IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සජින් ද වාස්ට එරෙහිව අධිචෝදනා

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධී ක‍්‍රියාකාරකම්වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා මත අද (08) නඩු පවරන ලදී.
 
මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා සිදුකළ විමර්ශනවල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයකුද වන විත්තිකරුට එරෙහිව අධි චෝදනා නැඟීමට නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
 
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹදී නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් රුපියල් 445,111,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දැනම ඉන් රුපියල් 306,268,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
 
විත්තිකරු මුදල් විශුද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.



අදහස් (5)

සජින් ද වාස්ට එරෙහිව අධිචෝදනා

Mahee Thursday, 08 August 2019 07:45 PM

අලුත් නීතිපති තුමා පරණ බරපතල නඩු ඉවරයක් කිරීමට දරන උත්සාහය අපි අගය කරනවා. මෙච්චර කල් ඒවා යටගියේ ඇයි කියල කියනවා නම් ඒවා කියල වැඩක් නෑ.

:       0       0

Chanak los angeles Thursday, 08 August 2019 09:37 PM

දේශපාලන තනතුරක් ලැබුණා කියන්නේ ඇලඩින්ට පුදුම පහන ලැබුණා වගෙයි...

:       0       0

sharm warn Friday, 09 August 2019 03:52 AM

මොකෝ හදිසියේම මෙයාව මතක් වෙලා තියෙන්නේ? කාගේ සල්ලිද මේ පිල්ලි ගහලා තියෙන්නේ? ලංකාව ආසියාවේ මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් කරන්න මුල්වෙලා තියෙන්නේ උත්තරීතරයි කියාගන්න පාර්ලිමේන්තුවේ හිටපු සහ වවුලෝ වගේ එල්ලීගෙන ඉන්න කාලකන්නි සෙට් එක නිසා තමයි. අපි නම් හරිම පව්කාරයන් ටිකක්..

:       0       0

sirimal Friday, 09 August 2019 08:37 AM

මේ මහත්තයාගේ අයියා තවම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉහළම තනතුරක් දරන බව දන්නවද? මොනවා වුණත් එයානම් ඉතාම නිහතමානී දක්ෂ කෙනෙක්...

:       0       39

de silva berlin Friday, 09 August 2019 08:59 AM

මට මතක විදිහට මේ හාදයට විරුද්ධව එක පාරක් මහාපරිමාණ නඩුවක් පවරලා අන්තිමට රුපියල් 5000ක් වැනි සුළු දඩයක් ගහලා මොහු නිදහස් කළා.. මට කියන්න තිබෙන්නේ ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව හරිම දුර්වල සහ අකාර්යක්ෂම එකක්... කරපු මූල්‍ය වංචා සහ දූෂණ ඉතා ඉහළය. මොහු බලයෙන් පහවෙලා දැන් අවුරුදු 4 1/2ක් විතර ගතවෙලත් මොහු කරපු වංචා ඇස්පනාපිටම දකින්න තිබෙද්දී මොහුට දඬුවම් ක‍ර හිරේ අරින්න බැරිවෙලා තිබෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 335 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 163 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 215 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 217 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 441 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3714 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site