(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයකු අද (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.
‘‘රනිල් මැතිතුමනි දැන් ඇති සජිත්ට නායකකම දෙන්න’’ යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් අද උදෑසන සිට මෙම පුද්ගලයා සත්‍යග්‍රහයේ නිරත විය.
සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය ලබා දෙන තෙක් තමන් මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව සිදු කරන බවත් එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප : ළහිරු හර්ෂණ
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සජිත් ඉල්ලා පුද්ගලයෙක් සත්‍යග්‍රහයක්
Maruwade Friday, 22 November 2019 09:10 AM
මේ අයට ඇත්තෙන්ම වැඩක් නැද්ද මේ අනවශ්‍ය විදිහට දගලන්නේ ? මේ යක්කු තමා එජාපය කන්නේ.
Namal Friday, 22 November 2019 09:18 AM
ෆෙඩරල් ඉල්ලපු සජිත්ට සෙබළෙක් පස්සේ යනඑක හොඳ නැහැ. දැන් රට ගොඩගන්න ගෝඨාභයට ඉඩදෙමු.
Rohana Friday, 22 November 2019 09:31 AM
රනිල්ගේ නායකත්වය දුර්වල නිසා තමයි පක්ෂයට ඡන්ද ගන්න අමාරු... හොඳම දේ තමයි නායකත්වය සුදුසු කෙනෙකුට පවරා නායකත්වයෙන් ඉවත්වෙන එක...
BamunuarachchiFriday, 22 November 2019 11:00 AM
එහෙම නායකයෙක් එජාපෙට වෙන ලෝකෙකින් ගෙනෙන්න වෙනවා. මේ ලෝකේනම් නැත..
ChathuriFriday, 22 November 2019 01:25 PM
ඔයාට බැරිද මහින්දට කියලා ගෙනත් දෙන්න. ඒවාට හරි ප්‍රසිද්ධයිනේ.. යමලෝකෙත් සමගනේ නඩු, කරදර වලට උපකාර ගන්නේ... ලොකු උදව්වක් ඔයාට පුලුවන් නම්...
sisira Friday, 22 November 2019 09:43 AM
අනේ මෙහෙමත් මෝඩයින්...!!
Sugath Friday, 22 November 2019 09:47 AM
අං තට්ටුව නැහැ. මෙහෙමත් බත්කන හරක් ... ගෙදර ගිහින් මඤ්ඤොක්කා ගහකුයි, මිරිස් ගහකුයි හිටවා ගන්න. ඒකෙන් කන්න ලැබෙනවා... මේ වගේ මිනිස්සු හිනස්සවන බූරු වැඩ නොකර...
Bamunuarachchi Friday, 22 November 2019 10:00 AM
මම අහල තිබෙනවා කැහි ගැහැණි දීලා හොටු ගැහැණි ගන්නවා කියන කතාව. රටේ උගත් බුද්ධිමත් ජනතාවට සජිත් නායකයෙක් නොවෙයි.
ChathuriFriday, 22 November 2019 01:32 PM
අනුන්ගේ පක්ෂවල අඩුපාඩු හොයන්නෙත් මෙහෙම තමයි. මුළු රටම හිනැස්සුවා. මහින්ද, මෛත්‍රී රනිල්ගේ පක්ෂය තවම ඒ තත්වයට වැටුණේ නැහැ. ඒක නේද දුක...? ඔය පක්ෂේ නායකයින් කියපු ගහපු රෙකෝඩ් රිවයින්ඩ් කරලා අහනකොට විනෝදසමය මතක් වෙනවා.
ChandiFriday, 22 November 2019 10:52 PM
අයියෝ චතුරි.. නිකන් බොරුවට කියෙව්වට වැඩක් නැහැ. තව අවුරුදු 15ක් වත් UNP එකට ගොඩඒමක් නැහැ.
SamanSaturday, 23 November 2019 05:10 AM
චතුරි කාටද කඩේ යන්නේ? රනිල්ටද? නැත්නම් සජිත්ටද? දැන් දෙන්නම එළිපිටම ලොන්ඩරිය දාන නිසා තමයි අනික් කට්ටිය කමෙන්ට් දාන්නේ. ගෙයි ගින්දර පිට දෙනකොට ඔය තත්වය ඇතිවෙයි කියලා දෙපැත්තම තේරුම් ගන්න ඕනෑ.
මහසෙන් Friday, 22 November 2019 10:25 AM
අසරණ මිනිස්සු නෙවේ..අර සජිත් එනවා සජිත්.එනවා කියලා ලතෝනී දීගෙන.දගලපු කට්ටිය ඔනා..ඔතන වාඩී කරවන්න..තවමත් මිනිසුන්ව අන්දන්න හදනවා.
suranjith Friday, 22 November 2019 10:55 AM
මෙතන කමෙන්ට් දාපු දෙන්නෙක් ඡන්දෙට පෙර අලුත් ආණ්ඩුවට හෝ ගාලා කමෙන්ට් දාපු අය දැන් බොර දියේ මාලු බාන්න මෙතන කමෙන්ට් දානවා. එජාපයේ ප්‍රශ්න විසඳා ගනී ඒ අය... ඔයාලා දෙන්නා ගිහිල්ලා දැන් අලුත් ආණ්ඩුවේ වැඩ බලන්න..
samSunday, 24 November 2019 07:09 AM
තමන්ගේ ගෙයි ගිනි පිටට දීගෙන, කිළුටු රෙදි ප්‍රසිද්ධියේ අපුල්ලන්න එපා කියලා ඔයාලගේ නායකයන්ට කියන්න. එතකොට ඔබේ විරුද්ධවාදියන් කියලා ඔබ හිතන අයට කමෙන්ට් දාන්න දෙයක් නැහැනේ. ප්‍රසිද්ධ වේදිකාවේ ගහමරාගන්න විට ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දක්වනවා තමයි. මේ සෙල්ලම වෙල්ගම සහ චන්ද්‍රිකා පොහොට්ටුවට කරන්න යනකොට ඔබලාගේ හිතවත්තු නිදියන් හිටියේ නැහැ නේද?
විමලසේන Friday, 22 November 2019 10:59 AM
මහත්තයා ඔයා නැගිටලා ගෙදර යන්න. රනිල් මහත්තයා මැරෙනකම් විපක්ෂ නායක. පක්ෂ නායක ලබන ඡන්දයෙන් සජිත්ට කපන අය මනාප වලින් පරදලා ගෙදර යවමු.
narinataka Friday, 22 November 2019 11:32 AM
මේ මිනිස්සුන්ව තවත් රවට්ටනවා නම් ඒ ගැන කණගාටුයි. පැරදුණාට පස්සෙද මතක් වෙන්නෙ රනිල්ට බෑ කියල. ඇයි කලින් නොකිය උන්නේ.. කකුලෙන් අදිනවා කියලා. තමන්ගේ ආසනේ දිනා ගන්න බැරි කයිවාරු කාරයින්ට රනිලුත් මුව හමක් වගේ.. තමන්ගේ නොහැකියාව වහගන්න රනිල්ට ගහන එක විතරයි කරන්න පුළුවන්. ආර්.ප්‍රේමදාස මහත්මයා පොඩි මිනිසුන් එක්ක හිටියේ රඟපෑමට නොවෙයි. ඔහු හදවතින්ම ඔවුන් වෙනුවෙන් අවංකව කටයුතු කල අයෙක්. ඔහුගේ සියළුම දේ නිවැරදි නොවන බව ඇත්තක් වුණත් මේ රටේ දුප්පතුන් වෙනුවෙන් දැනෙන යමක් නිවැරදිව කළේ ඔහු පමණයි. සජිත් මහතාත් ඔහුගේ කල්ලියත් මුලින්ම ප්‍රේමදාස චරිතය ගැන සිතිය යුතුයි. බල තන්හාවෙන් සටන් කරනවාට වඩා එය යහපත් වේවි...
chamath Friday, 22 November 2019 02:10 PM
අනුන්ගේ කොන්ත්‍රාත්තු ගන්න එපා...
janahitha Friday, 22 November 2019 02:54 PM
කාලෙ කනවා. රස්සාවක් කරන්නෙත් නැහැ. දේශපාලකයන් වෙනුවෙන් පාරේ ඉන්නවා.
janahitha Friday, 22 November 2019 02:55 PM
නායකකමට දමමු. නියම පොරක් ...
Gune Friday, 22 November 2019 03:04 PM
අනාගත ආපදා කළමනාකරණ ඇමතිතුමාට ජයවේවා...!!!
Bandara Friday, 22 November 2019 06:02 PM
ඒ පියාණන්ගේ මාවතේ අපිත් යමු.
Sarath Friday, 22 November 2019 11:29 PM
පටන් ගත්ත පමණි. රනිල් යා යුතුමයි.
sisira Saturday, 23 November 2019 01:06 AM
කාලය නාස්ති කරමින් රටටත්, පවුලටවත් වැඩක් නොකර අනාථ දේශපාලුවන් වෙනුවෙන් තවමත් කඩේ යනවා.
වීරවිජේ Saturday, 23 November 2019 03:36 AM
අනේ ඔය සජිත්ව ගිහිං ගෙදරම තියා ගන්න. ඒ අය විතරද දේශපාලනේ කරන්න ඕනේ....?
තරස්තයා Sunday, 24 November 2019 04:08 AM
ඉස්සෙල්ලාම ලංකාවේ දේශපාලනය කරන්න උගත්, බුද්ධිමත්, මහත්මා ගතිගුණ ඇති පිරිසක් අලුතෙන් හොයාගෙන කඩේ යන්න. අනාගතයේදී රට බාරගන්න පුළුවන් සුසුසු අය බිහිවෙලා නැත්තේ මුදලාලිලාට සහ සල්ලාලයන්ට කතිරය ගහපු නිසයි. දැන් ගොඩ එන්න විදියක් නැහැ. කාවවත් විවේචනය කරලා ඵලක් නැහැ . වර්තමාන නායකයන්ගේ කාලය ඉවර වුනාම මොනා වෙයිද ???????
sam Sunday, 24 November 2019 07:05 AM
සජිත්ගේ පිළනම් පුදුම විදිහට හිතන්නේ. එක පාරක් අපේක්ෂකකම ඉල්ලලා හාමුදුරුවරු පෙළපාලි ඇරියා. දැන් පක්ෂ නායකකම ඉල්ලලා නහිනවා. බලෙන් ඉල්ලන් කන්න විතරද දන්නේ ?