකකරුවන් වන සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ වටරැක ගමගේ අතුල සංජීව මදනායක නොහොත් ‘උණ්ඩියල් අතුල” යන දෙදෙනා සිය ප්‍රකාශ ලබා දෙමින් එසේ සඳහන් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන්ව ඇත.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන්වන අන්දමට මෙම සිද්ධියේ පළමුවැනි සැකකරු වන සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශය ලබා දෙමින් මෙසේ සඳහන් කර ඇත.

මම රැකියාව වශයෙන් රියැදුරෙකු ලෙස සේවය කරනවා. ඉකුත් ඔක්තෝම්බර් 22 හෝ ඊට ආසන්න දිනයකදී මාගේ සහෝදරයා වන උපුල් තුෂාර සමග අසංක නැමැති අයකුගේ නිවසේදී මත්පැන් පානය කළා. එහිදී එම අවස්ථාවට අතුල සංජීව මදනායක යන අය පැමිණ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඉන් දින තුනකට පමණ පසු මගේ සහෝදරයා වන උපුල් තුෂාර මට දුරකතනයෙන් කතාකොට දැනුම් දුන්නා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල සභාපතිතුමා සමග සාකච්ඡා කළ බව. ඒ සම්බන්ධයෙන් රාජිත ඇමැතිතුමා හමුවී කතා කිරීම සදහා දිනයක් දා ගන්නදැයි ඔහු ඇසුවා. රාජිත ඇමැතිතුමා හමුවන්නේ ඇයිදැයි මම ඔහුගෙන් ඇසුවා. එහිදී ඔහු සඳහන් කළේ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය බවයි. මේ මාධ්‍ය සාකච්ඡාවට තමන්ට ගෙවීමක් සිදුකරන බව සහෝදරයා පැවසුවා. ඒ නිසා මා ඒ අදහසට කැමැත්ත පළ කළා.

 

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 25 හෝ 30ට ආසන්න දිනයකදී රාජිත ඇමැතිතුමා හමුවීම සඳහා කඩවතට පැමිණි කාර් රථයකට ගොඩවී බෞද්ධාලෝක මාවතේ පිහිටි එතුමාග් නිවසට ආවා. එතකොට වෙලාව රාත්‍රී 10.30ට පමණ ඇති. පසුව රාජිත ඇමැතිතුමා අපේ කතාව අහලා, “ඕකේ උඩ කොටස මා ළඟ තියෙනවා. යට කොටස තමයි මට ඕනෑ. සුදුවෑන් කේස් එකේ ඉන්නවා කැප්ටන් කෙනෙක්. එයා සේරම විස්තර කිව්වා. ඒ නිසා අතුලගේ සිද්ධියයි කැප්ටන්ගේ සිද්ධියයි දෙකම කියලා මාධ්‍යහමුවක් තියමු” කියලා කිව්වා. එසේ පවසා “අවශ්‍ය ඩොකියුමන්ට් සහ අවශ්‍ය විස්තර සේරම අපි දෙනවා. මේක කරන්න පුලුවන්ද?” කියා විමසුවා. මේකට කොහොමද ඔයගොල්ලන්ගේ ගණන කියලා ඇමැතිතුමා අසල සිටි මුස්ලිම් අයකුගෙන් විමසුවා. ඔහු ඇමැතිතුමාගේ ලේකම් රූමි කියලා අපි දැනගත්තා. අපි කිව්වා අපට රුපියල් ලක්ෂ 30ක් ඕනෑ කියලා. අඩු කරන්න බැරිද කියලා රූමි අපෙන් ඇහුවා. ඊට පස්සේ රාජිත ඇමැතිතුමා කිව්වා “මේක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ අපි ඔයගොල්ලන්ට උදව් කරනවා. ඉන්න ගෙවල් දෙකක් දෙනවා. ඇමෙරිකාවේ තානාපති කාර්යාලයේ කම්කරු හෝ රැකියා දෙකක් ලබා දෙනවා. පවුල් පිටින්ම එහේ යවනවා” කියලා කිව්වා. ඊට පස්සේ අපි අපේ ගණන ලක්ෂ 20ක් දක්වා අඩුකළා. මේ කතාව කියන්න කැමැති වුණාට පස්සේ කොළයක මුද්‍රණය කළ ලිස්ට් එකක් දුන්නා. එය කටපාඩම් කර ගන්න කියලා කිව්වා. ඒ වගේ කොළයක් අතුලට දුන්නේ නැහැ. එම කොළේ තිබුණ දේවල් කටපාඩම් කළා.

පසුව රූමි මහත්තයා මට නොවැම්බර් 09 වැනිදා කතා කරලා කිව්වා පාන්දර 5ට වාහනයක් එවන්නම් ඒ අය අවශ්‍ය තැනට ගෙනයයි කියලා කිව්වා. අපි කිව්වා සැබෑ මුහුණෙන් අපට ඒවා කියන්න බැහැ මුහුණ වෙනස් කර ගන්න ඕන කියලා. පසුව ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා අපිට වාහනයක් එව්වා. අපි අයි.ඩී.එච් ප්‍රදේශයේ පාලු නිවසට ගිහින් අපේ මුහුණු වෙනස් කරගෙන උඩු රැවුල් සහ යටි රැවුල් දැම්මා. කණ්ණාඩි දැම්මා. පසුව උදේ 10.30 ට ප්‍රජාව කියන තැනට ගොස් මාධ්‍ය හමුවට සහභාගී වුණා. එතැනට යනකොට ඇමැතිතුමා කිව්වා බයවෙන්න එපා මේක මගේ තැනක් කියලා. මාධ්‍යහමුවේදී පැටලුනු තැනක් වුණොත් ඇමැතිතුමා බලන්නම් කියලා කිව්වා. පැය භාගයක් අපි එතැන හිටියා. අපිට රුපියල් ලක්ෂ 20ක් ගෙනත් දුන්නා. මේ මාධ්‍ය සාකච්ඡාවට මා සහභාගී වුණේ රාජිත ඇමැතිතුමා ලබාදීපු උපදෙස් අනුවයි. විශේෂයෙන්ම මට මුදල් ලැබෙන නිසා මේක කළා. රාජිත ඇමැතිතුමාගේ නිවෙස්දී කළ සාකච්ඡාවෙන් පසු මට ලබාදුන් කොළයේ තිබූ කරුණු අසත්‍ය කරුණුයි. මම එහි තිබූ කිසිදු දේකට සහභාගීවෙලා නැහැ. මිනිසුන් පැහැරගෙන යාම, වද හිසංසා පැමිණවීම, ආදී කරුණු මම කිව්වේ මට ලියා දීපු කොළයේ තිබුණ නිසයි. සාරංගා ජුවලරි අයිතිකරුගේ මාර්ගයෙන් ගෝඨාභය මහත්තයාට සල්ලි යනවා කියලා  මාධ්‍යහමුවේදී කියන්න කියලා රාජිත සේනාරත්න මහත්තයා උපදෙස් ලබාදුන්නා. එසේ ප්‍රකාශ කළාට මුලින් රුපියල් ලක්ෂ 10ක් දුන්නා. පවුලේ අයවලුන් සමග ඇමරිකාවේ හෝ එංගලන්තයේ තානාපති කාර්යාලයේ රැකියාවක් කිරීමට අවස්ථාවක් ලබාදෙන බවත් පොරොන්දු වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්වන අන්දමට මේ සිද්ධියේ දෙවැනි සැකකරු වන වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් ‘උණ්ඩියල් අතුල” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශය ලබා දෙමින් මෙසේ සඳහන් කර ඇත.

මා ත්‍රිරෝද රථ රියැදුරෙක් ලෙස රැකියාව කරනවා. ඉකුත් 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වන දින රාගම දුම්රියපොල අසලදී ටී.අයි.ඩී එකේ පොලිස් පරීක්ෂක සමන් මහතා සහ දාස් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මා අත්අඩංගුවට ගත්තා. යාපනයේ සිට කොළඹට ගෙන ආ රත්‍රන් සහ යුරෝ කොල්ලකෑමේ සිද්ධියටයි මාව එලෙස අත්අඩංගුවට ගත්තේ. 2013 වර්ෂයේ නොවැම්බර් මස 01 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයට මාව භාරදුන්නා. පසුව රැඳවුම් නියෝග මත එම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කළා. මගෙන් හෙළිවූ කරුණු අනුව බුලුගහහන්දියේ රුවන්, අංගොඩ ශිරන්ත, පෑලියගොඩ සුසිල් යන අය සී.සී.ඩීයට බාරවුණා. මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අංක 3 හි නඩුවක් පවතිනවා. එසේම, කඳාන ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 10ක මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතිනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනයකට අනුව ඉකුත් 2014 ජනවාරි මස 30 වන දින මා රිමාන්ඞ් කළා. මේ නඩුව සදහා මට අධිකරණයෙන් ඇප  දුන්නේ 2017 වර්ෂයේදීයි. ඇප නියම කළත් ඇප කොන්දේසි සපුරා ගන්න බැරිව ඉඳලා ඉකුත් මාර්තු මස 27 වැනිදා ශරීර ඇපයක් මත මුදා හැරුණා. මගේ හොඳම මිතුරා සරත් කුමාර කියන අය ගම්පහදී හම්බ වුණා. සරත්ට රස්සාවක් නැතිනිසා පොලිස් වසම් දැක්වෙන ස්ටිකර් අලවමින් හිටියේ. සරත් මට කිව්වා මේකට උදව් කරන්න කියක් හරි දෙන්නම් කියලා. මම එළියට ඇවිල්ලා ඉන්නවා කියලා සරත් එයාගේ යාලුවෙකු වන උපුල්ට කියලා. ඒ යාලුවා දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පොල්ගම්පල මහත්තයාට දැනුම් දීලා පසුව තමයි නොවැම්බර් මස 4 හෝ 5 වැනිදා රාත්‍රී 9.00ට පමණ මේ ගැන කතා කරන්න රාජිත අමාත්‍යවරයාගේ ගෙදරට ගියේ. ඇමැතිතුමා මට කිව්වා යාපනයේ සිට රැගෙන ආ රත්රන්වල සහ යුරෝවල අයිතිකරු ප්‍රභාකරන් බව පවසා ඒවා සාරංගා ජුවලරි එකට විකුණා ඒ මුදල් සාරංගා එක හරහා ගෝඨාභයට යනවා කියලා කියන්න කියලා. මාධ්‍ය සාකච්ඡාවට කලින් මට රුපියල් ලක්ෂ 10ක් දුන්නා. ඉතිරිය පස්සේ දෙන්නම් කිව්වා. මාධ්‍ය සාකච්ඡාවට කලින් අයි.ඩී.එච් ප්‍රදේශයේ පාලු නිවසකට ගිහින් මේකප් එක දැම්මා. මාධ්‍ය හමුවේදී රාජිත ඇමැතිමාගේ වම් පැත්තෙන් වාඩි වුණා. එහිදී සරත්ව සුදු වෑන් එකේ අයිතිකරු හා රියැදුරු ලෙස කටයුතු කළ ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු ලෙස හඳුන්වා දුන්නා. මා මගේ නියම නමින් හඳුන්වා දුන්නා. යාපනයේ තිබූ රත්රන් සහ විදේශ මුදල්වලට මොකද වුණේ කියලා තමාව හඳුන්වා දුන්නා. රාජිත ඇමැතිතුමාගේ කතාවට අනුව ඩග්ලස් ලෙසින් පෙනී සිටි සරත් මාධ්‍යකරුවන්ට ෆොටෝ පෙන්නුවා. ඒ ෆොටෝ දුන්නේ ඇමැතිතුමා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් කළැයි කියන මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේ  පසුගිය 16 වැනිදාය.

 



අදහස් (14)

සුදුවෑන් කතාවේ දෙදෙනාම වමාරති

Mahee Thursday, 19 December 2019 05:51 AM

මේ හෑල්ල ඇත්තද බොරුද කියන්න අපි දන්නේ නැහැ. නමුත් මට මතක් වෙනවා විජේවීර රුපවාහිනිය ඉස්සරට ඇවිත් පාපොච්චාරණය කල හැටි. ඒවා එදා කෙරුනේ කොහොමද කියලත් හිතාගන්න ඒ තරම් අමාරු නැහැ. මේක ඉතාම බරපතල සිද්දියක් නිසා අර ස්විස් කාන්තාවගේ සිද්ධියයටත් වඩා සුක්ෂම ලෙස පරීක්ෂණ කලොත් මිසක, ආණ්ඩුවට කොහොම වෙතත් අපට නම් අගක් මුලක් හොයාගන්න බැරිවෙයි.

:       0       0

Ratne Thursday, 19 December 2019 06:21 AM

ජනතාවට මේ අාවා ගැන විශ්වාසය ක්‍රමයෙන් අඩුවෙමින් තියෙන්නේ... විශේෂයෙන් පාටලී චම්පිකගේ වාහන අනතුර පිළිබඳව සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම සහ ප්‍රචාරය නිසා... මහමැතිවරණයේදී අවම වශයෙන් ලක්ෂ 5ක් වත් අඩුකර ගන්නවා මේ විදියට ගියොත්...

:       0       0

nisha Thursday, 19 December 2019 06:25 AM

ලස්සනට ගොතාපු කතා... රාජිතවත් ළඟදීම දේශප්‍රේමයේ නාමයෙන් ඇතුළට...

:       0       0

Mahesh Thursday, 19 December 2019 06:45 AM

කිසිම දේශපාලුවෙක්ගේ ඉත්තෙක් වෙන්න එපා. ඉතිහාසය දිහා බලද්දී අවසානයේ පරිප්පු කන්න වෙලා තියෙන්නේ ඉත්තන්ට. හොදම උදාහරණය නාමල් කුමාර වගේම හිටපු ජනපතිනියගේ පිස්ඩි එකේ ලොක්කා.

:       0       125

kamal Thursday, 19 December 2019 06:45 AM

රාජිතව ඇතුලට දාන්න තව කල් ගන්නේ ඇයි..තවත් සාක්ෂි ඕනද..? නැත්තම් කාගෙන් හරි අවසර ඕනද..?

:       59       92

Wasantha Thursday, 19 December 2019 07:19 AM

දැන් රාජිත අත් අඩංගුවට ගන්න මේ මදිද ?

:       50       677

raheem Thursday, 19 December 2019 07:49 AM

දැන් වමාරිනවා..................

:       0       66

JAYATH Thursday, 19 December 2019 08:03 AM

එයාට මුකුත් වෙන එකක් නැහැ. මොකද මිනිහා මේ ආණ්ඩුවේ උඩම කෙනෙකුගේ සදාකාලික දේශපාලන හිතවතෙක්.

:       2       121

Bandara Thursday, 19 December 2019 09:22 AM

ඇයි රාජිතව අත් අඩංගුවට ගන්නේ නැත්තේ ?

:       5       32

sena Thursday, 19 December 2019 10:08 AM

මට තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙනවා. රාජිත හිටපු ඇමතිතුමා කොහොමද ඉන්න ගෙවල් සහ ඇමරිකාවේ තානාපති කාර්යාලයේ ජොබ් දෙන්න පොරොන්දු උනේ ? අනික දේශපාලන බලයක් නැති කෙනෙක් දෙන පොරොන්දු විශ්වාස කරන මෝඩයෝ කව්ද?

:       0       0

225ත් එලවමු Thursday, 19 December 2019 10:36 AM

කලබල නැතුව බලාගෙන ඉඳිල්ලා...

:       0       0

beau Thursday, 19 December 2019 10:44 AM

මොකද අරාජිතයව අත්අඩංගුවට ගන්න ප්‍රමාද වෙන්නේ?

:       0       0

Darshana Thursday, 19 December 2019 10:48 AM

අහෝ ! යහපාලන රාජිත...

:       0       33

Warnakulasuriya Thursday, 19 December 2019 03:41 PM

මේ වගේ දේශපාලනය කරනවාට වඩා හිඟා කෑවා නම් නම්බුකාරයි. මේ අයව පාර්ලිමේන්තු යවන ජනතාව ගැනයි කණගාටු. තව අවුරැදු පහකින් නැවතත් මේ අය වීරයෝ. මේකයි රටේ තත්ත්වය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 73 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 96 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 170 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 137 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 542 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 915 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site