(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් ළඟ දිනයකදී සලකා බලන ලෙස අවසර ඉල්ලා ගොනු කර තිබූ මෝසමට අද (31) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
ඒ අනුව මෙම රිට් පෙත්සම අගෝස්තු 27 දින සලකා බැලීමට අධිකරණයෙන් දින ලබා දෙනු ලැබීය.
මෙම රිට් පෙත්සම සැප්තැම්බර් 09 වැනිදින සලකා බැලීමට අධිකරණයෙන් දින ලබා දී ඇති බවත් එය ඉතා දීර්ඝ දිනයක් බැවින් සලකා බැලීම සඳහා ළඟ දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම මෝසම ඉදිරිපක් කර තිබිණි.
මෙම පෙත්සම් එල්.ටී.බී.දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලිණි.
සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම එහි සභාපති ඇතුළු එහි සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.
නීතීඥ පේ‍්‍රමනාත් සී.දොළවත්ත මහතා මාර්ගයෙන් ගොනු කරනු ලැබ ඇති පෙත්සම් හී මෙසේද සඳහන් වේ.
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා අවසන් විණි.එලෙස එම පළාත් සභාවේ නිල කාලය අවසන් වී මාසයක් ගත වුවද මේ දක්වාම මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කර නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තිය සහ පළාත් සභා පනතෙහි විධිවිධාන අනුව බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇත.
එහෙත් එම කාර්යය වගඋත්තරකරුවන් ඉටුකර නොමැත.මේ හේතුවෙන් අදාළ පළාත් සභාව තුළ වෙසෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝණය වී තිබෙන බවද පෙත්සම්කරු කියා සිටී.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද සිය රිට් පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත මහතාගේ උපදෙස් මත නීතීඥ කනිෂ්ක විතාරණ මහතා පෙනී සිටියේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘සත්‍ය ගවේෂකයෝ‘‘ගොනු කළ පෙත්සම සලකා බලන්න අවසර