IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සජින් ද වාස්ට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කොන්දේසි සහිත ඇප මත ඔහු මුදාහැරීමට අද (05) නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44  1/2 කට අධික මුදලක් උපයා ගත් බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

රුපියල් ලක්‍ෂ 05 ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළකාලමින් කොන්දේසියක්ද පැනවීය.

මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා සිදුකළ විමර්ශන වල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයකුද වන විත්තිකරුට එරෙහිව අධි චෝදනා නැඟීමට නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී දැනුම් දුන්නාය.

 



අදහස් (3)

සජින් ද වාස්ට ඇප

Chanak los angeles Thursday, 05 September 2019 06:12 PM

හොඳ හොඳ සෙල්ලම් ඔන්න බලමු .

:       0       25

de silva berlin Friday, 06 September 2019 01:27 AM

ලංකාවේ රුපියල් 5000 කට වැඩි වංචාවක් කරල කියල සාධාරණ සැකයක් තිබෙනවා නම් රිමාන්ඩ් කරලා උසාවියට ඉදිරිපත් කරනවා , හරි නම් මේ පුද්ගලයා රිමාන්ඩ් කරලා මේ නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකල කඩිනමින් විසදීමට කටයුතු කල යුතුය .රුපියල් කොටි 44 1/2 කියන්නේ සුළු මුදලක් නොවේ , මේවා මහජන සල්ලි ,නැත්නම් මේ පුද්ගලයා රටින් පැනල යන්න පුළුවන් , ගුවන් ගමන් බලපත්‍ර අත්අඩංගුවට ගත්තට මොහු මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති , මොහුට ගුවන් යානා නැවු පවා තිබෙනවා , එහෙම පුද්ගලයෙකුට රටින් පනින එක ඉතා සුළු දෙයක් .

:       0       15

Bamunuarachchi Monday, 09 September 2019 01:45 AM

මෙන්න පට්ට හොරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 36 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 11 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 12 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 558 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 189 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 258 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site